මධ්‍යම පළාතේ වැසි වනාන්තර කඳු වැටියක් වන සුන්දර හන්තාන ආක්‍රමණශීලි ශාඛයන්ගෙන් සහ ෆයිනස් වගාව හේතුවෙන් දේශීය ශාක වඳ වී ගොස් මුඩු පතනක් බවට පත්ව ඇත. කඳු වැටියෙන් ගලා ආ දිය ඇලි සහ ජල උල්පත් සිඳීයාමේ තර්ජනයකට ලක්ව ඇති බව තේරුම් ගත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ “රෝටරැක් සමාජයේ” මෙහෙයවීමෙන් ජල පෝෂක ප්‍රදේශවල ආවේනික දේශීය පලතුරු පැල රෝපණය කැරිණි.
රුක් රෝපණ ව්‍යාපෘතියට කැලණිය , මොරටුව , ජයවර්ධනපුර , පේරාදෙණිය යන විශ්වවිද්‍යාලවල සිසුහු එක්වූහ. අඹ , කොස් , කටුඅනෝදා , ඇබිල්ල වැනි පලතුරු පැල තුන්සීයක් පමණ රැගත් සිසුහු 150ක් පමණ හන්තාන කන්ද තරණය කර පැල සිටුවීම සිදු කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නවක වදය දෙනවෝ.. අපේ බදු සල්ලි නාස්ති කරනවෝ...(බ)
නවක වධය වෙනුවෙන් මෙම ක්‍රියාවේ නවකයින් යෙදවීම වඩාත් යෝග්‍යයි! (බ)
මෙය නවකවදයනම් කවුරුත් නවක වදයට එරෙහි නොවනු ඇත. නොදන්නා දේ කතා නොකර සිටීම හොඳය. මෙය ළමයින්ගේ සමාජයකි. ඔවුන් නවක වාදයෙන් ඈත් කරන තෝතැන්නකි. යහපත් දේ ගැන යහපත් ඇහෙන් බලන්නට නුවණැස පහල වේවා.! (ර)
මට හරිම සන්තෝෂයි. (ර)
මේ අපේ රටේ අනාගතය අපේ දරුවන් දේශපාලන සටන් වලට නොයා මෙවැනි දේ ඉතා අගනේය. (ර)
අනේ ඔයාලට බැරිද කොළඹත් ඔයවගේ ගස් ටිකක් වවල දෙන්න? ගිනි කාස්ටකෙට අව්වයි කොළඹත්. (ර)
දරුවනි ඔබ ගැන හරිම ආඩම්බරයි. (ර)
අගෙයි. ඔන්න ඔහොම දේවල් කරනකොට අර හැම එකටම කරන උද්ඝෝෂණ නිසා අපේ හිතේ ඇතිවන කලකිරීම නැතුව යනවා. (ර)
මෙන්න නවක වාදය දෙන අයට ආදර්ශමත් වැඩක්. පළමු වසරේ සහෝදර සහෝදරියන් සමග මෙවැනි දෙයක් කරන්නේනම් කොතරම් අගේද.? (ර)
ළමයි උනාම මෙවානේ කරන්න ඕන වැඩ. (ර)
ඔන්න ආදර්ශමත් වැඩක් කලා රටේ හැම කෙනාම ඔහොම හිතනවා නම් කොච්චර හොඳයි ද ? (ම)
රටේ මිනිසුන්ට ගහක් කොලක් වවන්න පුරුදු කරන්න ඕනේ. මම හරිම ආශාකරන දෙයක් තමයි ගහක් වවල එයින් ලැබෙන පලදාව දැකල තෘප්තියක් විදින්න. මම ඉන්නේ නගරෙට ආසන්න පෙදෙසක. මගේ ගෙවත්තේ භුමිය පර්චස් 17යි . එකේ කොස් පොල් අඹ දෙළුම් තැඹිලි කටුකුරුදු වෙරළු කෙසෙල් පේර කටු අනෝද දෙහි කරපිංචා තියෙනවා. කිහිප වතාවක්ම පලදාව නෙළුවා. ඒවා බලල ගතට සිතට දැනෙන්නේ පුදුම සතුටක්. (ර)