
(අංජුල මහික වීරරත්න)
ගුණාත්මක තත්වයෙන් ඉහළ ප්‍රමිතිගත ඖෂධ සැපයීමට සියලු පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඉහළ ප්‍රමිතිගත ඖෂධ මෙරට රජයේ රෝහල් පද්ධතියට අඛණ්ඩව සැපයීම මෙන් ම සාධාරණ මිල ගණන් යටතේ එම ඖෂධ විවෘත වෙළදපොළට ලබාදීමේ කටයුතුවලට මග පෙන්වීමේ ප්‍රමුඛ වගකීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඖෂධ පිළිබඳ උපදේශන කමිටුවට සහ ඖෂධ පිළිබඳ ජාතික අභියාචනා කමිටුව වෙත පැවරෙන බව ද අමාත්‍යවරයා පැවසීය.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඖෂධ පිළිබඳ උපදේශන කමිටුවට සහ ඖෂධ පිළිබඳ ජාතික අභියාචනා කමිටුවට සාමාජිකයින් පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරිද අර ඉස්සර වගේ කොමිස් කමිටුවක් පත්කරන්න
හොඳ බඩු සහ අඩුමිල කියන්නේ එකවිට ඇහෙන වචන දෙකක් නෙවෙයි.
වෙළඳපලට එන සියලුම බෙහෙත් වර්ග තත්ව පරීක්ෂාවකට ලක් කරන්න. එවිට බෙහෙත් ජනතාවට ලැබෙයි.
පොදු ජනයාට හොඳක් සිද්ධ වෙනවා නම් ඒක හොඳයි.