මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් පැහැර ගන්නට ඇතැයි රාජ්‍යාරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතාට දන්වා ඇතැයි හෝමාගම මහෙස්ත්‍රාත් උසාවියේදී අද (16) කියැවිණි.
ප්‍රගීත් එක්නැලිගොඩ සොයාදෙන්නැයි ඔහුගේ බිරිය සන්ධ්‍යා අධිකරණයේ සහාය පතන්නීය.
අතිරේක ලේකම් විසින් යවන ලද ලිපියෙහි පිටපතක්ද උසාවියට ඉදිරිපත් කැරිණි.
මහෙස්ත්‍රාත් වයි ආර් ඩී නෙලුම්දෙණිය මහතා ප්‍රශ්න කළේ එවැනි තොරතුරත් ගැන පරීක්ෂණ පවත්වන පොලීසිය උසාවියට නොදැන්නුවේ ඇයිද යන්නයි. පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා අද සාක්කි දුන්නේය . ඔහු පැවසුයේ මංජුල වෙඩ්වර්ධන නම් මාධ්‍යවේදීයා සමග ප්‍රංශයේ නිවසකට ගිය අවස්ථාවේදී ඔහු විසින් ප්‍රගීත් එක්නැලිගොඩ තමාට පෙන්වන ලද බවයි.ඊට කලින් ඔහු දැක නැති බවත් තම මිතුරා වන වෙඩ්වර්ධන කිදේ විශ්වාස කළ බවත් මන්ත්‍රී පැවැසිය.
ප්‍රගීත් එක්නැලිගොඩ බෙල්ජියමේදී දුටු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා තමා සමග පැවසුවේයැයිද එහෙත් ඔහු ඒ බව පිළිගනිතියි තමා නොසිතන්නේයැයිද ප්‍රනාන්දු මහතා කීවේය.
වැඩිදුර විභාගය ලබන 21 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක බොරුවක් වහන්න බොරු දහසක් ගොතන්න .....අපි අහන් ඉන්නම්. (නදී)
ආණ්ඩුවක් විවේචනේ කිරීම රටකට ද්‍රෝහී වීමක් වන්නේ කෙසේද?රටේ සිදුවෙන සත්‍ය අපි දකින්නේ (අ)
මුට පොඩිකාලේ ඉදන්ම පිස්සු.පේන්නේ නැද්ද මූන දැක්කම. (අ)
ගුරා හෝමගම උසාවියේදී සාක්කි දෙයි. ගෝලයා නාමයෝජනා මන්ඩලයේ සාක්කි දෙයි. මේවාට දෙයියෝ සාක්කි.(නදී)
කාල ගෝල චරිතයට නම් කියාපු හාදයා.(අ)
කොහොමද රටකරවන තැනට ගියේ? (ත)
ඇත්තටම මමත් දැක්කා මෙයා එක්ක තව කවුද පුත්තලම පොලේ කුණු වගයක් හාර හාර ඉන්නවා. කකුල් හතරක් තිබුන නිසා මට හඳුනාගන්ට බැරි වුනා.(නදී)
මේ මන්ත්‍රීතුමාගේ කතාව ඇත්ත බව මුහුණෙන් පේනවා. (නි)
කොහොමත් මේ පාර විතරනෙ ඊලඟ පාර ගෙදර (අ)
බොරු කියන්නා බොරු නොකිමෙන් දිනයි (අ) (ධර්ම පදය )
දේශපාලකයෝ මීට වඩා වැදගත් වෙන්න ඕන කියන එකයි මගේ අදහස.. (අ)
මෙයාටත් අමතක වෙන ලෙඩේ බෝවෙයිද දන්නේ නෑ. අනේ මන්ද, මෙයාල කොහොම ජනතා සේවය කරනවද කියල. (අ)
