පෞද්ගලික රැකියාවක නිතරවෙමින් කලාවට එකතුවූ ඔහු චානක රුවන්ය. කුඩා කාලයේ මෝටර් බයික් ධාවකයෙකු වීමේ සිහින ගිලිහුණු පසු කලාවට එක්වී කරනු ලැබූ පළමු ගීතය ලෙස ‘හීනයක ආදරේ’ ගීතය හැඳින්විය හැකිය. මේ ඔහුගේ කලාව පිළිබඳව අපත් සමග කළ සංවාදයකි.
ඔබේ නම කිව්වොත්?
රැකියාවක් කරනවාද?
ඔව්, මම රැකියාවක් කරන ගමන් තමයි මියුසික් කරන්නේ. මේක තමා මගේ පළවෙනි මියුසික් වීඩියෝව.
මියුසික් වීඩියෝ එක ගැන කිව්වොත්?
‘හීනයක ආදරේ’ තමයි ඒ ගීතයේ නම වෙන්නේ. සංගීතය කරේ DNA විසින්. වීඩියෝව කළේ දිලුක පෙරේරා. පද රචනය සහ තනුව මගෙයි.
ඒ මියුසික් වීඩියෝව එළිදක්වලා තියෙන්නේ. දෙවැනි ගීතය සඳහා වැඩකටයුතු පටන් අරන් තියෙන්නේ.
ආදර ගීතයක්ද? විරහ ගීතයක්ද?
මේක විරහ ගීතයක්. අද කාලේ තියෙන ගීතයක්. මගේ හිතට දැනිච්ච දුකක් හින්දා ලියපු සිංදුවක්.
කොහොමද යාළුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?
යාළුවන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. යාළුවෝ තවත් එකක් කරන්න කියනවා. සල්ලිත් දීලා තියෙනවා.
රැකියාව කරන ගමන් කලාවට එකතු වෙන්න කාලය තියෙනවාද?
වෙලාවක් කොහොම හරි වෙන් කරගන්න පුළුවන්. කලාවට පොඩි කාලේ ඉඳන්ම කැමතියි. නමුත් මම පොඩි කාලේ ආසාව තිබුණේ බයික් රේස් පදින්න. ගමේ ඉඳන් කොළඹ එන්නේ රේස් පදින්න. ඊට පස්සෙ සිදුවුණු අනතුර නිසා ඒ හීනය අත්ඇරලා කලාවට එකතු වුණා.
ක්ෂේත්‍රයට එන්න නවකයන්ට උදවු කරනවද?
කවුරුත් උදව් කරන්නේ නැහැ. මම සල්ලි දුන්නායින් පස්සෙ මාව රවට්ටපු කට්ටිය ඉන්නවා. ප්‍රසිද්ධ ගායකයෝ පවා මාව රවට්ටලා තියෙනවා. ඊට පස්සේ ක්‍රිස්කෝ කියලා පුද්ගලයෙක්ව හම්බවුණේ. එයා තමයි මට හරිමාර්ගය පෙන්නුවේ. ඊට පස්සේ දිලුක පෙරේරා.
ඒ කියන්නේ නවක ගායකයන්ට කවුරුත් අතදෙන්න කැමති නැහැ කියන එකද?
ඔව්. මම හිතන්නේ කවුරුත් කැමති නැහැ. කෙනෙක් ප්‍රසිද්ධියට පත්වුණාම ඊට පස්සේ ඒ කෙනා හදන්නේ ඔහුගේ ආදායම් තත්ත්වෙ හදාගන්නයි. DNA අය කියන අය ඊට වඩා හුඟක්ම වෙනස් අය. ඒ අය ඉතාමත් අඩු මුදලකින් නවක ගායකයන්ට ඉදිරියට එන්න අතහිත දෙනවා. අඩුවට කළා කියලා කිසිම බාල විදිහකට කරන්නේ නැහැ. හොඳ උසස් මට්ටමේ රසිකයන්ට ඒ සංගීතය විඳින්න පුළුවන් විදිහට ඒ දේ කරලා දෙනවා. දිලුක පෙරේරාත් අඩුම වියදමින් මට වීඩියෝ එක කරලා උපරිම සහයෝගයක් ලබා දුන්නා.
ඩිලාන් ක්‍රිෂාන්ත
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
‘හීනයක ආදරේ’ සමගින් කලාවට ආ රුවන්