යුද හමුදාවේ 583 වැනි බළකාය පඹහින්න හා බලංගොඩ පොලිසි ද සරසවි සිසුන්ද, ගැමියන් ද, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිලධාරීන්ද ඇතුළු පිරිස් සමඟ අද උදේ සිට බලංගොඩ පරෙයියංගල කන්දේ මෙහෙයුමේදී නියඳගල ආරණ්‍ය සේනාසනය පිහිටි ගල් ගුහායේ මුදුණ සොයා ගත්තේය.
බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩගේ මෙහෙයවීම යටතේ සෙබළු 150 දෙනෙක් පමණ මේ මෙහෙයුමට එක්ව සිටිති.
බර යන්ත්‍ර කිසිවක් එම කන්දට රැගෙන යෑමට නොහැකි නිසා ඔවුහු අලවංගු, ශවල්, කූඩා වැනි උපකරණවලින් පස් ඉවත් කරති.
ගල් ගුහාව අඩි තිහක පමණ පස් කන්දකින් යට වන්නට ඇතැයි හමුදාව අනුමාන කරයි.
දැනට ඇති තොරතුරඅනුව ගල් ලෙනේ සිටි හිමියන් වැඩ සිටි කුටිය සොයා ගැනීමට සෑහෙන කාලයක් ගතවෙතියි කියති.























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාවනා කරලා සිත දියුණු කරගත් බලයෙන් මේ ස්වාමින් වහන්සේට කිසිදු අනතුරක් සිදු නොවේවා! (ර)
කිසිදු කරදරයක් නොවේවා මතු බුදුන් දවස රස කළ පිනෙන් නිවන් දකිවා!!! (හේ)
බෞද්ධ භික්ෂුන්ට ගල් ලෙන් වල භාවනා කිරීම තහනම් කියලා නීතියක් ගෙනෙයිද දන්නෑ. අපේ දියවන්නාවේ අය ඒ තරම් සැදැහැවත්. (හේ)
තුනුරුවන්ගේ සුවිසි මහා ගුණ බලයෙන් කිසිදු අන්තරාවක් නොවේවා..(බ)
හිමිනමට කිසිදු අනතුරක් නොවවා! බෙනට් හරි. චතුරි මේකට දේශපාලනය එපා. (ර)
කෝ මේ මහින්ද. වෙනුවෙන්. කෑගසන හාමුදුරුවරු මේ හාමුදුරුවෝ වෙනුවෙන් මහන්සි වෙන්න බැරිද මහින්දව ආරක්ෂා කරන්න කලින්. සාසනේ වෙනුවෙන් වැඩ කරන්න. හාමුදුරුවරු 10000 ක් ඉන්නවා. මහින්දගේ. ආරක්ෂාවට. මේ හාමුදුරුවන් වෙනුවෙන් දෙනමයි (බ)
නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරුප්‍රදිතව ඉක්මනට මුණගැසේවා (බ)
ත්‍රිවිධ රත්නයේ බලයෙන් කිසිදු අනතුරක් නොවේවා (බ)
ඉක්මන් කළොත් මේ හිමියන්ව පණපිටින් ගොඩ ගැනීමේ අවස්ථාව 50% ක් තිබෙනවා .මම මේ ළඟදි දැක්ක දවස් 3 ක් මහා මුහුදු පතුලේ ගිලිච්ච පොඩි නැවක ටොයිලට් එක ඇතුලේ හිරවෙලා හිටිය එම නැවේ අරක්කැමියාව කිමිදුම් කරුවෝ බේරගන්න සත්‍ය වීඩියෝවක් .. ඔහුට එසේ මුහුදු පතුලේ පැය 72 ක් ජිවත් වෙන්න අවස්ථාව ලැබුනේ ඔහු සිටි ටොයිලට් කාමරේට වතුර පිරුණේ නැති නිසා සහ එය තුල ඔක්සිජන් ප්‍රමාණය ඔහුට එසේ ඉන්නට ප්‍රමාණවත් වුණ නිසා (බ)
ඔබ වහන්සේ පැතූ අමා සුවය සාක්ෂාත් වේවා! (බ)
බුද්ධ ශක්තියෙන් කිසිදු උපද්‍රවයක් හිමි නමට සිදුනොවේවා.(බ)
චතුරි පිස්සියෙක්ද? නැත්නම් හැමදේටම හිටපු ජනපති ගාවාගන්න දඟලන්නේ ඇයි? (නි)
චතුරි,මහින්ද මහත්තයා ඇයි මෙතෙන්ට ගාවාගන්නේ. මේකට දේශපාලනය වැඩක් නැහැ (නි)