හෙද වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල් හි දෛනික ප්‍රතිකාර වලට දැඩි බාධා එල්ල වු අතර කොළඹ ජාතික රෝහලේ ද අද උදෑසන වන විටත් කිසිදු හෙදියක සේවය කරන අයුරු දැක ගත නොහැකි වු අතර වෛද්‍යවරු කණිෂ්ඨ සේවකයන් හා එක්වී උනන්දුවෙන් හෙද වැඩ කළහ.
ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ සියළු රෝගීන්ගේ ප්‍රතිකාර මෙන්ම ඖෂධ ලබා දීම් ඇතුළු සියළු සේවා වෛද්‍යවරුන් හා රෝහල් කණ්ෂ්ඨ කාර්ය මණ්ඩලය එක්ව සිදු කරන අයුරු කාගේත් පැසසුමට ලක් විය.
රෝගීන් ඥාතීන් හා සුළු සේවකයින් එක්ව හදිසි අනතුරු ඒකකයේ කටයුතු කළ අතර හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ඒකකය පාළු වී ගිය ස්වරූපයක් ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙදියෝ කරන මෙම අමානුෂික වර්ජනය කිසිසේත් අනුමත කල නොහැක හෙදියෝ යනු කැපවීම . අවන්කවීම සහ කරුනාව තිබිය යුතු අයයි මෙයට හමුදා හෙදින් යොදවා වර්ජන හෙදියන් ගෙදර යවන්න (දී)
අනේ කුඹියනේ, තොපටත් රජෙක් ඉන්නේ! (නි)
චතුර මහත්තයෝ බළලා මල්ලෙන් එළියට පැන්න නේද ? අවුරුදු හතරක් ඉගෙනගත්තම හෙදියක් දන්ත වෛද්‍ය මට්ටමට එන්නේ නැහැ .ඒ ඉගෙන ගන්න කරුණු වෙනස් කියල පොඩි ළමයිනුත් දන්නවනේ ! නමුත් සුදුසුකම් වැඩි උනහම ලෙඩ්ඩුන්ට ලැබෙන සේවයත් ගුණාත්මය අතින් වැඩි වෙනවා කියල ඔබතුමා දන්නවා නේද ? හෙදියන් අවුරුදු හතරක් ඉගෙනගන්න එකට හීනමානයක් තියෙන්නේ ඔයාලට මිසක් වෙන කාටවත් නෙවේ ! (ස)
දොස්තර , හෙදියෝ, වින්නඹු අය මාරුවෙන් මාරුවට වර්ජන. මේ කට්ටිය විතර අසමගි සේවකයෝ නම් කිසිම රජයේ ආයතනයක නැහැ.කොච්චර ඉල්ලීම් ඉල්ලනවද එක අවුරුද්දකට? (නි)
අැතැම් වෘත්තීන්හි තිෙයන කේවල් කිරීමේ ශක්තිය හීන කරන ක්‍රමෙව්දයක් තියෙනවානම් ඔය වර්ජන ඔක්කොම නවතිනවා. මේ පුහුණුවවත් හමුදාවටම තමයි දෙන්න තියෙන්නේ (දී)