ප්‍රදීප් ප්‍රන්ශේ නම් නෝනට ඉතාලියට වීසා අරගෙන දෙන්න ඉතාලියෙන් ප්‍රන්ශේ යන්න පුළුවන්. අපරාදේ අධිකරණයේ කාලය නාස්ති කරන්නේ.(නදී)
දැක්කද මන්ත්‍රීගේ මුනේ පින් පාට.(නදී)
ආණ්ඩුවට එරෙහිවීමයි රටට එරෙහිවීමයි දෙකක් මිස එකක් නෙමෙයි. රටට එරෙහි වුන අය අදත් ඉන්නවා. (නි)
අහෝ මෙහෙමත් පිස්සන්ගේ කෙරුම් කියුම් දකින්න අහන්න අපි ලද වාසනා ගුණය කෙතරම් අගනේද? (නි)
මෙතුමාගේ පෙනුම මන්ත්‍රී කෙනෙකුට ගැලපෙනවා. වැඩත් ඒ වගේම විය යුතුයි. (නදී)
දේශපාලනයට මුලික සුදුසුකම අමතකවීමනේ. ඒ නිසා මේ වගේ දේවල් වලට මෙයාලම තමයි සාක්කි වලට හොද. අද අපේ රටේ තියන නීතියට අනුව.(නදී)
ප්‍රගීත් එක්නැලිගොඩ දේශයට ද්‍රෝහියෙක් වුනත් ඔහුටත් මානව හිමිකම්ජීවිත අයිතිය තිබිය යුතුමයි. මාධ්‍ය වේදීන් ටික දෙනෙක් ආත්ම ලාභය වෙනුවෙන් රට පාවා දුන් බවත් ඇත්ත. ඒත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මීට වඩා වගකීමෙන් කතා කරන්න ඕනේ. කට වාචාල වුනාටම හරියන්නේ නැහැ.(නදී)
ඇත්ත තමා බොරුව මුහුණෙන් පෙනෙය් (නිකම් මාසේ පෝය වගෙයි ) (අ)
රජයට් විරුද්ධව ලියන මාධ්‍යවේදීන් තුරන් කිරීම ඉතිහාසයේ තිබුනා. මතකද රිචඩ් සොයිසා මාධ්‍යවේදියාට වුන දේ? දැන් කිඹුල් කඳුළු හෙලන කවුරුත් කළේ එයයි (නි)
මේ වගේ මෝඩ අදහස් දක්වන අයට පිළිතුරු දෙනවට වැඩිය අපිට වැඩ තියෙනවා (දී)
ෂාෂාෂා....මන්ත්‍රීවරයා පිටුපසින් එන පිරිවර දැක්කම මන්ත්‍රීවරයා ගැන ඇතිවන ගෞරවය කියා නිම කල නොහැක.(නදී)
අන්තිමට කියයිද දන්නෙ නැහැ, ප්‍රගීත් ඉන්නවා කියලා මම දැක්කේ හීනයක් කියලා. පව් අනේ පොඩි බබෙක් වගේනේ.(නදී)
ලංකාවෙ උසාවි විහිලුවට අරන් දැන් සමහරු. (නි)
දැනට මාස කිහිපයකට කලින් හදුනෙත්ති මන්ත්‍රීතුමා පළමු වරට හමුවූ අවස්ථාවේදී ශ්‍රිලංකාවේ තොරතුරු සහ ප්‍රගීත් ගැන මම එතුමාගෙන් විමසුවා. එතුමා එවැනි දෙයක් කීවේ නැහැ. (නදී)
මේ මන්ත්‍රීතුමා රුපවාහිනී වැඩසටහන්වලදීත් අල්ලේ පැලවෙන බොරුකියනවා, මේ බොරුව වහගන්න තව බොරු දහසක්වත් කියයි. (අ)
මීට කලිනුත් එක්කෙනෙක් ජිනිවා වලදීත් කිවුවේ ඔයවගේම කතාවක් (නි)
එතුමා අතුරුදහන් වී කොපමණ කාලයක්ද (දී)
එක්නැලිගොඩ අතුරුදහන් වුනාද අතුරුදහන් කලාද කියලා මම හරියටම දන්නේ නැහැ.ඒ නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ.නමුත් එක්නැලිගොඩ කියන කෙනාට මගේ නම් කැමැත්තක් නැහැ. සමහරවිට අරුන්දික මන්ත්‍රීතුමා කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්. (නි)
