රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කොට බුලත්සිංහල අතුර ශ්‍රී ඤාණාලෝක මහ පිරිවෙන් විහාරස්ථානයේ ඉදිකළ බුදු මැදුර හා චෛත්‍ය විවෘත කිරීමත් බුදු පිළිමයේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනයත්, වසර හතලිස් එකක් බර එසවීමෙන් දරු පවුලක් නඩත්තු කළ බුලත්සිංහල කන්දගේ ධනපාල (66) මහතා අතින් සිදු විය.
ශ්‍රී ඤාණාලෝක මහා පරිවේනාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක යටගම් පිටියේ ඤාණාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි මේ පිංකම සංවිධානය කැරිණි.
තුන්දරු පියකු වු ධනපාල මහතා නාට්ටාමි රැකියාවක් කොට දරුපවුල රැක බලා ගනියි.
ඔහුගේ බිරිය හේවාගමගේ දොන් විමලාවතී ජයවර්ධන මහත්මියයි.
ධජ පතාක රැගත් පෙරැහැරකින් ධනපාල මහතා විහාරස්ථානයට කැදවාගෙන ඒමෙන් පසු පින්කම සිදු විය.
පරිත්‍යගශීලීන්ගේ ආධාර මත මෙම විහාරස්ථානය ඉදි කෙරිණි.
යටගම්පිටියේ ඤාණාලෝක හිමියෝ මෙසේ පැවසුහ.
‘‘රටේ දැන උගත් බොහෝ දෙනාට ප්‍රභූ බවේ ඇත්ත නොවැටහිම කනගාටුවට කරුණක්. මිලමුදල්, අලිඇතුන්, යාන වාහන, නිලතල නම්බුනාම තිබු පමණින් කෙනෙකු ප්‍රභූවරයකු වන්නේ නැහැ.අද මේ විහාර ගෙය විවෘත කළ ධනපාල මහතා කිසිදාක බොරු නොකියන අවංක නිහතමානී ගුණ ඇති ආදර්ශමත් පුද්ගලයකු නිසා ඔහු ප්‍රභූවරයකු ලෙස සැලකිය හැකියි.‘‘
1943 සැප්තැම්බර් 15 වැනිදා උපත ලැබු ධනපාල මහතා සමුපකාර සංගමයේ සේවය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සලේ හාමුදුරුවෝ කරලා තියෙන්නෙ හොද තෝරාගැනීමක් (නි)
හොඳ වැඩක්. (නි)
කට බඩ ගැන හිතන ලසන්තලට උපුල්ල වගේ අයට දෙවි පිහිටයි. පන්සලකින් පල්ලියකින් කෝවිලකින් වගේ තැනකින් ඉස්කෝල ඉස්පිරිතාල වලින් දෙනවට වඩා යමක් ලැබෙනවා. ඒක දන්නෝ දනිති. බුදු සරණයි. (නි)
පන්සල් හදන්න ඕන, එත් දුප්පත් පන්සල් පොහොසත් පන්සල් කියල දෙයක් අදකාලේ අපිට පෙන්න තියෙනවා. පන්සලක් වුනාම පුහු අටෝප නැති සරල තැනක් වුනාම හොදටම ඇති, මහා ලොකුවට පන්සල් තිබුනට වැඩක් නැහැනේ එතන ඉන්නේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේවල් එකක්වත් නොකරන පිරිසක් (ගිහි සහ පැවිදී) නම.(ස)
පව්කාර දේශපාලුවකු අතින් සිදුකරනවාට වඩා සාධාරනව දාඩිය මහන්සියෙන් ජීවත් වන අවංක මිනිසකු අතින් මෙය සිදුකිරීම ඉතාම ආදර්ශවත් ක්‍රියාවක් (නි)
හොද වැඩක්.(නදී)
අපේ හැමදුරුවෝ කියන්න පුළුවන් කට පුරාම, ඔබ සැමට තෙරුවන් සරණයි.(නදී)
ප්‍රසන්නගේ කතාවට මමත් එකඟයි. ඇත්තටම දේශපාලුවෙකුට වෙනුවට මේ මහත්තයාට විවෘත කරන්න දුන්න එක නියම වැඩක් . (නි)
රුපියල් කෝටියක්? දෙවියනේ දුප්පත් දරුවෝ කී දෙනෙකුට ඉගෙන ගන්න උදව් කරන්න තිබුනද?(නදී)
සාදු සාදු සාදු බොහොම පින්.(නදී)
උපුල් එතකොට දේශපාලනෙ කරන මහත්තුරු ජන්දෙකට පොස්ටර් වලට වියදම් කරන ගාන දන්නවද. කෝටියක් හරි වියදම් කරලා පන්සලක් හරියට හැදුවනම් . එතනින් කෝටි 10ක දෙයක් වෙයි. නමට උප්පැන්නේ බෞද්ද කියලා තිබ්බට වැඩක් නෑ . මෙ රටේ කොටී 10ක් වියදම් කරලා හදපු පල්ලි තියනවා මහත්තයො. දන් නැත්තං හොයලා බලන්න. අනික මේක ව්වුර්ත කරන්න තෝරගෙන තියන මනුස්සයා දැක්කම තෙරෙන් නැද්ද මෙතන පන්සලෙන් සෙවයක් වෙයි කියලා. ලංකාවෙ බුරු අදහස් තියන කී දෙනෙක් ඉන්නවද කියලා පෙනවා මෙතන අදහස් දැක්කම.(නදී)
උපුල් කට කට.
