තිස්සමහාරාමය, කතරගම, බුත්තලට පොළොව තෙත්වන අයුරින් මේ දක්වා වැසි නොලැබුණු බව ගොවියෝ පවසති.
මිරිස්, කවුපි, බඩ ඉරිඟු වැනි ධාන්‍ය වර්ග වගා කරන මෙම ගොවි ජනයා පවසන්නේ වෙනත් වසරවලදී මේ වනවිට බෝග පැළ අඩියක් තරම් උසින් වැවී තිබුණත් මෙවර කිසිදු වගාවක් සිටුවා ගැනීමට නොහැකිවී ඇති බවයි.
මේ අතර තිස්සමහාරාමයේ මුං වගා කළ ගොවියෝ අතිරේක වගාවක් ලෙස එය සාර්ථක කරගනිමින් අමතර ආදායමක් ලබන බව කියති.
වැසි නොලැබීමෙන් ඇතැම් ස්ථානවල වගාව නිසරු වුවද ඇතැම් ස්ථානවල සරු අස්වැන්නක් ලැබී ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd