IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


හින්දි සිනමාවේ මෙගා තරුව 74 විය සපුරය

2016-10-15-ent-23

2016-10-15-ent-21අවුරුදු 74 ක් වීත් තවමත් ජනපි‍්‍රයත්වය අඩු කර නොගෙන රගපාන්නට නළුවෙකුට හැකි නම් එය වාසනාවක්මය. එවන් නළුවෙක් පුරාවෘත්තයක් ලෙසින් හැදින්වීම ද සාධාරණය. බිග් බී යනුවෙන් හින්දි සිනමා ක්ෂේත‍්‍රයේ ආදරයෙන් හැ`දින්වෙන අමිතාබ් බච්චන් මේ වාසනාවන්ත පුරාවෘත්තික නළුවාය. හින්දි සිනමා අඹරේ කිසිදාක බැස නොයන මෙගා තරුව ඔහුය. ඔහුගේ තැන ගන්නට සමත් වූ නළුවෙක් තවමත් හින්දි සිනමාවේ බිහි වී නැත.

ඔක්තෝබර් 11 දාට යෙදුණ උපන් දිනයේදී ඔහුට සුබ පතන්නට නිවස ඉදිරිපිට රැුස් වු සෙනග කන්දරාවම ඊට හොද නිදසුනකි. ඔහුගේ රුව සිත්තම් වුණ බැලූන් පමණක් නොව පුවරු ද ජනතාව අතේ තිබිණි.

‘‘දෙවියන්වහන්ස අපිට සමා වෙන්න.. අපි ඔබ වහන්සේට වඩා අමිතාබ් බච්චන්ට වන්දනාමාන කරනවා..’

ඔහුගේ රුව සහිත පුවරුවල එසේ සදහන් වී තිබිණි. මිනිස්සු ඒ තරමටම ඔහුට ආදරය කරති.

අමිතාබ් උපත ලද්දේ 1942 ඔක්තෝබර් 11 දා ඉන්දියාවේ අලහාබාද්හිදීය. ඔහුගේ නම අමිතාබ් හරිවාන්ශ් රායි ශී‍්‍රවාස්තව බච්චන්ය. අමිතාබ් ගේ පියා හරිවාන්ශ් රායි ශී‍්‍රවාස්තව ප‍්‍රසිද්ධ කවියෙකි. මව තේජි බච්චන් පන්ජාබ් සික් පවුලකින් පැවත එන්නියකි.

අමිතාබ් ගේ පියා බච්චන් නාමය සිය නමට එක් කර ගත්තේ ජනපි‍්‍රයත්වය උදෙසා පමණකි. එහෙත් පසුකාලීනව එය ඔවුන්ගේ වාසගම බවට පත් වූයේය.

අමිතාබ් දිල්ලි සරසවියේ විද්‍යා උපාධිධාරියෙකි. අවුරුදු විසි ගණන්වල මුල් භාගයේදි ඔහු නැව් සමාගමක භාණ්ඩ ප‍්‍රවාහන අංශයේ බ්‍රෝකර්වරයෙකු ලෙස සේවය කළේය. අමිතාබ් ඒ රැකියාවට සමු දුන්නේ රංගන වෘත්තියට එක් වීම ස`දහාය.

අමිතාබ් සිනමා ලෝකයට පා තැබුවේ 1969 දීය. ඒ ජාතික සම්මාන දිනූ චිත‍්‍රපටියක් වන භූවන් ශෝම් හි හඩ කවන්නෙකු ලෙසය. ඒ වසරේම ඔහු සාත් හින්දුස්තානි චිත‍්‍රපටියේ චරිතයක් ර`ග පෑවේය. එය ආර්ථික වශයෙන් සාර්ථක නොවුයේ වී නමුත් අමිතාබ්ට ජාතික සම්මානයක් දිනා ගැනීමට හැකි වූයේය.