හෙදියන්ට තියෙන්නේ උපාධි හීනමානයක්. අපි දැන් හෙදියන්ට උපාදී දෙනවා කියමුකෝ, එතකොට එයාලගේ හෙද පාසල් විශ්ව විද්‍යාල වලට අනුයුක්ත කරයි. උපාධි අපේක්ෂකයන්ට පඩි ගෙවන්නේ නැ, අඩු අදායම් ශිෂ්‍යන්ට මහපොළ දෙයි. ඉගෙන ගන්න ගමන් පඩි ගන්න එකත් නැති කර ගත්තම තමා හෙදියන්ට මොලේ පැදෙන්නේ. අන්න එදාට වෘර්තිය සමිතියෙන් තමයි හෙද සිසුන්ගේ නේවාසික ගාස්තු, නිල ඇදුම්, ඇතුළු දැන් රජයෙන් ගෙවන සියලුම දීමනා ගෙවන්න පොරොන්දු වෙන්න ඕනා. නැත්නම් අහිංසක දෙමව්පියන්ට තමයි මේ සියලුම දේවල් වලට වන්දි ගෙවන්න වෙන්නේ. (නදී)
කනිෂ්ට සේවකයෝ හරි ආස ඇති හෙද වැඩ කොරන්න ....(ස)
නොදන්නා දේවල් දාන්න එපා. මෙතැන හෙදියන්ට අසාධාරණයක් වෙලා තියෙනවා. දන්නේ නැතුව ලියන්න එපා. (ස)
චතුර උසස් පෙළ අඩු ලකුණු ගත්ත අයට ඔය විදියට කරන්න එපා. අපි හැමෝම මිනිස්සු. උසස් පෙළ සී හා ඒ අතර ලොකු වෙනසක් නෑ.අනිත් රටවල උසස් පෙළ සමත් නම් තමන්ට ඕනෑම ක්ෂේත්‍රයකින් ඉහලට ගොස් රටට සේවය කළ හැකි . එවැනි තැනකට අප ද යායුතු වෙනවා. (ස)
මේ හෙදියෝ රස්සාව කරන්නේ මවාගත්ත ආඩම්බරෙකින්.ඔවුන්ට වින්නබු කම පැවරුවොත් අම්මලට දරුවෝ හැදිල්ලත් එපා වෙයි.තමන්ගේ රාජකාරිය හරියට කරන්න. (ස)
ඉතින් වසන්ත ඔයාට අමාරුද කනිෂ්ට සේවකයෝ වැඩ කරනවා දකිනකොට...(ස)
වෛද්‍ය වරුන්ට මේ වගකීම භාර ගන්න වේවි. (ස)
දැන් තියෙන්නේ මහජනතාවටත් බදු නොගෙවා වර්ජනය කරන්න. හෙදියන් ගේ පඩි ගෙවන්න සල්ලි නැති වුනාම වර්ජන නවත්තලා වැඩට එවි. (ස)
ඔක්කොම එකපාර ගෙදර ඇරියා නම් ජීවිතය තිබෙන තුරු වර්ජන නැහැ. සල්ලි හිඟ වෙනකොට භාග පඩියට වැඩට එයි. (නි)
අද රටේ බොහෝ තැන්වල පෙනෙන දෙයක් තමයි බල්ලාගේ වැඩේ බූරුවා කරන්නට යෑම. තමාට පැවරී ඇති රාජකාරියවත් හරියට කරන්නේ නැතුව කොහොමද අනිත් අයගේ ඒවත් කරන්නේ? මට දැනගන්නට ලැබුණා එක හෙදියක් රෝහලේ හිටපු ඇඟේ මවට විතරක් බෙහෙත් දුන්නා කියලා. බෙහෙත් ඉල්ලුවම තව හෙදියක් කිව්වලු මැරෙන්න ගියොත් කියන්න, ඉන්ජෙක්ෂන් එකක් දෙන්නම් කියලා. ඔන්න අපේ හෙද සේවයේ තත්ත්වය. (නි)
අද ජාතික රෝහලේ හෙදියෝ වැඩ කරා මගේ ඇස් දෙකටම දැක්කා, එයාල අද වැඩ කරේ නිල ඇදුමෙන් නෙවේ.මගේ අම්මත් ඉන්නේ ඉස්පිරිතාලෙ .(ස)
කරුණාකර හමුදා සබලුන්ට මේ පුහුණුව දෙන්න.එයාලට මේක කරන්න පුළුවන්. මෙයාලට හැමදාම වර්ජනේ කරන්න කියන්න. (ස)
