
(ගයාන් සූරියආරච්චි, ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
හබරාදුව හරුමල්ගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රි සිදු කළ වෙඩි තැබීමකින් මාළු වෙළෙන්දකු සහ ත්‍රිරෝද රථ රියැදුරකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි තැබිම සිදුකර ඇති අතර වෙඩි වැදුන පුද්ගලයා අසල තිබු ත්‍රි රෝද රථයකට ඇතුලුවනවාත් සමග වෙඩික්කරුවන් ත්‍රි රෝද රථයටද වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.
වෙඩි වැදු පුද්ගලයා සමග ගමන් ගත් තවත් අයකු දිවගොස් බේරි ඇති අතර ත්‍රිරෝද රථය වේගයෙන් ධාවනය කර වෙඩික්කරුවන්ගෙන් බේරි ඇති අතර පවසුව ඔවුන් රෝහලට ඇතුලත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශබන්දු සෑර් නැති පාඩුව තමයි මේ....