බාධා ආවොත් බාධාවන්ට බාධාවක් ගෙන දී අපේ මැයි රැලිය සැලසුම් කළ ආකාරයට ඉදිරියට යනවා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (24) එන්.එම්. පෙරේරා  කේන්ද්‍රයේ මාධ්‍ය හමුවේ දී කීවේය.

“නාරාහේන්පිට ශාලිකා පිටිය ඒකාබද්ධ විපක්ෂයට ලබා දුන්න නිලධාරීන්ට ඕනෑ විදියට නැති කරන්න බැහැ. අපි ශාලිකා පිට්ටනියෙන් පටන් ගන්න කිරුලපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනයේ දී මැයි රුලිය පවත්වනවා. ආණ්ඩුවේ තැති ගැන්ම දෙස බලද්දී අපේ මැයි රැලිය සාර්ථකයි. ලංකා ඉතිහාසයේසාර්ථකම මැයි රැලිය මේ පළවැනිදා පවත්වනවා. හැප්පෙනවානම් අපි හැප්පිලා බලමුකෝ.” යනුවෙන්ද ගම්මන්පිල මහතා කීවේය.

DSC_7058