IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


'හොබී' එකක් විදිහට මම මොඩ්ලින් කරන්නේ නැහැ

2016-10-25-ent-04

නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙකු වන උමේෂිකා රත්නායක සමගින් මෙවර "සාරවිට" තරු කතා බහ ආරම්භ කරන්නට අපි සුදානම් වුණේමු. දෙරණ රූපවාහිනි නාලිකාව මඟින් මේ වසරේදී සංවිධානය කළ "දෙරණ අවුරුදු කුමරිය" තරගයේදී අවසන් තරගකාරියන් අතරට එක්වු උමේෂිකා මේ වන විට වෙළෙඳ දැන්විම් කිහිපයකද අපට දකින්නට ලැබේ.

 

ඔබ නිරූපණ ක්ෂේත්‍රයට එක් වුණේ මෑතකදී නේද?

2016-10-25-ent-07ඔව්, දෙරණ රූපවාහිනි නාලිකාව විසින් සංවිධානය කළ "දෙරණ අවුරුදු කුමරිය" තරගයට එක්වීමත් ඉන් පසුව එහි අවසන් තරගකාරියන් අතරට එක්වීමත් හරහා තමයි නිරූපණ ක්ෂේත්‍රයට එන්න මාවත විවර වුණේ.

 

ඔබ සහභාගී වු "දෙරණ අවුරුදු කුමරිය" ගැන සඳහනක් කරනවා නම්?

මේ තරගය ගැන මට කිව්වේ චමිත් කියලා ගේ යාළුවෙක්. ඔහුත් මේ තරගයට සහභාගී වුණා. තරගය සඳහා තෝරා ගන්න දවසේ හිටිය පිරිස දැකලා අපි දෙන්නා මේ තරගයට ඉදිරිපත් නොවී ආපසු යන්නත් හැදුවා. තරගය ගැන තිබ්බ ආසාව නිසාම අපි දෙන්නා හිටියා. එදා නම් හිතුවේ අවසන් වටයටවත් එන්න බැරිවෙයි කියලා. නමුත්, මගේ තිබුණ වාසනාවත්,දක්ෂතාවයටත් අවසන් තරගකාරියන් 12 දෙනා අතරට මට එන්න පුළුවන් වුණා. අවසන් තරගකාරියන් අතරේ හොඳම කේෂකල්‍යාණි විදිහට තේරුණෙත් මමයි. ඇත්තටම ඒ තරගය මට හොඳ අත්දැකිමක් ගෙනදුන්නා.

 

දැන් නිරූපිකාවක්ද ඔබ?

ඔව්. හැබැයි වෘත්තිය මට්ටමේ නිරූපිකාවක් නම් නෙවෙයි. ඉඩ ලැබෙන විදිහට තමයි නිරූපණ කටයුතු වලට මම දායක වෙන්නේ. මොකද දැනට මම රැකියාවක් කරන නිසා.

 

ඒ කියන්නේ ඔබගේ විනෝදාංශයක් මේක?

"හොබි" එකක් විදිහට නිරූපණ කටයුතු කරන්නේ නැහැ. නමුත්, රැකියාවත් එක්ක තියෙන කාර්යබහුලත්වයත් එක්ක නිරූපණ කටයුතු කරන්නේ ඉතා අඩුවෙන්. හොද නිර්මාණ වලට ආරාධනා ලැබුණොත් මම දායක වෙනවා.

 

දැනට ඔබ වෙළෙඳ දැන්වීම් කිහිපයකට දායක වෙලා තියෙනවා?

"මොබිටෙල්", "හැටන් නැෂනල් බැංකුව" හා සණස සංවර්ධන බැකුව^ විසින් කරපු වෙළෙඳ දැන්විම් වලට දායක වෙලා තියෙනවා.

 

පුංචි කාලෙත් ඔබ කලාවට දක්ෂයි?

පුංචි කාලේ නම් මගේ හිතේ තිබුණේ කවදහරි ගුවන් සේවිකාවක් විදිහට රැකියාව කරනවා කියලා. නමුත්, පාසල් යන කාලේ මම නර්තන ශිල්පිණියක් විදිහට කටයුතු කරලා තියෙනවා. පාසල් නර්තන කණ්ඩායමේ සාමාජිකාවක් විදිහට සහභාගී වෙලා සමස්ත ලංකා මට්ටමේ පවා ජයග්‍රහණ මම දිනාගෙන තියෙනවා.

 

රංගනයට යොමු වෙන්න අදහසක් නැද්ද?

ආරාධනා නම් ලැබිලා තියෙනවා. රැකියාවත් එක්ක මට ඒ දේවල් වලට සම්බන්ධ වෙන්න වෙන්න බැරි වුණා. රැකියාවත් අලුත් නිසා මට ඒ දේවල් වලට සම්බන්ධ වෙන්න කාලයක් තිබුණේ නැහැ.

 

නිරූපිකාවක් විදිහට ඔබ තෘප්තිමත්ද?

ඔව්, අනිවාර්යයෙන්ම. මොකද නිරූපිකාවක් විදිහට වැඩ කරන්න ලැබුණ මේ කෙටි කාලය තුළදී මාව බොහෝ දෙනෙකු අඳුනගත්තා. ඒ වගේම මගේ රූපය වගේම නමත් අද වන විට යම් පිරිසක් අඳුනනවා.

 

උදව් කළ අය කවුද?

මගේ ගෙදර අය තමයි විශේෂයෙන්ම උදව් කළේ. ඊට අමතරව දෙරණ නාලිකාව තමයි මාව අඳුන්වලා දුන්නේ. මොකද, "දෙරණ අවුරුදු කුමරිය" තරගයට ඉදිරිපත් නොවුණා නම් අද මම මේ ක්ෂේත්‍රයට එන්නේ නැහැ.

 

බුද්ධික සේනාධීර

 

2016-10-25-ent-06
2016-10-25-ent-05



අදහස් (0)

'හොබී' එකක් විදිහට මම මොඩ්ලින් කරන්නේ නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 244 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 416 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 739 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site