බිමල් කියන කතාව ඇත්ත. සේරම්ගේ කතාවත් ඇත්ත (නි)
හෙදියන් සහ වින්නඹුවන් අතර ගැටළුවක් විදියට පෙන්නුවට යටින් ඉන්නේ වෙන කට්ටියක්. ඔවුන් තරයේම විරුද්ධයි අනිත් මිනිස්සු අධ්‍යාපනය ලබනවට, එතුලින් අන්‍ය අයත් තමන් ලබන වරප්‍රසාද ආසන්න ලෙස හෝ ලබාවි කියන හීනමානය නිසා.බලන්න සම සෞඛ්‍යය උපාධිධාරින්ගේ උපාධිය වසර 3 කට කප්පාදු කරන්න කියලා කරපු අපරාදේ නිසා ඒ දරුවන් තාම මහපාරේ.මේ රටේ මෝඩ මිනිස්සු ඉදිරියේ දෙවියන් ලෙස රඟපාමින් අනෙක් සියලුම රාජ්‍ය සේවකයන්ට වඩා වරප්‍රසාද විඳිමින් ඉදිරි පරම්පරවේ අධ්‍යාන අයිතීන් විනාශ කරන අයගේ ක්‍රියාකලාපයේ එක ප්‍රතිපලයක් විතරයි මේ හෙදියන්ගේ ප්‍රශ්නය. (නි)
කැලුම් හරි. ඊයෙත් අදත් නිල ඇදුමෙන් තොරව හෙදියෝ වැඩ කලා. හදිසි ප්‍රතිකාර ඒකක වලත් හිටියා. මගෙත් නෑයෙක් බලන්න මම ගිය වෙලේ දැක්ක. නිල ඇඳුම නැති නිසා ඔවුන් ගැන අවධානයක් නැහැ. (ස)
ඉන්දික, ඔය මොනවා හිතුවත් මිනිස්සු දන්නවා කාටද හීන මානේ කියල. හරි විදියට ඉගෙනගෙන එන්න. වැරදි ආදර්ශ දෙන්න එපා. ගුනාත්මක බව වැඩි වෙන්නේ සූතිකාගාරයට පිරිමි හෙදියෝ දැම්මම නම් එහෙම වෙච්ච්චදෙන්.අතිශයින් සංවේදී මේ කාරණා ගැන ජනතාව ඇස අර බලත්වා. ලංකාවේ අසරණ ලෙඩ්ඩු. (ස)
මේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ඔක්කොම එකයි. මිනිස් ජීවිත බිල්ලට දීලා ඉල්ලීම් දිනාගන්න හදන ජාතියක්. අනිත් සියලුම ක්ෂේත්‍රවල අය එක පාරක් වැඩ වර්ජනය කරනකොට මේ අය දහ පාරක් වැඩවර්ජනය කරනවා. වෛද්‍ය ක්ෂේත්‍රයේ සියලුම අයට හමුදාවට සමාන ආකාරයේ නීති යටතේ වැඩ කිරීමට සැළැස්විය යුතුයි. හමුදාවේ කවදාවත් වැඩ වර්ජනය වෙන්නේ නැහැනේ. අකමැති අයට පුලුවන් අයින් වෙලා යන්න. එතකොට ඔය විනෝදයට වැඩ වර්ජනය කරන ලෙඩේ නිකන්ම සනීප වෙනවා. (නි)
හෙදියන් තමන්ගේ රාජකාරිය නොකර වර්ජනය කරනකොට මෙයාලගේ දවසේ පඩිය ගෙවනවද ? එකත් හොයල බලන්න. (ස)
අද වෛද්‍යවරු කනිෂ්ට සේවකයෝ අනුන්ගේ වැඩ කලාට හෙට අනිද්දම එයාලත් වර්ජනය කරාවි. එතකොට එයාලට මේ මොකුත් මතක නෑ. (ස)
හෙදියෝ ලෙඩුන් තොතකති. රජය ජනතාව නොතකති. (ස)