මොහු කියන්නේ බොරුවක් කියලා තමයි මට හිතෙන්නේ (දී)
මේ වගේ දෙයක් ගැන මෙතුමා බොරු කියයි කියලා හිතන්න පුලුවන්ද (දී)
මේ වගේ දේවල්වලට ප්‍රචාරයක් දෙනේන හොඳනෑ (අ)
දැන් ටික ටික මැතිවරණයෙන් පරදින බව තේරෙනකොට සිහි විකල් වෙනවා , ඕකයි ඔය (අ)
පෙන්නෙද්ද මුනේ හැටි මෙයාව රෑට දැක්කොත් තොවිල් නටලා නුල් බඳින්න වෙයි. මොන තරම් පින්කරලද කියලා මුණ දිහා බැලුවම තේරෙනව ඇති නේ. මෙහෙම අයට නේද අපි ඡන්දෙ දීලා තියෙන්නේ.(නදී)
අරය කිව්වා මෙයා කිව්වා......හරියට දෙකේ පන්තියේ ළමයි වගේ නේ. (අ)
සමහරු දැන් අධිකරණයත් විහිලුවට අරගෙන. අධිකරණය තීන්දු දෙනවා. අපි බලාගෙන ඉන්නවා (නි)
අරුන්දිකගේ කතාව වගේම අපිරිසිදුයි එම ස්ථානය. අනේ .. ඔය උසාවියේ බිත්තිද? ඕවට හුණු ටිකක් ගාන්න කවුරුවත් නැද්ද? (නදී)
මන්ත්‍රීතුමා හරි පින්පාටයි......!!! (නි)
පේනවා නේද මහ අයගෙන් බේරන්න මේ අය රොද පිටින් බොරු කියන එන ආශ්චර්ය. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලෙඩක් දාලා හින්දා කල් මරන්න බොරු ගොතනවා. බඩවල් තව ලොකු වෙලා පැලිලා යාවි කියන මුසාවන් වලට. සදනී ඔයාලා හිතන්නේ ආණ්ඩුව කරන වැරදි ගැන ලියන එක දේශද්‍රෝහී වැඩක් කියලද?(නදී)
පුත්තලමේ ඉන්නේ කව්ද කියලා ඔයගොල්ලෝ දන්නවා නේද? (නි)
මොකද එහෙනම් කතා කලේ නැත්තේ (දී)
එම්.එස් ප්‍රනාන්දුගේ මල්ලිකෙනෙක් මෙයි (අ)
ප්‍රදීප් ප්‍රංසයේ සරණාගතයෙක් වෙලා ඉන්නවා නම් එයා ඉස්සරලාම කරන්නේ දරුවොයි බිරිදයි ගෙන්වා ගැනීම. ඒක ප්‍රංශ තානාපති කාර්යාලය මගින් ඉතා යුහුසුළුව කරන දෙයක්. ඒකට සම්පුර්ණ සුදුසුකම තියෙනවා. මෙහෙට පවුල් පිටින් එන්නේ ඒ අය තමයි.(නදී)
මේ සඳුනි, ඔය දේශද්‍රෝහී කියලා ලේබල් අලවන්න ඔයා බාවිත කරන මිනුම් දණ්ඩ මොකක්ද කියනවද? නිකන් කට තියෙන පලියට මිනිස්සුන්ට ලේබල් අලවන්න එපා. ප්‍රගීත් කියන්නේ රටට ආදරෙන් රටේ වෙන වැරදි ගැන ලියපු මනුස්සයෙක් , ආණ්ඩු විරෝදී වෙබ් සයිට් එකක. දේශද්‍රෝහී වෙන්නේ දේශයේ වෙන වැරදි වළක්වාගන්නේ නැතුව අන්දයෝ වගේ ඉන්න, නැත්නම් දේශයට අයහපතක් කරන පුද්ගලයන්ට. තේරුනාද?ඒ මනුස්සයට ලස්සන කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් එයා තමුන්ගේ රටට අවැඩක් කරනවද? තමන්ගේ පවුල ජීවත් වෙන,මේ රට සියලු දෙනාට අයිතියි. ඒ අයගේ විවිද අදහස් තිබ්බත්. (නි)
