IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හැබෑම සිංහල දෙමළ අවුරුද්දක් ලන්ඩනයේ

ලන්ඩන් නුවර මුල් වතාවට සිංහල සහ ශ්‍රී ලාංකික දෙමළ සංවිධාන දෙකක් එකමුතුව අවුරුදු උත්සවයක් පැවැත්වීමට යයි.

මීට පෙර බෞද්ධ විහාරස්ථාන සහ සිංහල සංස්කෘතික සහ කලා සංවිධාන මඟින් පැවැත්වූ අවුරුදු උත්සව  "සිංහල සහ හින්දු අවුරුදු උත්සව" වශයෙන් ප්‍රචාරය කළද ඒවායේ සියලුම වැඩකටයුතු සංවිධානය කරන ලද්දේත් එම උත්සව සඳහා සහභාගී වුයේත් සිංහල පිරිස් පමණකි. 

පසුගිය වසර 20ක පමණ සිංහලයින් විසින් සංවිධානය කරන ලද " බක් මහ උළෙල" යනුවෙන් ප්‍රචාරය කළ සිංහල අවුරුදු උත්සව වලදී "සිංහල සහ හින්දු අවුරුදු උළෙල" කියා උප ශීර්ෂයක් යෙදීමටද බොහෝ දෙනා කටයුතු කර තිබු අවස්ථා නිබඳව දක්නට ලැබිණි.

මෙම උත්සවවලදී  දෙමළ සංස්කෘතික අංගයන් වශයෙන් "භරත නාට්‍යම්" අංග ඇතුළත් කළද බොහෝ විට ඒවා ඉදිරිපත් කරන ලද්දේ සිංහල දැරි දැරියන් විසිනි.

ලන්ඩන් නුවර ශ්‍රී ලංකික ද්‍රවිඩ සංවිධාන  හැම වසරකම පැවැත්වූ අවුරුදු උත්සවයන් හැම විටම ප්‍රචාරය කරන ලද්දේ දෙමළ අවුරුදු උත්සවය වශයෙන් පමණකි.

ඒවායේදී සම්ප්‍රදායික සිංහල අවුරුදු අංග ඉදිරිපත් කිරීමේ වුවමනාවක් දෙමළ සංවිධායිකයින්හට තිබුණේ නැත.

කෙසේවුවද මේ අවුරුද්දේදී එම සම්ප්‍රදායෙන් බැහැරවී සිංහල සහ දෙමළ සංවිධාන දෙකක් එකමුතුවී අවුරුදු උත්සවයක් පැවැත්වීමට යයි. 12 වැනි සෙනසුරාදා දහවල් 2 සිට රාත්‍රී 11 දක්වා ලන්ඩන් නුවර ක්‍රන්ෆර්ඩ් ප්‍රජා පාසලේදී පැවැත්වෙන මෙම අවුරුදු උත්සවය සංවිධානය කෙරෙන්නේ හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම සහ පොටර්ස් පැලස් දේව සභාව විසිනි.

සම්ප්‍රදායික සිංහල සහ දෙමල නව අවුරුදු අංග සහ සංස්කෘතික අංගය ඇතුළත් කෙරෙන බව ජන හඬ පදනමේ සභාපති ශ්‍රී ලාල් ඩයස් පැවසිය.

නර්තන අංගයන් ජන හඬ පදනම සහ මිඩ්ලන්ඩ් සරසි නර්තන කණ්ඩායම මඟින් ඉදිරිපත් කරනු ඇත.

ගීත සංදර්ශනය සඳහා ලන්ඩනයේ සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික ගායක ගායිකාවන් රැසක්ම සහභාගිවීමට නියමිතය, සංගීතය සපයනු ලබන්නේ ශාන්ත ප්‍රමුක සී 7 කණ්ඩායමයි. 

මෙවර උත්සවයේ ආරාධිත අමුත්තන් වශයෙන් ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක  බෝගොඩ සීලවිමල නාහිමි, ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්,හවුන්ස්ලෝ නගර සභා මන්ත්‍රී ජග්දීෂ් ශර්මා සහ ශීම මල්හෝත්‍රා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් නගර සභා මන්ත්‍රී වරුන් සහ නගරාධිපති වරුන් කිහිප දෙනකුම සහභාගී වන  බවද නිවේදනය කර ඇත.

මෙම උත්සවයේ වැඩකටයුතු සාර්ථක කරගැනීමට උදව්කල ජන හඬ පදනමේ කාරක සභාවට සහ සියලුම සාමාජිකයින් හටත් හිත මිත්‍ර සියලුම දෙනාටත්  ස්තුතිය පුදකරන බව ශ්‍රී ලාල් ඩයස් පවසයි.

 

 

 

 

 

 



අදහස් (0)

හැබෑම සිංහල දෙමළ අවුරුද්දක් ලන්ඩනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 511 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1058 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site