ඔහු බොහෝ සෙයින් ජනපි‍්‍රය වූයේ 1973 දී රග පෑ සන්ජීර් චත‍්‍රපටියෙනි. ඔහු එහි ර`ග පෑවේ තරුණ පොලිස් නිලධාරියෙකුගේ චරිතයකි. එදායින් පසුව ඔහු හින්දි සිනමාවේ ප‍්‍රකෝපකාරී තරුණ මිනිසා (ඇන්ග‍්‍රි යංග් මෑන්) විරුදාවලිය ලැබුවේය. එදාමෙදාතුර ඔහු රග පෑ චිත‍්‍රපටි ප‍්‍රමාණය 180 කට අධිකය.

1973 දී ඔහු ජයා බහදුරි සමග විවාහ වුයේය. එහෙත් ක්ෂේත‍්‍රයේ වැඩි පුර කතාබහට ලක් වුයේ ඒ විවාහය නොව අමිතාබ් ගේ හා රේඛා ගේ පෙම්පුවතය. 1976 දී දෝ අන්ජානේ චිත‍්‍රපටියේ රග පාද්දි ඔවුන් අතරේ සම්බන්ධයක් ඇති වූ බව ප‍්‍රසිද්ධය. අදටත් ක්ෂේත‍්‍රයේ කතාබහ වෙන පෙම් පුවතක් ඇත්නම් ඒ මේ පෙම්පුවතමය.

ඒ කාලයේ අමිතාබ් සහ රේඛා රහසේ හමු වුයේ රේඛා ගේ මිතුරියකගේ බංගලාවේදිය. කාටත් නොදැනී ඔවුන්ගේ ආදරය දළුලමින් පැවතිණි. සියල්ල වෙනස් වුයේ ගංගා කි සවුගාන්ධ් චිත‍්‍රපටියේ රග පාද්දීය. එහි සහාය නළුවා රේඛා සමග සම්බන්ධයක් ඇතැයි සැකයක් අමිතාබ් ගේ සිතේ ඇති වූයේය. ඔහු ඒ නළුවා සමග ගැටුමක් ඇති කර ගත්තේය. අමිතාබ්ගේත් රේඛාගේත් සම්බන්ධය කරළියට පැමිණියේ ඒ සම`ගය. කටකතා තටු ලබා පියාඹා ගොස් ජයාගේ කනටත් රිංගුවේය. ඇය ද නොසන්සුන් වුවාය.

රිෂි කපූර් ගේ හා නීතු සිං ගේ විවාහ මංගල්‍යයට රේඛා සහභාගි වුයේ විවාහක ස්ති‍්‍රයක මෙන් නළලේ සින්දුර් තවරාගෙන මංගල් සූත‍්‍ර නමින් හැදින්වෙන මාලය පැළදගෙනය. අමිතාබ් සහ රේඛා හොර රහසේ විවාහ වී ඇතැයි කටකතාවලින් කියැවිණි.

මේවායින් බොහෝ කලබලයට පත් ජයා රේඛාට රාති‍්‍ර භෝජන සංග‍්‍රහයකට ආරාධනා කළාය.

‘‘මොන දේ සිද්ද වුණත් මම කවදාවත් මගේ සැමියා අත අරින්නේ නෑ..’’

ඇය එහිදී රේඛාට පැවසුවේ පොරොන්දුවක හඩිනි. ඒ පොරොන්දුව ජයා තවමත් රකින්නීය.

අමිතාබ් සහ රේඛා චිත‍්‍රපටි කිහිපයකම එකට රග පෑහ. ඔවුන් අවසන් වරට රග පෑවේ සිල්සිලා චිත‍්‍රපටියේය. සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූ එයින් පසුව ඔවුන් ගේ චිත‍්‍රපටි ජීවිතය අවසන් වූයේය. පේ‍්‍රම ස්මබන්ධයට තිත තැබුණේත් ඉනික්බිතිවය. අමිතාබ් ගේ අනියම් බිරිය වන්නට රේඛාට වුවමනා වූයේ නැත. තමා විවාහ කර ගන්නා ලෙස ඇය අමිතාබ්ගෙන් ඉල්ලා සිටියාය. එහෙත් ඔහු ඒ වන විට දෙදරු පියෙකුව සිටියා පමණක් නොව ජනපි‍්‍රයත්වයේත් ඉහළම තලයේ සිටියේය. රසිකයන්ගේ සිත් තුළ තමා පිළිබ`ද වැරදි ප‍්‍රතිරූපයක් මවන්නට ඔහු කැමති වූයේ නැත. එම නිසාම ඔහු රේඛාගෙන් ඈත් වුයේය. තමාත් ඔහුත් අතර තිබු සම්බන්ධය පිළිබ`දව ඇය වරින්වර නොයෙක් දේවල් කීවත් අමිතාබ් නම් ඒ සම්බන්ධයෙන් නිහ`ඩවතම පිරීය.