මුට පොඩිකාලේ ඉදන්ම පිස්සු (අ)
දෙවියන් විසින් යක්ෂයා විනාශ කිරීමට පෙර යක්ෂයාව පිස්සු වට්ටනවා. මේකත් ඒ වගේ තමයි. සුදු පොරවාගත් යක්ෂයාගේ මුහුණ ඔබලාට පළමුවන පින්තුරයෙන් නොපෙනේද?(නදී)
කව්රුහරි මෙයාගේ මූන හුළුගාල තියනවා මමහිතන්නේ ...? ඒ හුළු අතු දැලි පාර තාමත් මූනෙ තියනවා ....? (අ)
දැක්කනම් ඒ වෙලාවේ ඒගැන ක්‍රියාමාර්ගයක් නොගත්තේ ඇයි????. තැන් තැන් වල කියවන්නෙ නැතුව ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඒ වෙලාවේම ක්‍රියාත්මක වෙන්න තිබුන. ඒ කියපු කෙනා ප්‍රගීත්නම් ගිහින් විස්තර අහන්න තිබුන. නිකම් අතේ අහුවෙන බොරු කියන්නේ නැතුව. (දී)
ප්‍රදීප් ගැන අහලා තියනවා. මර්දනය කල වෙඩික්කාරයෙක් ගැන අහලා නැ. අපේ මන්ත්‍රීතුමා කුනු නාලද..... ලනු කාලද.....(නදී)
කළින් කිව්වා කිව්ව කෙනා නෑ කිව්වා. දැන් වෙන කෙනෙක්ව ගාවගන. (ත)
හෙමෝම දාන්නේ කිසි තේරුමකට නැති ප්‍රතිචාර. රාජ්‍ය විරෝදී බව පේනවා අදහස් වලින්. අපේ රටේ බොහෝ මිය ගියා කියන අය වෙනත් රටවල සිටින බව සැබෑවකි. එය මා දන්නේ මම ඉතාලියේ වාසය කරන බැවිනි. සමහරු ව්‍යාජ නම් වලින් ව්‍යාජ ගමන් බලපත් වලින් පැමිණ දේශපාලන රැකවරණ පතා සිටිනවා. මේවා විදේශ රටවල සිටින කවුරුත් දන්නා රහසකි. එක්නැලිගොඩ මහතාද මෙවැනි කෙනෙක් වෙන්න පුළුවන්.(නදී)
පැහැර ගත්තට මැරුවේ නැහැනේ, ලොකු දෙයක් ඒ මනුස්සයා ජීවත් වෙනවා නම්. (නදී)
ප්‍රගීත් ඉන්නවා කියල දැනගතනම් ලංකාවට එනකම් ඉන්න ඕනද ඕක දැනුම් දෙන්න, අසරණ පවුලකට ගින්දර දිදී සුදු පාටට ඇදගෙන එන හැටි ලැජ්ජාවක් නැතුව. (ත)
එක්නැලිගොඩ ජාති ද්‍රෝහියෙක්, එක ඉතිහාසයෙනුත් ඔප්පු වෙනවා. එම පරපුරේ මුල් පුරුක තමයි රාජසිංහ රජ්ජුරුවෝ අල්ල ගත්තේ. ප්‍රදීප් එක්නැලිගොඩට හුණු ගාන එවුනුත් ජාති ද්‍රෝහියෝ.(නදී)
පොඩි බබෙක් වගේනේ. (ත)
ප්‍රන්සයේ තානාපති කාර්යාලයක් තිබේද? තානාපතිට කියන්න තිබුනනේ (ත)
මෙයාගේ පියා ගරු කටයුතු මනුස්සයෙක්. ඒත් මේ මනුස්සයාට ඕනා ජනප්‍රිය වෙන්න. දන්කොටුවේ මිනිස්සු දන්නවා මෙයාගේ ජරා වැඩ.(නදී)
අනේ අනේ! :D (නි)
පුත්තලමේ කෙනෙක්. දැන් තමයි එළියට ඇවිත් තියෙන්නේ. (ත)
