අද (11)රාත්‍රී ගුවන් මඟින් පිටරට යැවීමට සුදානම් කැර තිබු තාරකා ඉබ්බන් දාහත් දෙනකුද , හුනන් හතර දෙනකුද , කැස්බෑ බිත්තර අටක් හා බිත්තර රකින යන්ත්‍රයක්ද සමග සැකරුවන් දෙදනකු සැකපිට තොගයක් ජා ඇල නිවාසිපුර නිවසකින් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් වනජීවී විශේෂ වැටලීම් ඒකකයේ අඩවි සහකාර සමන් ලියනගම මහතා පැවසීය.
ප්‍රධාන සැකකරු සොයන බවත් වැටලීම් කළ ස්ථානයේ තිබී ගමන් බලපත්‍ර විසි පහක් සොයාගත් බවත් ලියනගම මහතා කියයි.
ශ්‍රී ලංකාවෙන් රුපියල් සියයට දෙසීයට මිළට ගන්නා තාරකා ඉබ්බන් පිටරටදී අඩුතරමේ රුපියල් ලක්ෂයකටවත් විකුණති තොරතුරු ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල් උඩ බලාගෙන කෙළ ගහන්න එපා මනුස්සයෝ. සිංහලෙන් කියන්නේ අඩු අධ්‍යාපනය සහ මන්ද මානසිකත්වය කියලා.(නදී)
ගමන් බලපත් මේ ඉබ්බන්ගේ වෙන්න ඇති. මේ එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් දඩ මුදලක් අය කරන්න.(නදී)
නිමල් කියන කතාව ඇත්ත (නි)
අපේ ගෙදරත් ඉන්නවා මේ හූනෝ මල කරදරේ බිත්ති ඉවරයි කවුරු හරි ගන්නවානම් නිකන් දෙනවා අල්ලලා රට පටවන්න (අ)
අනේ පවු අහිංසක සත්තු! (නි)
මේවා ෆොටෝ ගන්න ගියාම මාධ්‍යවේදීන්ට ගහන්නේ වටින්නෙ නැහැනේ, ඔවුන් තමයි ඔක්කොම කරන්නේ කියලා. (නි)
බතල කොට ඉබ්බෙක්,. අහසින් යයිද ගමනක්.... (නි)
ඉස්සර අපේ ගමෙත් හිටිය හාවෝ, ඉබ්බෝ, මිමින්නෝ, තිත් මුවෝ දැන් එකෙක්වත් නැහැ. මරලා කාලා. රෑට හූ කියන නරි විතරයි ඉන්නේ (නි)
දෙන දඩුවම් මදි වීම නැවත එම වැරැද්දම කිහිප සැරයක්ම සිදුවීමට එක හේතුවක්. (නි)
ඉබ්බෝ බේරී හුනෝත් බේරෙති. (නි)
හූනා නම් නැත්තටම නැතිවෙන එක හොඳයි. මළ කරදරයක්!(නි)
නිමල්, මාතෘකාවට අදාලව අදහස් පළ කරන්න (නි)
නීල්ගේ කතාව ඇත්ත. හුනෝ රට පටවන්න පුලුවන් නම් ගෙවල් වල අයට හොඳ ආදායමක්. (නි)
නීල්-රානා හූනා ගැන ඒ විදිහට හිතන්න එපා. හූනත් ජෛව විවිදත්වයේ වැදගත් සතෙක්. හූනන් කටුස්සන් වැනි සතුන් නොසිටියොත් අපේ රට වගේ ඝර්ම කලාපික රටවල කෘමි ගහන ගණත්වය සීග්‍රයෙන් වැඩිවෙනවා. මෙම සතුන් ස්වාභාවිකවම ගහනය පාලනය කරනවා.(නදී)
හූනා කෑම නොකන්නේ රෑට විතරයි කියනවා නේද? (නි)
