ආබාධිත රණවිරුවන් පිරිසකට ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට සිවිල් ආරක්ෂක බළකායේ සෙබළු උදව් කළහ.
රණවිරුවන් හතර දෙනා බැගින් ඔවුන් ශ්‍රී පාද පද්මය වෙත කලින් රැගෙන යාමට භික්ෂූන් වහන්සේලා ද ඉදිරිපත් ව සිටියහ.
ආබාධිත රණවිරුවන් පිරිසකට ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට සිවිල් ආරක්ෂක බළකායේ සෙබළු උදව් කළහ.
රණවිරුවන් හතර දෙනා බැගින් ඔවුන් ශ්‍රී පාද පද්මය වෙත කලින් රැගෙන යාමට භික්ෂූන් වහන්සේලා ද ඉදිරිපත් ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සන්තෝෂයි මේ වගේ දේවල් දකින්න ලැබීම. බොහොම පින් (නි)
ඔබ වහන්සේලා නිවන් දකිත්වා.සාදු සාදු සාදු ..... (ම)
රටටම ආදර්ශයක්. හැමටම බුදු සරණයී (නි)
මේ හිමියන්ට දීර්ඝායු ලැබේවා! (නි)
ශ්‍රීලාල්, ඔබගේ කියමන තමා කාලෙකින් දකින්න ලැබුන හොඳම කියමන. සමහර රණවිරුවෝ සේවා කාලයටම හිටියේ කූල් කාමර වල. සමහරු කළේ ලොක්කන්ගේ පුද්ගලික කොන්ත්‍රාත්. (නි)
නිටම රණවිරුවා යනු රට බේරාගන්න යුද්ධ කළ උදවියයි. හමුදාවල සාමාජිකයන් වී පුද්ගලික කොන්ත්‍රාත් කළ අය නොවෙයි. මහජනයා නොමඟ නොගොස් මේ ටික තේරුම්ගත යුතුයි. නියම රණවිරුවන්ට මුළු ජාතියම ගරු කළයුතුයි. තෝරාබේරා ගන්න එක තමන්ගේ වැඩක්. වැරදි වැඩ කළොත් හමුදා භටයාත් සිවිල් වැසියාත් එකසේම නීතියට යටත් වියයුතුයි. (නි)
රණවිරුවන් නොසළකාහැරි මේ වගේ කාලෙක මේ වගේ වැඩ ආදර්ශමත්. තරුණ පරපුරට රණබිමට යන අය වීරයෝ කියලා තේරුම් කරන්න ආයෙත් කාලේ ඇවිල්ලා (නි)
යුද්ධය වෙනම කතාවක්. මෙතන තියෙන්නේ වෙනම කතාවක්. හාමුදුරුවන්ගේ චේතනාව තමයි වැදගත්. මේක දේශපාලනයට ගාවාගන්න ඕනෑ නැහැ (නි)
ඔයාලට පිං... (ර)
සිරීපාදෙට කේබල් කාර් දාන්න ගියාම විරුද්ධ වෙච්ච අයට කර ගහගෙන යන්න දුන්නනම්, හෙටම කැමති වෙයි ආයිමත් කේබල් කාර් දාන්න. ලන්කාවෙ අංගවිකල අයට කිසිම පහසුකමක් නෑ..රණවිරුවන්ට ගරු කරනවා කියලා කෑගහනව..හෑබෑයි බස් එකකට, කෝච්චියකට, වෑසිකිලියකට , අඩුමගානේ පාරෙ අයින දිගේ රෝද පුටුවෙන්වත යන්න පුලුවන්ද මේ අසරනයන්ට..ජෝනී බට්ටන්ට අහුවෙලා දාස් ගානක් අසරන වෙච්ච මිනිස්සු.. අනේ පව්..මේ වෑඩේ කරලා මේ පිරිස ඉතා පිනක් කරගත්තෙ (බ)
මේ වගේ හාමුදුරුවරු තමයි රටට අවශ්‍ය (බ)
බොහොම හොද දේවල්. (ර)
රණවිරුවන් කළ කැපකිරීම් අමතක කර දමා ඔවුන් කුණු කුඩේට දමා ඔවුන්ට මිනීමරුවන් යයි සමච්චල් කරමින් සහ ඡන්ද ගිවිසුම් රැකීමට බොරු චෝදනා එල්ල කර ඔවුන් හිරේ දමමින් පවතින මෙවන් සමයක, මෙවන් අවස්ථා දැකීමත් සතුටකි. (බ)
ඔබ වහන්සේලාටත්, අනෙක් සියලු දෙනාටත් යෝධබල,යෝධ ශක්තිය ලැබේවා...(බ)
අති උත්තම පින්කමක්. අති උත්තම ස්වාමීන් වහන්සේ නමක් (නි)
මෙවන් දුෂ්කර ගමන් යනවාට වඩා නරකද වෙනත් සිද්ධස්ථානයක් වැඳලා තමන්ගේ ශ්‍රද්ධාව දියුණු කර ගත්තා නම්. (නි)
මේක වචනයෙන් විස්තර කළ නොහැකි පුණ්‍යකර්මයක් (නි)
ආබාධිතයකුට උදව් කිරීම උතුම් ගුණයක්. නමුත් මට තිබෙන ප්‍රශ්නය මේ හාමුදුරුවෝ මෙය කරගහනතුරු හිනහාවෙවී බලාසිටි එතන ඉන්න අයට මොකක්ද කිවයුතු කියලයි. (නි)
