IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


හපුතලේ නාගරික මන්ත්‍රීවරියකගේ නිවසකින් මත්පැන් තොගයක් සොයාගනී

(සමන් පාලිත නානායක්කාර)

හපුතලේ  නාගරික මන්ත්‍රීවරියකගේ  නිවසකින් අරක්කු බෝතල් 26 ක් , වයින් බෝතල්  15 ක් සහ බියර් කෑන් 48 ඇතුළු මත්පැන්  තොගයක් අද (26)  අත්අඩංගුවට ගත්බව හපුතලේ  පොලිසිය කියයි.

මෙම මත්පැන් තොගය සමඟ මන්ත්‍රීවරියගේ ස්වාමි පුරුෂයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඇඳිරිනීතිය නීතිය අතරතුර මත්පැන් අධික මිල ගණන් වලට  අලෙවි කරන බවට හපුතලේ පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර තිබේ.

ඇදිරි නීතිය අතුරතුර වැඩි මිලට අලෙවි කිරීම සඳහා මෙම මත්පැන් තොගය සඟවා ගබඩා කර තිබූ බව හපුතලේ පොලිසිය කියයි .

 

 



අදහස් (8)

හපුතලේ නාගරික මන්ත්‍රීවරියකගේ නිවසකින් මත්පැන් තොගයක් සොයාගනී

ravi Sunday, 26 April 2020 09:42 AM

ඇයි මේ වගේ අයගේ තනතුරු අහෝසි නොකරන්නේ ..

:       22       101

අතුල සෞදි Sunday, 26 April 2020 09:54 AM

ඉල්ලුම් සැපයුම් න්‍යායට අනුව ඉල්ලුමට සාපේක්ෂව සැපයුම අඩු උනාම මිල ඉහල යනවා. ප්‍රශ්නේ ඒක නෙමෙයි කවුද මේ නාගරික මන්ත්‍රීවරිය? .

:       0       1

chandana - australia Sunday, 26 April 2020 10:26 AM

හොයල බලන්න මෙයා පොහොට්ටුවෙක් නෙමේ ද කියල. 90% ක් වැරදි කරන්නේ පොහොට්ටුවෝ

:       288       388

RaveendraSunday, 26 April 2020 10:56 AM

කවුරු වුනත් වැරදි නම් වැරදිය. එයයි විය යුත්තේ. මෙම අදහස් අප රටේ මුල් පුරවැසියාට කිසිදු වෙනසකින් තොරව කියවීමට හැකිවේවා.. මෙවන් අයට නාමයෝජනා ලබා දෙනවිට සියදහස් වාරයක් සිතා බැලීම වඩාත්ම සුදුසු බව අපගේ හැගීමයි...

:       36       371

විපරමා Sunday, 26 April 2020 11:54 AM

වැඩක් නැහැ. ඒ අයත් හොර දූෂිතයින්නේ?

:       0       0

anuruddhaSunday, 26 April 2020 02:28 PM

වැරදි වැඩකදී පක්ෂය සඳහන් කරන්නේ නැත්නම්, බොහෝවිට පොහොට්ටුවට සම්බන්ධ පුද්ගලයෙක්... යූ.එන්.පී හෝ ජේ.වී.පී. නම් පක්ෂ පට ගාලා විස්තර එන්නේ...

:       0       0

Sarath Sunday, 26 April 2020 03:51 PM

කිසිම දඩුවමක් දෙන එක සූදුසු නෑ. බිලියන් ගනන් හොර වංචා කරපු සියල්ලම යහතින් එලියේ විරාජමාන වෙද්දී, මේ දෙදෙනා කර ඇත්තේ ඉතා සරල දෙයක්. නිකමට කියනව නම් බයි ඇන්ඩ් සෙල් බිස්නස් එකක්. අපේ කම්බහොරුන් කිසිම මහන්සියක් නැතිව කෙලින්ම සල්ලි ටික එකවුන්ට් එකට හරවා ගන්නවාත්.

:       20       20

Aris Sunday, 26 April 2020 04:09 PM

තමන්ගේ නිවසේ බෝතල් ටිකක් තියා ගන්න පුළුවන්. මේවා ගෙවල් වලට පැනල අල්ලන්න කසිප්පු නෙවෙයිනේ? දැන් අපේ ගෙදරත් මම බෝතල් ටිකක් තියන් ඉන්නේ මට ඕන වෙලාවට පොඩ්ඩක් දා ගන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31628 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14043 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 175 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site