IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හන්තාන රකින්න සරසවි සිසුහු පෙරමුණ ගනිති

මධ්‍යම පළාතේ  වැසි වනාන්තර කඳු වැටියක් වන සුන්දර හන්තාන ආක්‍රමණශීලි  ශාඛයන්ගෙන් සහ ෆයිනස් වගාව හේතුවෙන් දේශීය ශාක  වඳ වී  ගොස් මුඩු පතනක් බවට පත්ව ඇත. කඳු වැටියෙන්  ගලා ආ  දිය ඇලි  සහ ජල උල්පත් සිඳීයාමේ තර්ජනයකට ලක්ව ඇති බව තේරුම් ගත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ “රෝටරැක් සමාජයේ” මෙහෙයවීමෙන්  ජල පෝෂක ප්‍රදේශවල ආවේනික දේශීය පලතුරු පැල රෝපණය කැරිණි.

රුක් රෝපණ ව්‍යාපෘතියට කැලණිය , මොරටුව , ජයවර්ධනපුර , පේරාදෙණිය  යන විශ්වවිද්‍යාලවල  සිසුහු එක්වූහ. අඹ , කොස්  , කටුඅනෝදා , ඇබිල්ල වැනි පලතුරු  පැල  තුන්සීයක් පමණ රැගත්  සිසුහු 150ක් පමණ හන්තාන කන්ද තරණය කර පැල සිටුවීම සිදු කළහ.

Hantana_2016510 Hantana_2016510-2 Hantana_2016510-3 vlcsnap-2016-05-09-05h45m23s77



අදහස් (0)

හන්තාන රකින්න සරසවි සිසුහු පෙරමුණ ගනිති

දුෂ්මන්ත Tuesday, 10 May 2016 09:12 AM

මෙන්න නවක වදය දෙනවෝ.. අපේ බදු සල්ලි නාස්ති කරනවෝ...(බ)

:       0       0

සදිසා Tuesday, 10 May 2016 09:20 AM

නවක වධය වෙනුවෙන් මෙම ක්‍රියාවේ නවකයින් යෙදවීම වඩාත් යෝග්‍යයි! (බ)

:       0       0

නදී Tuesday, 10 May 2016 09:51 AM

මෙය නවකවදයනම් කවුරුත් නවක වදයට එරෙහි නොවනු ඇත. නොදන්නා දේ කතා නොකර සිටීම හොඳය. මෙය ළමයින්ගේ සමාජයකි. ඔවුන් නවක වාදයෙන් ඈත් කරන තෝතැන්නකි. යහපත් දේ ගැන යහපත් ඇහෙන් බලන්නට නුවණැස පහල වේවා.! (ර)

:       0       0

ඇන්ජෙලෝ Tuesday, 10 May 2016 10:01 AM

මට හරිම සන්තෝෂයි. (ර)

:       0       0

අනුර Tuesday, 10 May 2016 10:08 AM

මේ අපේ රටේ අනාගතය අපේ දරුවන් දේශපාලන සටන් වලට නොයා මෙවැනි දේ ඉතා අගනේය. (ර)

:       0       0

ඉමේෂ් Tuesday, 10 May 2016 06:05 AM

අනේ ඔයාලට බැරිද කොළඹත් ඔයවගේ ගස් ටිකක් වවල දෙන්න? ගිනි කාස්ටකෙට අව්වයි කොළඹත්. (ර)

:       0       0

නිශාන්ත Tuesday, 10 May 2016 06:10 AM

දරුවනි ඔබ ගැන හරිම ආඩම්බරයි. (ර)

:       0       0

උපාලි Tuesday, 10 May 2016 06:25 AM

අගෙයි. ඔන්න ඔහොම දේවල් කරනකොට අර හැම එකටම කරන උද්ඝෝෂණ නිසා අපේ හිතේ ඇතිවන කලකිරීම නැතුව යනවා. (ර)

:       0       0

මනෝජ් Tuesday, 10 May 2016 06:33 AM

මෙන්න නවක වාදය දෙන අයට ආදර්ශමත් වැඩක්. පළමු වසරේ සහෝදර සහෝදරියන් සමග මෙවැනි දෙයක් කරන්නේනම් කොතරම් අගේද.? (ර)

:       0       0

සේන Tuesday, 10 May 2016 06:43 AM

ළමයි උනාම මෙවානේ කරන්න ඕන වැඩ. (ර)

:       0       0

රණසිංහ Tuesday, 10 May 2016 07:44 AM

ඔන්න ආදර්ශමත් වැඩක් කලා රටේ හැම කෙනාම ඔහොම හිතනවා නම් කොච්චර හොඳයි ද ? (ම)

:       0       0

ඉසුරන්දි Tuesday, 10 May 2016 07:44 AM

රටේ මිනිසුන්ට ගහක් කොලක් වවන්න පුරුදු කරන්න ඕනේ. මම හරිම ආශාකරන දෙයක් තමයි ගහක් වවල එයින් ලැබෙන පලදාව දැකල තෘප්තියක් විදින්න. මම ඉන්නේ නගරෙට ආසන්න පෙදෙසක. මගේ ගෙවත්තේ භුමිය පර්චස් 17යි . එකේ කොස් පොල් අඹ දෙළුම් තැඹිලි කටුකුරුදු වෙරළු කෙසෙල් පේර කටු අනෝද දෙහි කරපිංචා තියෙනවා. කිහිප වතාවක්ම පලදාව නෙළුවා. ඒවා බලල ගතට සිතට දැනෙන්නේ පුදුම සතුටක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site