මෙයාල මේ අරය කිව්වා මෙය කිව්වා කීය කීය මේ සෙල්ලම් කරන්නේ අර අහිංසක අම්මගෙයි දරුවෝ දෙන්නගෙයි ජිවිත එක්ක නේද .මෙය කියවන අම්මලාගෙන් දියණියන්ගෙන් මම අහන්නේ ඔබේ ස්වාමියට ,ඔබේ පියාට මෙහෙම දෙයක් උනොත් ඔබට ඇතිවන හැඟීම මොකක්ද ? (ත)
එක්නැලිගොඩ වැඩකළ වෙබ් නිවුස් එකේ, අරුන්දික ලග නැති අරුන්දිකට ප්‍රංශයේදී හමු වූ කෙනා මෙන්න කියලා පොටෝ දෙකක් දාලා තියෙනවා. හැබැයි එයාගේ මූන පේන්න දාලා නැහැ (නි)
මෙයා බොරු කියන ගමන් රටම පටලවනවා වගේ නේද?(නදී)
මේවට වගකියන්න ඕනෑ මුල් පුරුක ලගදීම එලියට එයි. (නි)
කොහොමත් මෙයා ඉන්නේ බොරුව , අසාධාරණය තියෙන පැත්තෙයි. හොඳම උදාහරණය අගවිනුසුරු තුමියට දෝෂාභියෝගය ගෙනාපු එක. ඒ වගේ බොරු දේවල් කරනවා වගේ තමයි මෙයා බොරු කියන්නෙත්. ජනතා නියෝජිතයෙක් හැටියට වගකීමෙන් කතා කරන්න දන්නෙත් නැහැ.(නදී)
මෙයාලද රට පාලනය කරන්නේ. (අ)
අනේ මෙයාගේ පච. දැන් ඉතින් අර කාටද වෙච්ච දේ වගේ තමයි. (ත)
අපි හොද දේවල් කරන විට, වැඩි හිටියන්ට ගරුකරනවිට, අසරණයින්ට උපකාර කරනවිට,අපේ මුණුවල ප්‍රසන්න පාටක් විහිදෙනවා, අපි හැමගේම ශරීරයෙන් කිරණක් විහිදෙනවා, අපිට එය පෙනෙන්නැහැ , එත් මුනේ පැහැය වෙනදට වඩා දීප්තිමත් වෙනවා , අපි කරගන්න පින්වල බලයෙන්....!අපේ ශරීරයෙන් විහිදෙන රැස් කිරණත් වැඩියෙන් දීප්තිමත් වෙනවා, එවිට අපේ ජීවිත පවා පෙරට වැඩියෙන්, දියුණුව කරායනවා...! (අ)
අන්තිමට කියයිද දන්නෙ නැහැ මම දැක්කෙ හීනයක් කියලා (අ)
දේසපාලුවන්ගෙ කතා නම් අන්තිමයි (අ)
මෙයාලව දෙකේ පන්තියටවත් වටින්නේ නෑ. (අ)
පව් මේ ළමයින් දෙන්නා. (ත)
මෙයා පුත්තලමේද? (ත)
රන්දි ,මොහුගේ විහිදෙන්න කිරනක් නැති බව පේන්නේ නැද්ද ? (නි)
ප්‍රන්ශයේ ඉන්නේ අපි දන්නවා ඇත්ත හැමදේම (නි)
දියසෙන්, පැත්තක් ගියත් ඇත්තම කියලා තියෙනවා ඔයා (නි)
අනේ අනිච්චං... නොදැකපු දෙයක් කියන්න ගිහින් වෙච්ච වින්නැහිය... (ත)
හරි මෙයා කිව්වේ බොරුවක් ම කියමුකෝ. ප්‍රගීත් ගේ බිරිද මේ ආරංචිය අහපුවහම හැසිරෙන්න ඕන ක්‍රමය මොකක්ද? ඇත්තටම ප්‍රගීත් අතුරුදහන් වෙලා ඇය ඔහුව සොයමින් සිටිනවා නම් පහුවදාම මේ මන්ත්‍රී හම්බ වෙන්න යනවා. එකේ දෙකක් නැහැ. තනියම යන්න බයයි කියලා කියනවා නම් පිරිසක් එක්ක හරි යනවා. මට පෙන්නේ එයා ඒ වෙනුවට කලේ එයාට උපදෙස් දෙන අය දෙයක් දන්වනකම් බලා ඉදල මාධ්‍ය වලට ප්‍රතිචාර දැක්කුවා දේශපාලනීකරණය වෙච්ච කෙනෙක් වගේ.(නදී)
