පසුගියදා අප්‍රේල් 27 වැනිදා තරංගනී සිනමාහලේ පැවති ප්‍රථම මාධ්‍ය ප්‍රදර්ශනය සමග ක්‍ෂේත්‍රය තුළ ආන්දෝලනාත්මක උණුසුම් කතාබහකට ලක්වූ, සම්මානනීය චිත්‍රපට අධ්‍යක්‍ෂ අශෝක හඳගමගේ අලුත්ම සිනමා නිර්මාණය "ඇගේ ඇස් අග" ලබන 13 වැනි සිකුරාදා සිට ඊගල් ඇතුළු නගරයේ ප්‍රධාන සිනමාහල් රැසක ප්‍රදර්ශනය ඇරඹේ. ප්‍රදර්ශනය දින 25 කට පමණක් සීමාවන "ඇගේ ඇස අග" හඳගමගේ අටවැනි චිත්‍රපටයයි.
හෙළ සිනමාවේ අග්‍රගණ්‍ය නිළි ස්වර්ණා මල්ලවාරච්චි දශක දෙකකට පසු ප්‍රධාන චරිත රංගනයෙන් ප්‍රේක්‍ෂකයා වෙතට එන මෙම චිත්‍රපටයේ ප්‍රකට බෙංගාලි නළු ද්‍රිතිමාන් චැටර්ජි සමග තිරයට හඳුන්වා දෙන නිළි රීතිකා කොඩිතුවක්කු හා සඳලි ඈෂ් අවශේෂ චරිත පණගන්වති.
චන්න දේශප්‍රියගේ කැමරාකරණයෙන්ද, රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන්ද, දිනිදු ජාගොඩ වර්ණ සංයෝජනයෙන්ද, උපුල් චමිල කලා අධ්‍යක්ෂණයෙන්ද, පූර්ණිමා මුහන්දිරම් ඇඳුම් නිර්මාණයෙන්ද ඔප් නැංවෙන ඇගේ ඇස අග සිළුමිණ ෆිල්ම්ස් වෙනුවෙන් ආචාර්ය ජගත් විජේනායකගේ නිෂ්පාදනයකි.
මැයි 13 වැනිදා කොළඹ ඊගල් සිනමාහලේ පස්වරු 6.30 දර්ශනය කලාකරුවන් සමග සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ටද නැරඹිය හැකි බව ඇගේ ඇස අග තිර නාටක රචක හා අධ්‍යක්‍ෂක අශෝක හඳගම පැවසීය.
සටහන - පද්මකුමා පී. මෙත්තසේන


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd