දේදුන්නක් ආකාරයට සඳ වටා පිහිටා තිබූ රැස් වළල්ලක් පසුගියදා (21) රාත්‍රියේ දිවයිනේ බොහෝ පෙදෙස්හි ජනතාවට දැකගත හැකිවිය.
මේ රැස් වළල්ල රාත්‍රී 7 ත් 10 ත් අතර කාලයේ පැහැදිලිව දැකගත හැකිවිණ. සඳ මඩල යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි.
මෙලෙස වර්ණවත් අලෝක වළල්ලක් හඳ වටා පිහිටන ආකාරයෙන් පෙනෙන්නේ වායුගෝලිය ආද්‍රතාවය හෙවත් වායුගෝලයේ ඇති ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වූ පැහැදිලි අහසක් ඇති හොඳින් සඳ පායා ඇති දිනක දී ය. චන්ද්‍රයාට හිරුගෙන් ලැබෙන ආලෝකය පරාවර්තනය වී පෘතිවියට පැමිණීමේ දී එය අප සඳ එළිය ලෙස හඳුන්වයි. සඳ එළිය මේ ජල බිංදු හරහා ගමන් කරද්දී එම අලෝකයේ වර්ණ දිවාකාලයේ දේදුන්නක් පායන විටක දී මෙන් වෙන්ව පෙනේ. මෙය අතීතයේ පටන් දනන් සිත් වසඟ කළ දර්ශනයක් බැවින් කවීහු එය මනාව සිය නිර්මාණ වලට එක්කර ගත්හ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හඳ මඬල නියඟයක ආරම්භයක් ලෙසයි ගොවියන් දකින්නේ (නි)
සඳ මඩල ඉර මඩල කියල අහලා තිබ්බට දැක්කේ අදයි (අ)