1984 දී අමිතාබ් දේශපාලනයට එක් වූයේ පවුලේ හිතවතෙකු වන රජිව් ගාන්ධිට සහයෝගය පළ කිරීම සදහාය. ඔහු එහිදී ප‍්‍රබල දේශපාලනඥයෙකු සම`ග අලහාබාද් ප‍්‍රදේශයට තරග කළේය. ඔහූ ඉන් ඓතිහාසික ජයග‍්‍රහණයක් ලැබුවේය. මුළු ඡන්ද ප‍්‍රමාණයෙන් සියයට හැට අටකට වඩා ලබා ගත් ප‍්‍රථම ඉන්දියානු ඡන්ද අපේක්ෂකයා අමිතාබ්ය. එහෙත් ඔහු දේශපාලනයේ රැදී සිටියේ අවුරුදු තුනක් පමණ සුළු කාලයක් පමණි. ඔහු ඉන් ඉවත් වූයේ නැවත කවදාවත් දේශපාලන පිටියට නොඑළඹෙන බවට පොරොන්දු වෙමිනි. එහෙත් ඔහුගේ බිරි`ද ජයා බච්චන් දැන් පාර්ලිමේන්තු මන්ති‍්‍රවරියකි.

1996 දී අමිතාබ් විසින් ඒබීසීඑල් (අමිතාබ් බච්චන් කෝපරේෂන් ලිමිටඞ්) ආයතනය ආරම්භ කරනූ ලැබිණි. චිත‍්‍රපටි, කැසට් ආදිය නිර්මාණය කිරීම

මෙහි අරමුණ වූයේය. 2000 වන විට රුපියල් බිලියන 10ක වත්කමක් ලබා ගන්නට සැලසුම් කර තිබුණත් දුර්වල පාලනය නිසා 1997 වන විට ආයතනය කඩා වැටුණේය. ඉන් නිර්මාණය කළ චිත‍්‍රපටි එකක්වත් බලාපොරොත්තු වූ තරම් සාර්ථක වුණේ නැත. ඔහුට තදබල ආර්ථික ගැටළු මතු වූවා පමණක් නොව කීර්ති නාමයට ද හානි සිදු වූයේය.

2000 දී කෝටිපතියෙකු වන්නේ කවුද රූපවාහිනී රියැලිටි වැඩ සටහන ඉදිරිපත් කරන්නට අමිතාබ් තෝරා ගනු ලැබිණි. ඉන් ඔහුගේ පවුලේ ආර්ථිකයට සෑහෙන සහනයක් ලැබිණි.

ඉන් පසුව ඔහු නැවතත් රංගන වෘත්තියට යොමු වූයේය. ඔහු වැඩිහිටි විය නිරූපණය කළ චිත‍්‍රපටි කිහිපයක්ම සාර්ථකව ප‍්‍රදර්ශනය විණි. 2015 දී ෆෝර්බ්ස් සගරාවේ වර්ග කිරීමට අනුව ලේාකයේ වැඩිම ගෙවීමක් ලබන නළුවන් අතර හත් වෙනි ස්ථානය ලැබී තිබුණේ අමිතාබ් බච්චන්ටය. ඔහුගේ ට්විටර් මිතුරුමිතුරියන් ප‍්‍රමාණය මිලියන විසි දෙකකට අධිකය. මුහුණු පොතේ මිලියන විසි හතරක් සිටිති.

 

චන්දි කොඩිකාර

 

2016-10-15-ent-25
2016-10-15-ent-22



අදහස් (0)

හින්දි සිනමාවේ මෙගා තරුව 74 විය සපුරය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site