අසේල, මම දන්නා විදියට නම් එස් සහ එෆ් අතර ලොකු වෙනසක් නැහැ.සී සහ ඒ අතර නම් ලොකු වෙනසක් තියෙනවා.ඔයට එස් එකක් නේද තියෙන්නේ.ඔයාගේ පන්තියේ බයෝ කරලා ඒ සහ එස් ගත්ත අය ගැන කල්පනා කරලා බලන්න.මේ කට්ටියට සුතිකා පුහුණුව ඕනෑම නම් තනතුර මාරු කර ගන්න කියන්න. (ස)
අපේ රටත් දියුණු රටවල් ආදර්ශයට ගන්න ඕනෑ. දියුණු රටවල හෙදියන් සහ මිඩ් වයිෆ් කියන්නේ එකම මට්ටමේ රැකියාවන්.දෙගොල්ලොම ඒ සඳහා තුන් අවුරුදු උපාධියක් සම්පූර්ණ කරන්න ඕනෑ. මේවා ඉහළ සිටින අයගේ වැරදි.අදාල දේ නොකර එක එක තනතුරු අතර ප්‍රශ්න ඇති කරලා වාසි ගන්න යන නිසා අහිංසක ජනතාව දුක් විඳිනවා.මේ දෙක එකට යන රස්සා. අගෞරවයක් කරනවා නෙමෙයි, සාත්තු සේවකයින් හෙද සේවය කරන්න යාමෙන් අනතුරට පත් වන්නේ අහිංසක රෝගීන්ගේ ජීවිත නෙමෙයිද? සුදුසුකම් තිබෙන සාත්තු සේවකයන්ට හෙද පුහුණුව ලබා ගැනීමට අවස්ථාව දෙන්න, එය වෙනම දෙයක්.මෙය වගකිවයුත්තන්ට යොමු වේවා! (නි)
රොහාන්, හෙදියන්ට පඩි ගෙවන්න බදු ගෙවන ලෙඩ්ඩුන්ට අසාධාරණයක් වෙලා නැද්ද ? මම දන්නේ නැති හින්ද ඇහුවේ. (ස)
හැමදාම වැඩ කරලා දවසක් දෙකක් නොකර හිටියම බනින එකත් වැරදි ..අහිංසක මිනිසු බිල්ලට අරගෙන වැඩ වර්ජන කරන එකත් වැරදි..මේවා වෙන්න ඇරලා බලධාරින් බලන් ඉන්න එකත් වැරදි..මෙහෙම බැලුවම මොන කෙනාද නිවැරදි..නිවැරදි කරුවන් කිසිවෙක් නැත.. රෝගීන්ගේ ජිවිත පළමු තැන තබා සියලු දෙනා කටයුතු කිරීම තමා වටින්නේ. (ස)
වැඩ වර්ජන කරාට කමක් නැහැ. හැබයි මේ හෙදියෝ කරනවා වගේ අමානුෂික වෙන්න හොඳ නැහැ. සමහර ඉස්පිරිතාල වල බෙහෙත් ගබඩා වල යතුරු හෙදියෝ හංගල. බෙහෙත් ගන්න විදිහක් නැතිව අහිංසක ලෙඩ්ඩු දුක් විදිනවා.ඒ වගේ දේවල් නම් මහා තිරිසන් වැඩ. ඔය වෘත්තිය සංගම් නායකයෝ දැන ගන්න ඕනේ තමන්ගේ ගෝලයන්ව පාලනය කරගෙන යම් සීමාවක් තුල වර්ජනය කරන්න. ලංකාවේ වගේ අන්තිම සවුත්තු හෙද සංගම් ලෝකේ කොහේවත් නැතුව ඇති. හරියට ගාල කඩා ගත්ත හරක් රැලක් වගේ. (ස)
රුවන්, මම රජයේ විශ්ව විද්‍යාලයක පරිගණක උපාධියක් තියෙන කෙනෙක්.මම කියන්නේ කවුරුවත් මාන්නයෙන් ඉන්න එපා කියලයි (නි)
අපේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා වගේ කළා නම් කට්ටියම යසට වැඩට එයි. (නි)
මෙහෙම ගියොත් ඉගනගන්න ඕන නැ. එස් එකක් අරගෙන නර්ස් වෙලා තව ටික දවසකින් දොස්තර වගේ වේ. මේ බනින අය ලෙඩ වුණෘම බෙහෙත් ගන්න කැමති දොස්තරගෙන්ද නර්ස් ගෙන්ද? තමන්ගේ දැනීම් වපසරියට වඩා එහා ගිය දෙයක් කිරීමෙන් ඇතිවෙන සංකුලතා නිසා අසරණ මිනිස්සු මැරෙනවට කැමතිද? ඉස්කෝලේ සිංහල ටීචර් ඉංග්‍රීසි උගන්නනවට කැමතිද? (ස)
සුලෝචනා, ඔබ හරියට හරි. (නි)
රෝහල් සේවයේ පැහැදිලි බෙදීමක් තිබෙනවා. දොස්තර මහත්වරු වෙනදට නොකරන වැඩ දැන් කරන සූදානම්. (නි)
ප්‍රංශයේ මිඩ් වයිෆ් තමා මාතෘ වාට්ටුවේ ප්‍රධානියා. ඇයට වසර 5ක උපාධියක් තියෙනවා. දොස්තර සමග රෝගීන් පරික්ෂාවට යන්නේ මිඩ් වයිෆ්. (නදී)
ප්‍රංශයේ මිඩ් වයිෆ් තමා මාතෘ වාට්ටුවේ ප්‍රධානියා. ඇයට වසර 5ක උපාධියක් තියෙනවා. දොස්තර සමග රෝගීන් පරික්ෂාවට යන්නේ මිඩ් වයිෆ්. (නධී)
මුදලට නොවිකිනෙන එකම සේවය හෙද සේවයයි. හෙදියන්ට උපාධියක් ලැබෙනවට අකමැති කොටස වෛද්‍යවරුන්. එයට හේතුව උපාධියක් තිබිය යුත්තේ වෛද්‍යවරුන්ට පමණක් බව ඔවුන් හිතනවා විය හැක. අක්ෂි පටලයෙන් බෙහෙත් ටිකෙන් කොමිස් ගහන වෛද්‍යවරුන් ඉන්න රටක හෙදියන් ගෙන යන අරගලය එක අතකට සාදාරනයි. (ස)
මට මේ වෙලාවට මතක් වෙන්න හිටපු ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා. (ස)
වැඩක් නැහැ,! කතා කරලා වැඩක් නැහැ.!!(දී)
අසරණ මිනිස්සුන්ගේ සල්ලි වලින් පඩි ගන්න ගමන් ඒ මිනිස්සුන්වම මරගන්න හදනවා. ඔය පඩිය ගන්න ලජ්ජා වෙන්න ඕනේ හරියට මිනිස්සු මරල ගන්න සල්ලි වගේ. මම පෞද්ගලිකම දන්නවා ඔය කට්ටිය අසරණ මිනිස්සුන්ට බෙහෙත් ටිකක් ගන්න ආවම දාන සද්ද.(නදී)
ඈත්තෙන්ම හෙද වැඩවර්ජනය මහජනයාගෙ පැත්තෙන් බලනකොට කාලෝචිත නෑ...රෝගින් යනු අසරණ පිරිසක් ඔවුන්ට මුදල් නැතිනිසයි රජයේ රෝහල්කරා එන්නේ.උගතමනාමයි ශිල්පය මතු රෑකෙනා කියා කියමනක් පාසල් යනකාලේ කවුරුත් දන්නා දෙයක් ...එය මුලු මහත් ශ්‍රී ලංකා සුව සේවයටම මතක් කරදියයුතු කාලය එලබ ඈත. ඒ මන්දයත් අද එකාට එකා ඊර්ෂයාවෙන් පෙලෙමින් ඉන්නේ. දොස්තර සංගම් කෑමති නෑ අලුත් දොස්තරලා බිහිවෙනවාට..