මේ සත් කාර්යය උන්වහන්සේ කරන්නේ 17 වෙනි වතාවට... (බ)
බොහොම උතුම් පින්කමක් (නි)
රටේ මුරදේවතාවන් වන ගරුතර මහා සංඝරත්නය වගේම රටේ මුරදේවතාවන් වුණු අපේ ආරක්ෂක අංශ දෙවිවරුත් අපිට, රටට, රටේ පැවැත්මට කළ මෙහෙය ලංකා පොළව මිහිමත තියනතුරු අපි අමතක කරන්නේ නැහැ. ඔබ වහන්සේලා මෙන්ම ආරක්ෂක දෙවිවරු නොහිටින්න අපිට රටක් නැහැ. වර්තමානයේද ඔබගේ පිහිට ලක් අම්මාට උවමනාම වෙලාවක් (නි)
මහා පුණ්‍යකර්මයකි. සියලු සත්වයෝ සුවපත් වෙත්වා! (නි)
රට වෙනුවෙන්ම අතපය සම දැන් දුන්න ................හෙට මතු පරපුරට රට බෙර දුන්න............... ලක් මවගේ උතුම් දරුවනි නුඹ සැමට .......... දෙවියොත් වදිනවා සැක නැහැ , නුඹලා කල පිනට! (අ)
සාදු සාදු සැමට සමන් දෙවි කරුණාවයි (අ)
කවුරුවක් නැත්නම් උදවු කරන එක වෙනම දෙයක්. මේකනම් එච්චර හොඳ දෙයක් නොවෙයි අපේ හාමුදුරුවනේ (අ)
රණවිරුවන් කළ කැපකිරීම් අමතක කර දමා ඔවුන් කුණු කුඩේට දමා ඔවුන්ට මිනීමරුවන් යයි සමච්චල් කරමින් සහ ඡන්ද ගිවිසුම් රැකීමට බොරු චෝදනා එල්ල කර ඔවුන් හිරේ දමමින් පවතින මෙවන් සමයක, මෙවන් අවස්ථා දැකීමත් සතුටකි. (අ)
දෙනෙතට කදුළු ගෙනදුන් පුවතක්. සැමට පින් අත්වේවා! සමන් දෙවි පිහිටයි (නි)
මේ රටේ ඉන්න වැඩක් නැති දෙශපලුවන්ට මෙවතෙරුන් ගන්න පුලුවන්ද (අ)
මේවට කියන්නේ මොනද කියලා හිතාගන්න බෑ. (බ)
අනේ කොහෙන් හරි ආධාරයක්වත් අරගෙන කේබල් කාර් එකක් සවිකළා නම් සියලුම අබාධිතයන් වයසක උපාසක අම්මලයි සේරම හිමේ කරුණාකරනවානේ. ඒ මදිවට අදායමකුත් ලැබෙනවා.(අ)
මොවුන් රටට කළ සේවය වෙනුවෙන අප පෙළගැසීය යුතු කාලය එළඹ ඇත (නි)
සමහරු කේබල් කාර් දාන්න කියනවා. ඊළඟට බාර් එකකුත් දාන්න කියයි. අපි ඉවසමු දරුවනේ (නි)
මට ගොඩක් සතුටුයි .රණවිරුවන්ට මෙසේ උදව් කල සැමට පින් .! (ර)
ලොකු පිනක් (නි)
මේ රට රැකගන්නට උරදුන් මේ තරුණ ජීවිතවල අගය වටිනාකම මතක ඇති කිහිප දෙනෙක් හෝ සිටීම ඇසට සතුටු කදුළු උපදවන්නට සමත් විය. (නි)
ක්‍රියාවේ උතුම් බව ප්‍රකාශ කිරීමට වචන නැත. රණවිරුවන්ට අපහාස කරන්නවුන්ගේ පොට්ට වූ නෙත් පෑදේවා! (නි)
මෙයට දායකවුණ සියලු දෙනාට බොහොම පින් (නි)
පින් සිද්ධ වෙනවා. (නි)
උතුම් ක්‍රියාවක් (නි)
අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේලාට පින්! සිරිපා වැන්ඳවීම නිසාම නෙමෙයි. මේ අපේ රට වෙනුවෙන් දිවි කැපකොට අද ආබාධිතව ඉන්නා රණවිරුවන් මෙවැනි සමාජ කටයුතුවල යෙදවීම නිසා. (නි)
ජාතියට ආදර්ශයක්. (නි)
මගේ ජීවිතේදී දැකපු සුන්දරම දසුනක්. අතිවිශිෂ්ට ආකාරයේ කළගුණ සැළකීමක්. (නි)
අගය කළයුතු වැඩක්. රට බේරාගත් සෙබළුන්ට සහ නායකයන්ට පහරදෙන අද වැනි දවසක මෙය නම් වටිනාකම අගය කළනොහැකි කටයුත්තකි. (නි)
හිමිවරුන්ගේ සද්ක්‍රියාවත් අතීත සහ දේශපාලන වර්තමාන දේශපාලනයත් පටලවා ගැනීමත් මෝඩකමක්. ආගම දහම සහ දේශපාලනය පටලවා ගැනීම ආගමට ඉතා අහිතකරයි. මේ දෙක ප්‍රවේශමෙන් වෙන්කරගෙන කතාකළ යුතුයි. (නි)
රණවිරුවන් පෝරකයට දක්කනකොට, මේවා දකිනකොට අනේ අපොයි කියා හිතෙනවා. සමන් දෙවි හාමුදුරුවන්ටවත් මේ අවනඩුව දැනේවා! (නි)
හොඳ වැඩක් (නි)
විදුලි සෝපානකයක අවශ්‍යතාවය දැනෙනවා (නි)