ශ්‍රී ලංකා බේස්බෝල් පිල අන්තර්ජාතික තරග සඳහා සහභාගිවීමේදී ක‍්‍රීඩා අමාත්‍යංශය දක්වන අඩු සැලකිල්ල පිළිබඳව එහි ක‍්‍රීඩකයෝ දැඩි කණස්සල්ල පළ කරති. බේස්බෝල් ක‍්‍රීඩාවෙන් දකුණු ආසියාවේ රටවල් අතර මේ වන විට දෙවැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව මේ තත්ත්වය මත ලාහෝර් නුවරදී පැවැති නිරත දිග ආසියානු කලාපීය බේස්බෝල් තරගාවලියට සහභාගිවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වු බවද වාර්තාවේ. 2009 වසරේ ආසියානු බේස්බෝල් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකා පිල පසුගිය වසරේ පැවැති පළමු දකුණු ආසියානු තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීමට සමත්විය. එහිදී ඔවුන් පරාජයට පත්වුයේ ද පාකිස්තානයට එරෙහිවය. නිරත දිග ආසියානු කලාපීය තරගාවලියට සහභාගිවීමේදී ශ්‍රී ලංකා පිල සඳහා ද සෙසු සංචාරක ශ්‍රී ලංකා ක‍්‍රීඩා කණ්ඩායම් සඳහා ලබාදෙන තරග දීමනා තමන්ට ලබා දෙන ලෙස දැන්වුවද ඒ සඳහා ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් යහපත් ප‍්‍රතිචාර නොලැබීම කණගාටුවට කරුණක් බවත් ඔවුන් පැවසුහ. ක‍්‍රීඩා අමාත්‍යංශය දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් ක‍්‍රීඩා උළෙලට ඇතුළත් ක‍්‍රීඩා ඉසව් සඳහා පමණක් අනුග‍්‍රාහය දැක්වීමට තීරණය කිරීම මීට හේතුව බවද ඔවුන් පෙන්වා දෙති. ශ්‍රී ලංකා පිලේ ක‍්‍රීඩකයන් පෞද්ගලික වියදමින් මෙම තරග සංචාරයට සහභාගිවී ඇතැයි ද දැන ගන්නට ලැබේ. ශ්‍රී ලංකා පිලේ ප‍්‍රධානියා සහ පුහුණුකරුවකු ක‍්‍රීඩකයන්ට අවස්ථාව දීමේ අරමුණින් තරග සංචාරයෙන් ඉවත්වීමට තීරණය කළේ සංචාරය සඳහා යන වියදම සැලකිල්ලට ගනිමිනි. ලෝකයේ රටවල් 108 ක බේස්බෝල් ක‍්‍රීඩාව ක‍්‍රියාත්මක වුවද, අන්තර්ජාතික බේස්බෝල් සම්මේලන රටවල් ශ්‍රේණිගත කිරීමට ඇතුළත්ව ඇත්තේ රටවල් 77 කි. එයින් ශ්‍රී ලංකාව දැන් 31 වැනි ස්ථානයේ පසුවෙයි.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හැඳි දෙකකින් බෙදීම ගැන බේස්බෝල් ක‍්‍රීඩකයන් දුකෙන්