උපුල් කට කට.(නදී)
උපුල් ඔයා නිකන් මහා මෝඩ මනුස්සයෙක් වගේ හැමදේම වැරදියට බලන්න එපා. බුදු මැදුරකින් කෙරෙන සෙත අපිරිමිත වේ. ලංකාවේ තරම් ඉගනගන්න පහසුකම් දෙන රටක් නැහැ. මමත් ගොඩක් දුපත් කෙනෙක් නමුත් දුප්පත් කම ඉගනීමට බාදාවක් නෙවේ.(නදී)
උපුල් ආඩම්බරයි ඔබවැනි නුවන තියෙන එක එකෙනෙක් හරි දකින්න ලබුන එක.එවගේ දේකට ඒ සල්ලි දැම්මනම් ඔයිට වඩා පිං.(නදී)
ප්‍රසන්නගේ අදහසට මමත් ගරු කරනවා (නි)
උපතින් බෞද්ධ වුණත් මම නම් බලන්නේ බෞද්ධයෙකුට වඩා හොද මනුස්සයෙක් විදියට ජිවත් වෙන්නයි. හාමුදුරුවන් මේක විවෘත කරන්න තෝරගත්තු මහත්මයා අතිශයින්ම සුදුසු කෙනෙක්. කාලෙකින් අහපු හොද ප්‍රවෘත්තියක්. ලංකාවේ තිබෙන උග්‍ර පන්ති බේදෙට මරුපහරක් (නි)
ඔබට තුණුරුවන් පිහිටයි! (නි)
මේවට මම නම් කියන්නේ ලැයිස්තුවේ පහලම තියෙන දේ ඉස්සරලම කරනවා කියො.මොකෝ ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ,ඉස්කෝලවල අඩුපාඩු,බලන හැමතැනම ප්‍රශ්න.හැබැයි හැමතැනම පන්සල් තියනවා. (නි)
මෙතන ප‍්‍රතිචාර දාන සමහර අයට මේක ඉවසන්න බැහැ වගේ. (නි)
රටේ අනික් පන්සලුත් මේවා ආදර්ශයට ගත්තා නම් හොදයි නේද? (නි)
නියම වැඩක්
මේ පින සංසාරේ පුරාවටම ලැබනවා! ලොකු පිනක් ! (ස)
කාලෙකට පස්සේ නෙත ගැටුනු සුන්දර වැඩක්. ඉතාමත් ගරු කරන්න ඕනෑ ක්‍රියාවක්. හොර දේශපාලකයන් වෙනුවට මේ කළ දේ ඉතාම අගනා කාලෝචිත ක්‍රියාවක් (නි)
අන්න හොඳ වැඩ. මේවා දැනගන්න ඕනෑ දේශපාලකයෝ (නි)
කුහක කමින්, උද්දච්චකමින්, බලලෝබයෙන්, කප්පරක් කිලිටි තියෙන දේශපාලකයෙකුට නොදී ගමේ දාඩිය මහන්සියෙන් ජීවත්වෙන අවංක මිනිසෙක් පන්සලේ දේකටවත් අඩුගානේ තෝරා ගැනිම කොච්චර වටිනවද? මට ඊටත් වඩා වටිනවා හාමුදුරුවන්ගේ වචනය. (නි)
වැරදි වැඩ කරන කීප දෙනෙක් ඉන්නවා තමා. දැන් මෙතන වුණත් මුලින්ම අදහස් දක්වපු 14 දෙනාගෙන් 3 දෙනෙක් තමා මුග්ධ අදහස් දාලා තියෙන්නේ. පල්ලි පන්සල් වලට ගිහින් විනයගරුක විදිහට හැදුනු අය තමා අනිත් ටිකදෙනා. හොඳ වැඩි වෙනකොට තමා මන්ද මානසිකයින් නරක වැඩ කරන්නේ කැපී පේන්න. (නි)
මේ ටික කියවද්දී නෙතට කදුළු පිට කදුළු ගලාගෙන ආවා. ඔබ දහදියෙන් උපයාගත් මුදල් ඔබේ කැමැත්තට වියදම් කර ඔබ කරගත් ඒ පුණ්‍ය කර්මයේ බලයෙන් ඔබේ පව්ලේ සැමටත්, ඔබ බිහිකළ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවයෙන් සිතේ සතුටින් ,දීර්ඝායු ලබා ජීවත් වෙන්න වාසනාව ලැබේවා ! එමෙන්ම ඔබේ හිතේ යම් කිසි ප්‍රාර්ථනයක් වේ නම් මේ පින් බලයෙන් එය සාර්ථක වේවායි මා ප්‍රාර්ථනා කරමි. (නි)
මම හිතනවා බුදු ගෙට මේ වියදම් කළ සල්ලි වලින් කොටසක්වත් ධනපාල මහතා වෙනුවෙන් වියදම් කළා නම් හොඳයි කියලා. එහෙම කළා නම් බුදුගේ විවෘත කරන්න දුන්නට වඩා පින් සිද්ධ වෙනවා නේද? (නි)
ප්‍රසන්න,හේරත්, ලංකාවෙ මෝඩ අදහස් තියෙන කී දෙනෙක් ඉන්නවද කියලා පෙනෙනවා නුඹලාගේ අදහස් දැක්කම. සමහරක් බකපණ්ඩිතයෝ ඉන්නවා තමාගේ නමවත් හරියට ලියන්න බැරි. (නි)