අනුරාධපුර තිරප්පනේ දයාගමදී සහ මිහින්තලේ ඉහළගමදී දළ ඇතකු හා අලි පැටවකු මරා දමා ඇතැයි වනජීවී නිලධරයෝ කියති.
බඩඉරිඟු හේනකදී විදුලිසැර වද්දවා අලියා මරා දමා ඇති බවත් අත්අඩංගුවට ගත් සැකකරු මීට කලින් ද අලියකු මරා දඬුවම් ලැබූ අයකු බවත් පොලිසිය පවසයි.
මිහින්තලේ දී වෙඩි තබා අලි පැටවකු මරා දමා ඇති බව කියති. මේ අතර වන අලි ප්‍රහාරයකින් විලච්චියේ ආර්.බී.පත්මසිරි රත්නායක (36) මිය ගිය බව මහවිලච්චිය පොලිසිය පවසයි.
මේ අතර හල්දුම්මුල්ලට වල් අලි එතියි ගැමියෝ පිරිසක් හාල්දඩුතැන්නේ දී උද්ඝෝෂණයක් ඇරඹුහ.
ජායාරූප - අතුල බණ්ඩාර
ජායාරූප - සමන් පාලිත නානයක්කාර







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි මරණ එක පවු. ඒත් මේ මිනිසුන්ගේ වගා විනාශ කළාම කොහොමද දරුවෝ සමඟ ජීවත්වෙන්නේ? වගා හානි වලට රජයෙන් වන්දියක්වත් දෙනවා නම් මිනිස්සු ටිකක්හරි කරුණාවන්ත වේවි. අලි වැටවල්වත් දමනවා නම් මිනිසුන්ටත් හොඳයි, අලින්ටත් හොඳයි (නි)
කවුද හරි? කවුද වැරදි? (නි)
ඈතම ඈත අතීතයේ අපි ඔක්කොම එකට කැලෑවට වෙලා සහයෝගයෙන් සමාදානයෙන් ජීවත්වුණා. කාලය ගෙවී ගිහින්...මිනිසා ටිකෙන් ටික " ශිෂ්ටාචාර ගතවුණා කියලයි කියන්නේ. අපේ පැරණි හිතවත් සතුන් අමතකර දමලා, ඒ අයගේ ජීවන රටාවත් වෙනස්වන විදිහට එයාල ජීවත්වන, කෑමබීම සොයාගන්නා ඉඩම් අපේ කරගන්නවා. අසාධාරණයට එරෙහිව තම ජීවිතය පරදුවට තබන අහිංසකයින් මේ ලෙස වැරදීමකින් මිනිස්බව ලැබූ "නොමිනිසෙකු" අතින් කෲර ලෙස ඝාතනය වෙනවා. ඒ වගේම අහිංසක මිනිස් ජීවිතත් දහස් ගණනක් විනාශ වුණා. මේ අලි මිනිස් ගැටුම කවදා කොහොම කෙළවර වේදැයි අනුමානයෙන් සිතාගත හැකිවුවත් ස්ථිරව නම් ඒ ගැන මට හිතාගන්නට බැහැ. (නි)
මේ වගේ අසරණ සත්තු මරන්නේ ඇයි? (කෞ)
අපි මොනතරම් කතාකළත් වැඩක් නැහැ. මොනම ප්‍රශ්නයකටවත් දේශපාලකයන්ගෙන් විසඳුම් බලාපොරොත්තු වෙන්න එපා. දැනට පාර්ලිමේන්තුවේ ඉන්න සමහර හොරුන් එළවා දමනතුරු අපට කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ. දැක්කා නේද දවසේ මන්ත්‍රී දීමනාව 20,000ක් කරන්නයි යන්නේ. දැවෙන ප්‍රශ්නය මන්ත්‍රී දීමනාව! (නි)
ඩිල්ෂාන්, බොහොම හරි. ඔය අයට දවසකට ගෙවන්න කියා ඉල්ලන පැමිණීමේ දීමනාවේ එකතුව ආසන්න වශයෙන් රුපියල් මිලියන 3 කට අසන්න වෙනවා. ඒ දවසකට ගෙවන මුදලින් අලි වැටවල් කීයක් හදන්න පුලුවන්ද? ජීවිත කීයක් ආරක්ෂා කරගත හැකිද? (නි)
මොන සතෙක් උනත් මරණ එක වැරදියි. අපිත් මදුරුවෝ, මැස්සෝ, කූඹී දවසකට කීදෙනෙක් මරනවද. පොඩි උනාට ඒ සතුන් ගැනත් අනුකම්පා කල යුතුයි. (කෞ)
සතාගේ විශාලත්වය අනුව අනුකම්පාවද වැඩිවෙනවා නේද ? (කෞ)
මේවට විසදුම් නැත්තේ නැහැ. ඒවා හරියට කරන්නැති එකයි වරද. පව් මේ වගේ අහිංසක සත්තුන්ගෙන් පළිගන්නේ ඒ වගේම තිරිසන් සත්තු. ඕවට පත් වෙලා ඉන්න රජයේ බලදාරීන් ඕව හොයන්නේ නැද්ද.? (කෞ)
අලි මරණ එක ජාතික අපරාදයක්, කැලේ වන සිව්පාවූන්ටත් මේ රටේ ජීවත්වීමේ අයිතිය මිනුසුන් වසයෙන් අප ලබාදිය යුතුය.වන සතුන්ද,ජාතික සම්පතකි. (ස)
මම නම් කියන්නේ මිනිසුන්ගේ වැරද්දයි. එයාල සතුන්ගේ නිජබිම පරිහරණය කරන නිසයි සතුන් මිනිසුන්ට දඬුවම් දෙන්නේ. මේකෙන් වෙන්නේ අපේ අනාගත පරපුරට අලියෙක් දකින්න ZOO එකකටම යන්න වෙන එකයි. (ස)
දළ ඇතා හා උගේ පැටියා මැරූ පුද්ගලයාටත් ඊට අනුබල දුන් සියලු දෙනාටත් සාප වේවා..! (ස)