IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හූනෙක් බෝතලේ

කොම්පඤ්ඤවීදියේ කඩයකින් විකුණූ බව කියන සෝඩා බෝතලයක තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු ද්‍රව්‍ය සොයා ගත් බව රජයේ රස පරීක්ෂක කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියට වාර්තාවක් ඉදිරිපත් කළේය.

තමා මිලට ගත් සෝඩා බෝතලයේ මළ සතකුගේ කොටස් තුබූ බව අජන්ත හේරත් නම් එහි වැසියෙක් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කළේය. අජන්ත හේරත් මහතා පාරිභෝගික අධිකාරියට පැමිණිලි කර ඇත්තේ හූනකුගේ මළකුණක කොටස් වැනි ආගන්තුක ද්‍රව්‍ය එහි ඇති බවයි.

අසනීපයෙන් පසුවූ තම දරුවාට දීම සඳහා බීම බෝතලය ගත් බවත් ඔහු කියා ඇත. පැමිණිලිකරු සමාගමෙන් වන්දියක් ඉල්ලයි.

මෙම චෝදනාව බැහැර කරන සමාගම තම නිශ්පාදන හොඳ තත්ත්වයේ තිබූ බව කියයි.

වැඩිදුර විභාගය ලබන 19 වැනිදාට කල් තැබිණි.

 



අදහස් (0)

හූනෙක් බෝතලේ

ශාන් Monday, 20 May 2013 04:52 PM

අයියෝ සල්ලි

:       0       0

උපාලි Monday, 20 May 2013 03:30 AM

ගාමිණී කියනවා වගේ සෝඩා එක ගත්තේ නම් පොඩි එකාට දෙන්න කියල බොරු කියන්න එපා. හැබැයි ඔය බෝතලේ කලින්ම ගෙනිහින් කොම්පැනියට දුන්න නම් ඒ ගොල්ලෝ ජීවිතේටම ඇතිවෙන්න සෝඩා හරි වන්දියක් හරි දෙනවා. මං දන්නවා පනුවෝ හිටපු චොකලට් පෙන්නලා ඒ චොකලට් කොම්පැනියෙන් වන්දි ගත් අයෙක් ගැන. (නදී)

:       0       0

රංජනී Sunday, 19 May 2013 07:04 PM

වන්දියක් ගන්නද ?(නදී)

:       0       0

ශ්‍රීසර් Monday, 20 May 2013 05:19 AM

අම්මප ආඩම්බර හිතෙනවා මේ ප්‍රතිචාර දැක්කහම. එක පිරිසකට වැරදියට පේන්නෙ ළමයට සෝඩා බොන්න දීපු එක. එක කට්ටියක් හිතන්නේ වන්දි ගන්න කලා කියලා. තව කට්ටියක් කියනවා ළමයට දෙන්න නෙමේ මත්පැන් එක්ක ගන්න ගෙනාවා කියලා. එදිනෙදා මිනිස්සු පාවිච්චි කරන භාණ්ඩයක් (සෝඩා හෝ වෙන බීමක් වේවා) තුල නොතිබිය යුතු යමක් (හූනෙක්, කූඹියෙක් හෝ, ටොපියක් වේවා) තිබීම බහුතරයකට ප්‍රශ්නයක් නැති පාටයි. ආශ්චර්ය.(නදී)

:       0       0

ලලිත්-එස්.එල් Sunday, 19 May 2013 07:11 PM

අසනීපෙට බෙහෙත් හෝ නොමිලේ ලබාගත හැකි පිරිසිදු උණුකළ නිවාගත් ජලය වෙනුවට ඔවැනි වස දරුවට දීම වෙනුවෙන් මෙම පියාද වැරදී කරුවෙකි. ඔහුට විරුද්ධවද නිත්‍යානුකුලව කටයුතු කලයුතුය.(නදී)

