වසර දෙකක් තිස්සේ දිවයිනේ නගර ගණනාවක කොල්ලකෑම් මෙහෙයවමින් රුපියල් කෝටි ගණනක් පැහැරගත් බව කියන සිව් පුද්ගල කල්ලියක සමාජිකයෝ මිරිහාන පොලිසිය විසින් අවිද සමග අත්අඩංගුවට ගනු ලැබූහ.
මහනුවර හන්තානේ සහකාර වතු අධිකාරීවරයකු, ඇඳුම් මහන්නකු සහ යකඩ බඩු වෙළෙන්දකු ද මේ අතර වෙතියි පොලිසිය පවසයි.
ප්‍රධාන සැකකරු හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු හා පළාත් සභා මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු බවට පොලිසියට තොරතුරු ලැබි ඇත.
නාවලපිටිය, ඇඹුල්දෙනිය, ගලහ, හොරණ, විජේරාම ආදී පෙදෙස්වල කොල්ලකෑම් ඔවුන් විසින් මෙහෙයවන ලදැයි පොලිසියට තොරතුරු ලැබී ඇත.
නාවලපිටියෙන් ලක්ෂ 27ක් කොල්ල කෑ බවට ද පැමිණිලි ලැබී තිබේ.
මොවුනට අවි ලැබුණු ආකාරය සොයාගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති හා දඞුවම් ක්‍රියාත්මක කීරීමේ පදනම මත රටේ දුෂණ අනතුරු මංකොල්ලකෑම් , පැහැරගැනීම් , කප්පම් ගැනීම් වගේ දේවල් නිරන්තරයෙන්ම වර්ධනය වෙලා. රටේ පාලකයන්ගේ අවධානය සහ නීතිය ක්‍රියාත්මක කීරීම අනුවයි මේවා පාලනය කරගත හැක්කේ. (ස)
ඔයාට,පිස්සුද අනුර?මේක අපේ ශ්‍රී ලංකාවනේ !! (නි)
අවි ලැබුණු ආකාරය සොයන්නත් දෙයක්ද? (නි)
මිරිහාන හොද පොලිසියක්. හොද තැනක තිබෙන්නේ. (නි)
ඔහොම යමු! ඔහොම යමු !!ඔහොම යමු !!! (නි)
ප්‍රාදේශීය දේශපාලකයෝ මහා වසගතයක් වීගෙන එන්නේ. මේකට එකම විසදුම තියෙන්නෙත් ජනතාව අතේ, උගත් බුද්ධිමත් කෙනෙකුට තමාගේ මනාපය දෙන්න ඕනෑ, එහෙම නැතුව, පෝස්ටරේ මුහුණ බලලා, යන වාහනය බලලා,පුද්ගලික ලාබ ප්‍රයෝජන ගැන හිතලා තව දුරටත් අපේ මිනිස්සු ඡන්දය දෙන්න ගියොත්, ඒකේ පල විපාක විදින්න වෙන්නේ තමන්ටම තමයි. මේක අපේ මිනිස්සු තේරුම ගන්නකම් මේකට විසදුමක් නැහැ. (නි)
බලගෙන්න ගියාම අපි විතරයි මොනවත් කරන්නේ නැත්තේ ! (නි)
දෙන්න හොද දඩුවමක් නැවත මේවා නොකරන්න (නි)
තාත්තගේ නම කිව්වා නම් තමයි හොද (නි)
කොහොමටත් මේ වගේ වැඩ වල අග මුල දෙකම දේශපාලන උත්තමයෙත් ඉන්නවාමයි. අපිම නේ ඒ අයට රස්සාවක් හොයලා දුන්නේ. අපිම විදගමු. ආයෙත් දෙමු (නි)