පහුගිය දවසක අලුත් ටෙලිනාට්‍යයක මුහුරත් උළෙලක් නුගේගොඩ පැත්තෙ ශාලාවක පැවැත්වුණා.
ටෙලිනාට්‍යයට සම්බන්ධ නළු නිළියන්, කාර්මික ශිල්පීන් වගේම එක්තරා දේශපාලනඥයකු ද මෙම උත්සවයට ආරාධනා ලැබ සිටියා.
උත්සව සභාවේ වැඩ කටයුතු සිදුවෙමින් යන අතරතුර අර දේශපාලන චරිතයටද සභාව අමතන ලෙස ආරාධනාවක් ලැබුණා.
"කලා ලෝකයේ ජනප්‍රිය, ප්‍රවීණ ශිල්පීන්ගෙන් අවසරයි," ඔහු කතාවට මුලපිරැවා.
"මම අද කතා කරන්නෙ මොනවා ගැනද? ඇත්තටම කියනවනම් ටෙලිනාට්‍ය ගැනවත්, කලාව ගැනවත් කතා කරන්න මට එතරම් දැනුමක් නැහැ. ඒ වුණාට මම කියන්න සතුටුයි, මම මේ රටේ සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැතිවරයා," ඔහු කිව්වලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd