කොම්පඤ්ඤවීදියේ කඩයකින් විකුණූ බව කියන සෝඩා බෝතලයක තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු ද්‍රව්‍ය සොයා ගත් බව රජයේ රස පරීක්ෂක කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියට වාර්තාවක් ඉදිරිපත් කළේය.
තමා මිලට ගත් සෝඩා බෝතලයේ මළ සතකුගේ කොටස් තුබූ බව අජන්ත හේරත් නම් එහි වැසියෙක් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කළේය. අජන්ත හේරත් මහතා පාරිභෝගික අධිකාරියට පැමිණිලි කර ඇත්තේ හූනකුගේ මළකුණක කොටස් වැනි ආගන්තුක ද්‍රව්‍ය එහි ඇති බවයි.
අසනීපයෙන් පසුවූ තම දරුවාට දීම සඳහා බීම බෝතලය ගත් බවත් ඔහු කියා ඇත. පැමිණිලිකරු සමාගමෙන් වන්දියක් ඉල්ලයි.
මෙම චෝදනාව බැහැර කරන සමාගම තම නිශ්පාදන හොඳ තත්ත්වයේ තිබූ බව කියයි.
වැඩිදුර විභාගය ලබන 19 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
ගාමිණී කියනවා වගේ සෝඩා එක ගත්තේ නම් පොඩි එකාට දෙන්න කියල බොරු කියන්න එපා. හැබැයි ඔය බෝතලේ කලින්ම ගෙනිහින් කොම්පැනියට දුන්න නම් ඒ ගොල්ලෝ ජීවිතේටම ඇතිවෙන්න සෝඩා හරි වන්දියක් හරි දෙනවා. මං දන්නවා පනුවෝ හිටපු චොකලට් පෙන්නලා ඒ චොකලට් කොම්පැනියෙන් වන්දි ගත් අයෙක් ගැන. (නදී)
වන්දියක් ගන්නද ?(නදී)
අම්මප ආඩම්බර හිතෙනවා මේ ප්‍රතිචාර දැක්කහම. එක පිරිසකට වැරදියට පේන්නෙ ළමයට සෝඩා බොන්න දීපු එක. එක කට්ටියක් හිතන්නේ වන්දි ගන්න කලා කියලා. තව කට්ටියක් කියනවා ළමයට දෙන්න නෙමේ මත්පැන් එක්ක ගන්න ගෙනාවා කියලා. එදිනෙදා මිනිස්සු පාවිච්චි කරන භාණ්ඩයක් (සෝඩා හෝ වෙන බීමක් වේවා) තුල නොතිබිය යුතු යමක් (හූනෙක්, කූඹියෙක් හෝ, ටොපියක් වේවා) තිබීම බහුතරයකට ප්‍රශ්නයක් නැති පාටයි. ආශ්චර්ය.(නදී)
අසනීපෙට බෙහෙත් හෝ නොමිලේ ලබාගත හැකි පිරිසිදු උණුකළ නිවාගත් ජලය වෙනුවට ඔවැනි වස දරුවට දීම වෙනුවෙන් මෙම පියාද වැරදී කරුවෙකි. ඔහුට විරුද්ධවද නිත්‍යානුකුලව කටයුතු කලයුතුය.(නදී)
මොනවාද මේ කතා
මොකෝ කිසිම දෙයක් පිළිවෙලකට හා පිරිසුදුව තියාගන්න ඔය මහා ලොකුවට කේ කෝ ගහන පාරිභෝගික අධිකාරියෙන් ක්‍රම මාර්ගයක් හඳුන්වලා දීලා තියෙනවනේ නැහැනේ.(නදී)
අසනීපයකින් පසුව දරුවකුට සෝඩා දෙන්න එපා . පිරිසුදු වතුර දෙන්න. නැතිනම් බත් කැඳ ටිකක් දෙන්න. ඔය ජරාව දෙන්න ගියාම ඕවා වෙනවා.(නදී)
ලලිත් ඔබගේ දැනුම්වත් කම ගැන කනගාටුයි. බඩ පිපීම වැනි අසනීප තත්වවලට සෝඩා බොනවා.(නදී)
අනේ හුනේක්නේ මොකෝ අලියෙක් යෑ.(නදී)
ඇතැම් ප්‍රායෝගික තැන් හමුවේ මෙවැනි පාන පානයට ගන්න සිදුවෙනවා. නමුත් කෝ මේ පාරිබෝගික අධිකාරිය නමටද ඉන්නේ. ඔවුන් කරන්නේ දැනුම් දී වැටලීම් කිරීමනේ. මේවා දිනපතාම ක්‍රියාත්මක් කරනවානම් මේවා අඩු වෙනවා.(නදී),
සුවර් එකටම එයා වන්දියක් ගන්න වැඩක් කළා. අපරාදේ ගහකට නැග්ගා නම් හොදයි නේද? (නදී)
රටේම තත්වෙ දැන් ඕකයි ශ්‍රිසර්. මිනිස්සුන්ට හරි වැරැද්ද වෙන් කරල අඳුර ගන්න නුවණ නෑ, කිවයුත්තෙ නොකියයුත්තෙ මොකද්ද කියල දන්නෙ නෑ.(ස)
ඔය ගානට දෙන එකේ හුනේක් නැතිව අලියෙක් දාන්නද කියන්නේ නේද?(අ)
ඇයි හේරත් මාමේ බොරු කියන්නේ. කෙලින්ම කියන්න අඩියක් ගහන්න මිලදී ගත් සෝඩා බෝතලේ ඇතුලේ බයිටි එකක් තිබුනා කියලා. බොරුවට දරුවා පටලවා ගන්නේ නැතිව. කෙසේ වෙතත් මුඩිය විවෘත නොකර තිබුනා නම් ඔබට ජය. විවෘත කලානම් ඔබ කොට උඩ.(නදී)
හුනෙක් හිටියනම් ළමයට නොදී තමන් බිව්වනම් හරිනේ. කොහොමත් හුනෝ දාලා හදන බොකුදිරස් ඔය ගානට ගන්න බැහැනේ. (නදී)
දංකොටුවෙ කසිප්පු පෙරන්නෙ හූනො, කැරපොත්තො, මී මැස්සො වගේ සත්තු දාලා. මේවටත් නඩු කියයිද මන්දා? (නි)