හෙදියන් කෑමතිනෑ වින්නමු මාතාවන් සමග එකට වෑඩකරන්න. වින්නඹු මාතාවන් කමතිනෑ හෙදියන්ට පුහුනුව දෙනවට.නමුත් ඒවයෙ අවසාන පලය මහජනතාවට විදින්න සිදුවීම කණගාටුවට කරුණක් , මහජනයාගේ මුදලින් නිදහස් අධ්‍යාපනය ලබලා තමන්ගේ රටෙ ජනතාසේවයට ගෑරහීමක් නේද කරන්නේ. ජාතික සුව සේවයට මීටවඩා නීති තදවිය යුතුයි. ලෝකයෙ අනෙක් රටවල වගේ. කබඩ්වල යතුරු දමා මහජනයාව අසරණ කරපු හෙදියන්ට නීතිමගින් කටයුතු කලයුතුයි. ඒක මානව හිමිකම් කඩකිරීමක්. රටේ ජනගහනයට අනුව නව වෙදදුරන් හෙදියන් බිහිවිය යුතුයි.රටේ මහජනතාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවට විශේෂ පුහුනුවක් දියයුතුයි. එය සුව සේවයේ අතිවිශාල වගකීමක් බව අමතක නොකලයුතුයි. (දී)
කොන්ද පණ තියන නායකත්වයක් තිබ්බනම් ඔවා නැනේ. (දී)
අර හෙද සංගම් සභාපතිගේ මුණේ තියෙන සිරියාව දැක්කම හිතෙනවා ලෙඩ්ඩුන්ට කොච්චර ආදරෙන් සලකනවා ඇතිද කියල . (ස)
මෙම හෙද ව්‍යාපාරය ගෙන යන කුට උපක්‍රමය ගොඩක් අයට තේරෙන්නේ නැහැ. එයාල උසස් පෙළ අඩු ලකුනු වලින් හෙද විදුහල් යන්නේ. එම කාලේදී පඩිත් ලැබෙනවා. එයාලගේ අවරුදු තුනේ උපාදිය දික් කරගන්න හදන්නේ වැරදි විදියට සුදුසුකම් ඉල්ලන්න. අවරුදු හතර දක්වා දික් කර ගත්තම එයාල දන්ත වෛද්‍ය මට්ටමේ ඉන්නේ. මෙය මෙතනින් නතර නොවේ. මෙයට හේතුව හෙද සේවය පෙලෙන හීන්න මානයයි. කැමත්තෙන් හෙද සේවයට එන්න. වැරදි මාර්ග වලින් බැරි දේවල් ලබාගන්න හදන්න එපා. තමන්ගේ හෙද වැඩේ හරියට කරන්න. මෙයාල කරන්නේ පිළිගත් අධ්‍යාපන ක්‍රමයේ පැටලවීමක් ඇති කරන එක. මෙහිදී ආසාවෙන් තමන්ගේ වැඩේ කරන හෙදියන් ද ඇත. මොවුන් මෙම වර්ජනයට කැමතිද නැත. ඔවුන්ට මගේ ප්‍රනාමය. (නදී)
එහෙනම් දේශපාලන ගුණ්ඩු තාම හෙද සේවයට දෙනවද? (නදී)
රගර් කණ්ඩායමට හෙද පුහුණුව දෙමු. එයාලට අවි පුහුණුවත් දුන්න එකේ හෙද පුහුණුවත් දෙන්න ඕනේ. (දී)
මේවට බෙහෙත් තිබ්බේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ළඟ පමණි. (ස)
ඉල්ලීම් දිනන කොට ලෙඩ්ඩු මැරිලා (දී)