:       0       0

මාලිංග Monday, 20 May 2013 06:01 PM

මොනවාද මේ කතා

:       0       0

ඉම්රාන් Sunday, 19 May 2013 07:30 PM

මොකෝ කිසිම දෙයක් පිළිවෙලකට හා පිරිසුදුව තියාගන්න ඔය මහා ලොකුවට කේ කෝ ගහන පාරිභෝගික අධිකාරියෙන් ක්‍රම මාර්ගයක් හඳුන්වලා දීලා තියෙනවනේ නැහැනේ.(නදී)

:       0       0

මර්සි ලංකා Sunday, 19 May 2013 08:07 PM

අසනීපයකින් පසුව දරුවකුට සෝඩා දෙන්න එපා . පිරිසුදු වතුර දෙන්න. නැතිනම් බත් කැඳ ටිකක් දෙන්න. ඔය ජරාව දෙන්න ගියාම ඕවා වෙනවා.(නදී)

:       0       0

අනුර Sunday, 19 May 2013 08:07 PM

ලලිත් ඔබගේ දැනුම්වත් කම ගැන කනගාටුයි. බඩ පිපීම වැනි අසනීප තත්වවලට සෝඩා බොනවා.(නදී)

:       0       0

මිනිපේ Sunday, 19 May 2013 08:15 PM

අනේ හුනේක්නේ මොකෝ අලියෙක් යෑ.(නදී)

:       0       0

නෙතුමි Sunday, 19 May 2013 08:15 PM

ඇතැම් ප්‍රායෝගික තැන් හමුවේ මෙවැනි පාන පානයට ගන්න සිදුවෙනවා. නමුත් කෝ මේ පාරිබෝගික අධිකාරිය නමටද ඉන්නේ. ඔවුන් කරන්නේ දැනුම් දී වැටලීම් කිරීමනේ. මේවා දිනපතාම ක්‍රියාත්මක් කරනවානම් මේවා අඩු වෙනවා.(නදී),

:       0       0

අනුර-ඉරාකය Sunday, 19 May 2013 08:22 PM

සුවර් එකටම එයා වන්දියක් ගන්න වැඩක් කළා. අපරාදේ ගහකට නැග්ගා නම් හොදයි නේද? (නදී)

:       0       0

අමිල Monday, 20 May 2013 09:29 AM

රටේම තත්වෙ දැන් ඕකයි ශ්‍රිසර්. මිනිස්සුන්ට හරි වැරැද්ද වෙන් කරල අඳුර ගන්න නුවණ නෑ, කිවයුත්තෙ නොකියයුත්තෙ මොකද්ද කියල දන්නෙ නෑ.(ස)

:       0       0

සරත් Sunday, 19 May 2013 09:49 PM

ඔය ගානට දෙන එකේ හුනේක් නැතිව අලියෙක් දාන්නද කියන්නේ නේද?(අ)

:       0       0

ගාමිණී-සිරි Sunday, 19 May 2013 10:07 PM

ඇයි හේරත් මාමේ බොරු කියන්නේ. කෙලින්ම කියන්න අඩියක් ගහන්න මිලදී ගත් සෝඩා බෝතලේ ඇතුලේ බයිටි එකක් තිබුනා කියලා. බොරුවට දරුවා පටලවා ගන්නේ නැතිව. කෙසේ වෙතත් මුඩිය විවෘත නොකර තිබුනා නම් ඔබට ජය. විවෘත කලානම් ඔබ කොට උඩ.(නදී)

:       0       0

ලංකාසිරි Sunday, 19 May 2013 10:38 PM

හුනෙක් හිටියනම් ළමයට නොදී තමන් බිව්වනම් හරිනේ. කොහොමත් හුනෝ දාලා හදන බොකුදිරස් ඔය ගානට ගන්න බැහැනේ. (නදී)

:       0       0

චතුල වෙරෝනා Sunday, 19 May 2013 11:40 PM

දංකොටුවෙ කසිප්පු පෙරන්නෙ හූනො, කැරපොත්තො, මී මැස්සො වගේ සත්තු දාලා. මේවටත් නඩු කියයිද මන්දා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site