රන්දී කියපු එක සහතික ඇත්ත. අපි කරන දේවල් වල ප්‍රතිපල ක්ෂණිකව පලදෙන විදිහ තමයි ඒ. මෙය කියන කරන දේවල්වල හැටියට පෙන්නේ නැද්ද මුනේ හැටි. මෙයාගේ අනිත් වෙදවල හැටියට යන්න වෙනම අපායක් යාම රජ්ජුරුවන්ට හදන්න වෙයි.අපි වැඩිය කලබල වෙන්නත් හොඳ නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න නම් උවමන එක සුදුසුකමක් තමයි ඔය එයා පෙන්නුවේ. (අ)
ප්‍රගීත් ඉන්නවා කියල දැනගතනම් ලංකාවට එනකම් ඉන්න ඕනද ඕක දැනුම් දෙන්න, අසරණ පවුලකට ගින්දර දිදී සුදු පාටට ඇදගෙන එන හැටි ලැජ්ජාවක් නැතුව.(අ)
මහජන නියෝජිතයෝ සුරංගනා කතා කියනවා.මේවා ඇහෙන,දකින විට අපිට අපි ගැනම දුක හිතෙනවා.මොකද අපේ රටේ වැදගත් තීන්දු ,තීරණ ගන්නේමේ උදවියද කියල.රවටන සහ රැවටෙන බහුතරයක් රටේ සිටින නිසා කලයුතු දෙයක් නොමැත.රට පෙරට...තාරුන්න්යට හෙටක්,සුභ අනාගතයක්,...නමුත් මට නම් පෙනෙන්නේ අඳුරු අනාගතයක් වගේ. (අ)
රජයකට එරෙහිව පුවත් ලිවිම හෝ ක්‍රියා කිරීම රටකට එරෙහි වීමක් ලෙස හුවාදක්වන්නේ පවතින රජයයි. රජයක් විවේචනේ කිරීම රටක් විවේචනේ කිරීමකට වඩා වෙනස්. උදාහරණ ලෙස කලිසමක් ඇදන් ලංකාවේ නිතිය හොදයි කියන්න පුළුවන් ආණ්ඩුවේ ගැත්තන්ට පමණි. එය විවේචනේ කිරීම දේශද්‍රෝහිකමක්ද.(නදී)
මහජන නියෝජිතයෝ සුරංගනා කතා කියනවා.මේවා ඇහෙන,දකින විට අපිට අපි ගැනම දුක හිතෙනවා.මොකද අපේ රටේ වැදගත් තීන්දු ,තීරණ ගන්නේමේ උදවියද කියල.රවටන සහ රැවටෙන බහුතරයක් රටේ සිටින නිසා කලයුතු දෙයක් නොමැත.රට පෙරට...තාරුන්න්යට හෙටක්,සුභ අනාගතයක්,...නමුත් මට නම් පෙනෙන්නේ අඳුරු අනාගතයක් වගේ. (අ)
රටකට ද්‍රෝහී වීම මෙන්ම පවතින ආණ්ඩුවේ ගැත්තන් වීමත් එකම කාසියේ දෙපැත්තයි. ආණ්ඩුවක් විවේචනේ කිරීම රටකට ද්‍රෝහී වීමක් වන්නේ කෙසේද?(නදී)
ඇයි අනේ මේ වගේ දේවල් වල කිසිම වටිනා කමක් නැහැ (අ)
රන්දි.මුගේ විහිදෙන්න කිරනක් නැහැ.පේන්නේ නැද්ද අලුගෝසුවෙක් වගේ.(අ)
මට එක්නැලිගොඩ හමුඋනානම් මම මිනිහගේ ෆොටෝ එකක් ගන්නවා අර යාලුවත් එක්කම තියල. එම මොහොතේම ජනාධිපති තමාට සහ පොලිසියට යවනවා. මගේ ටිකිරි මොලේ මේතුමන්ට නෑ. (අ)
මම මේ බැලුවේ පිරිත් නුඋල් 100 ක් විතර බැදලා නැද්ද කියල. (අ)