කූඨ ලේඛන සකසා අලි පැටවුන් තිදෙනකු සන්තකයේ තබා ගත්තැයි භික්ෂූන් තුන් නමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිට වාර්තාවක් නිකුත් කැර ඇත.
නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩබ්ලිව්.ආර්.ජී.සෙනෙවිරත්න මහතා මෙම වාර්තාව සකසා ඇතැයිද වනජීවී ඇමැති එය රජයට බාර දෙනු ඇතැයිද කියති.
මේ අතර වල් අලි පැටවුන් 11 දෙනකු ව්‍යාජ ලියවිලි මත රඳවාගෙන සිටින බවත් කියති.
මෙම භික්ෂූන් වහන්සේලා තුන් නම ශ්‍රී ලංකාවේ නමක් දිනාගෙන සිටින හිමිවරුන් බවද කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තු වත්ත වගේ තිබෙන පන්සලුත් දැන් ලංකාවේ තිබෙනවනේ.... (නි)
ඇත්තටම මේ වගේ චෝදනා එල්ලවන අයගේ චෝදනා ඔප්පු වුණොත් ඒ අයට නීතියෙන් දඬුවම් ලැබෙන්න පෙර භික්ෂුත්වයෙන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් ඇතිකරන්න වෙනවා. මන්ද අපගේ නිර්මල බුදුදහම බේරාගැනීමට අපි පමානොවිය යුතුයි (නි)
අනේ අපිට දේශනා කරන ධර්මය! (නි)
සකුන්තලා සමඟ එකඟවෙමි. බුදු දහම රැකගත යුතු වේ (නි)
අනේ දෙවියනේ! මේ අපි වැඳුම් පිඳුම් කරන ස්වාමින් වහන්සේලාද? (නි)
අනේ අපේ හාමුදුරුවනේ! (නි)
මව්වරුන්ගෙන් ළමා ළපැටියන් බලහත්කාරයෙන් වෙන්කර තැබීම මේ උන්වහන්සේලාට පින්කමකි. හොර ලේඛන සකසා රැවටීම හා ඔප්පුකිරීම සඳහා බොරු කීම තවත් පින්කමකි . හොර බඩු තමන් සන්තකයේ තබාගැනීම තවත් ලොකු පුණ්‍යකර්මයකි . මේවාට උදව් කරන හොර තක්කඩින්ට නොඅඩුව සංග්‍රහ කිරීම තවත් පිංකමකි. (බ)
කොළඹ හත පැත්තේ පන්සලක භික්ෂුවකුත් තම කෝටි ගණනක ණය පලහිලව්වකට අලි පැටව් වගයක් ඇපේට තියාගෙන පොලිසියට අහුවුනා නේද? (බ)
අදාල භික්ෂූන් ඉල්ලා අස්විය යුතුය (බ)
ඔය "ස්වාමින් වහන්සේලා" නොව වෙනත් නමක් සුදුසුය. ඔවුන් කහ පැහැති රෙද්දක් පටලවා ගෙන ගිහියන් කරන සැමදේම එළිපිට හෝ සැගවී කරති (බ)
1998 දී කෝටි ගණනක රත්තරන් ලංකාවට හොරෙන් ගෙනෙන්නට යාමේදී බැංකොක් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත්වී එවකට ලංකා ජනපතිව සිටි ආර්. ප්‍රේමදාස මහත්මාගේ උදව්වෙන් ජීවිතය බේරා ගත් හිමිනමක් අද යහපාලන ආණ්ඩුවේ මහා උපදේශකයෙක්. (බ)
කව්ද මේ තුන් නම ප්‍රසිද්ධ කරන්න බැරිද (බ)
අහෝ අපේ උතුම් සඟ පරපුර! (නි)
මෙහි සඳහන් සංඝයා වහන්සේලා වැඩ සිටින ස්ථාන වලින් එකක් අපේ නිවසේ සිට පොඩි දුරකය. අනික කි.මී. 04 කට සොච්චමක් වැඩියි. අනික තමයි මට තියන ඩොලර් මිලියනයක ප්‍රශ්නය? (බ)
මම දැක්ක පන්නිපිටිය පැත්තේ පන්සලක ඔය පොඩි පැටියෙක් බැදලා ඉන්නවා කකුල හිරවන්නම. උෟ හැමතිස්සෙම හොඩෙන් කකුල අතගානවා. ඔය ජනප්‍රිය කෙනාගෙන් ඇහුවහම ඇහුනේ නැහැ වගේ ඇතුලට ගියා. මේගොල්ල මහණවෙලා තියෙන්නේ බුද්ධාගමෙන් ජීවත් වෙන්න. (බ)
ඉදිරියේදී දැන ගන්න ලැබෙයි කවුද කියා.(හේ)
මේ රටේ නීතියක් නෑ (හේ)
මේවා කරලා මොන ලොවක යන්නද? (නි)
මේ චීවරධාරීන්ගේ නම් අපි නම් දන්නවා. (නි)
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා නේද අපිට නම් උගන්වන්නේ? (නි)
අනේ හාමුදුරුවනේ, මුසාවාදා වේරමණී සික්ඛාපාදං සමාදියාමි නේද? (නි)
අනේ දෙවියනේ මෙහෙමත් දේවල්! (නි)
මේගොල්ලන් කී දහසකට අන්සතු දේ ළඟ තබාගැනීමේ සහ බොරුකීමේ විපාක කියා දෙන්නට ඇද්ද? (නි)
ළඟදිම මේ හිමිවරු කවුද කියා එහෙනම් දැන ගන්න පුළුවන්.(හේ)
අලි ඇතුන් ඇතිකිරීම අද ඊයේ පටන්ගත් ඒවා නොවෙයි. එය අපගේ ලාංකීය හා බෞද්ධ සංස්කෘතික අංගයක්. පන්සල් වල ඇතිකරන අලි ඇතුන් පෙර භවයේ පින්කර ඇති පුණ්‍යවන්ත සතුන්. එම සතුන් වනාන්තර වල සිටිනවාට වඩා ඉතා සැප පහසුවෙන් පන්සල්වල ජීවත්වෙනවා. (නි)
මෙය සත්‍යයක් නම් මේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාද? අහෝ උතුම් බුදු දහම! (නි)