අනතුරට පත් ත්‍රී රෝද රියකට රක්ෂණ වන්දි ගැනීම සඳහා ව්‍යාජ පොලිස් වාර්තාවක් දීමට රුපියල් 30,000 ක් ඉල්ලා රුපියල් 20,000ක් ගත්තැයි කියන උප පොලිස් පරීක්ෂකවරයකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසින් ලබන 4 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
හපුතලේ පොලිසියේ උප පරීක්ෂක විශ්‍රාම යාමට මාසයක් තිබියදී මේ සිද්ධියට ගෑවුණු බව පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි සත්‍ය අසත්‍යතාවය හරිහැටි නොදනිමි. නමුත් එය එසේනම් අවසන් මොහොතේ කරගත් කැළල මකන්න මේ ආත්මෙදි නම් බැරිවෙයි. (නි)
පොලිසියේ කීර්තිනාමය ගැන කතාකරන මාධ්‍ය ප්‍රකාශකතුමා මේ ගැන මොකද කියන්නේ කියලා දැනගන්න කැමතියි (නි)
මෙය සත්‍යක් නොවේවා කියල මම ප්‍රාර්ථනා කරන්නම්. වසර ගානක් රාජකාරී කරලා අවසානයේ ලැබෙන්න තියන සියලු දීමනා අහිමිවීම මොනතරම් අවාසනාවක්ද. (බ)