මමත් ඉස්සර ඉබ්බන්ව අල්ලාගෙන කනවනේ. මම නම් කන්නේ ගල් ඉබ්බෝ. මට අපේ කට්ටිය කියන්නෙත් ඉබ්බා කියලයි. ඉබිමස් මොන තරම් ගුණ කෑමක්ද ? (නි)
ඉබ්බෝ ටික නම් අපට ගොඩාක් වටිනවා. හූනෝ නම් ලොකු ඕඩර් එකක් අරගන රට පැටෙව්වා නම් හොඳයි. හූනා ගෙවල් වලට මහා කරදරයක් වෙලානේ. හූනු සාස්තරේට ටිකක් තියාගනිමු. (ස)
ඉබ්බෝ ටික වනජීවී එකේ කට්ටියගේ මෑණියන් මතක් කරනවා ඇති. ඉබ්බන්ගෙන් කීයෙන් කී දෙනාටද මෙහෙම ටුවර් එකක් ලැබෙන්නේ. ඒකටත් හෙන හුරා පාත් වෙලා. මේක නම් මහා අසමජ්ජාති වැඩක්. ඉබ්බන්ටත් මානව හිමිකම් තිබුනා නම් අර ගුරු සංගමේට කියලා මොනවා හරි කර ගන්න තිබුනා.(නදී)
තව පොඩ්ඩෙන් ඉබ්බො ඉගිල්ලෙනවා එහෙනම්. වනජීවී මහත්තුරුන්ට පින්. (නදී)
අ..හා, ඒකයි දැන් තාරකා ඉබ්බෙක් දකින්නවත් නැත්තේ. වෙල්වල හිටපු කිරීබ්බන්ව දුටුතැන මරාගෙන කෑවා. මා කුඩාකල පොද වැස්සක් වැටුනහම ඉබ්බෝ ගෙදර මිදුලටත් ආවා. අපි උන්ගෙ පිටේ ඉටිපන්දම් ගැසුවා. දැන් මේ පලාතක බේතකටවත් ඉබ්බෙක් දකින්න නැහැ. කැස්බෑ බිත්තර වැල්ලෙන් ගොඩගැනීම සපුරා තහනම් කලයුතුයි. ඉස්සර මගේ පියා කැස්බෑ බිත්තර ගෙනාවේ ගෝනියක් එකසැරේට. ඒ තරමට ඒවා එකල විකුනන්නට තිබුනා. වැල්ලේ දාන කැස්බෑ බිත්තර එම ස්ථානයේදීම ආරක්ෂා කිරීමට වැල්ලකරේ පන්සල්වල සහයෝගය ලබාගත හැකියි. ඒත් හූනෝ රට පටවන්න පුලුවන්නම් අපේ ගෙදර ඉන්න ටිකත් නිකන් දෙනවා.(නදී)
රජ ඉබ්බන්ටත් ගිය කල.(නදී)
මගේ මානසික තත්ත්වය ටිකක් හොඳ මදි... වන ජීවී එකේ මහත්වරුන්ට මගේ මන්ද මානසික අදහස් වලින් යම් අපහසුතාවක් සිදු උනානම් සමා වන්න.(අ)
මේ වනජීවී මාමලා අපි පිහාටු නැතුව ගුවනේ යන්න හදපු චාන්ස් එකත් කෑවා. (නදී)
ඇයි ඉබ්බා දැන් ඒ වැඩේ කරන්නේ නැහැ නේද? දැන් ඉන්ජෙක්සන් කටු කැඩෙන්නේ නැද්ද? රස උනාට ගුණ උනාට දැන් ඉතින් අපේ ළමයින්ට පෙන්නන තියෙන්නේ දොරට දාන ඉබ්බා නේද? එනිසා දැන් ඔය වැඩේ නවත්වමු හොඳ ළමයා නේ?(නදී)
අනේ හුණා පිටරට පටවන්න එපා. (නදී)
බෝට්ටුවලින් එන්න ඇවිත් නිකන් පන නැහැ ගන්නවා අගේට ගුවනින් එන්න ලැබිලත් එන්න බැරිවීම ඉතින් පවම තමා.(නදී)
මේ වගේ අපරාධ කරන්නන්ට දැඩි දඩුවම් කර විදේශ ගමන් තහනම් කල යුතුයි. මේ සතුන් බේරාගත් නිලධාරීන්ට මාගේ ස්තුතිය.(නදී)
අරලිය ගහ මන්දිරයට ගියා නම් ඔයවගේ නෙවේ ඉබ්බෝ ටොන් ගානක් හොයා ගන්න පුළුවන්. පලයල්ලා එහෙට.(නදී)