වර්තමානයේ ළමයින්ට වඩා ඔවුන්ගේ දෙමාපියන්ට ගුණගරුකකම් ඉගැන්වීමට සිදු වි තිබෙන බවත් දරුවන්ට බොරු ඉගැන්වීම ඇරඹෙන්නේ දරුවා පාසලට දැමිමට දෙමාපියන් බොරු ලිපින, බොරු ස්ථාන දමා ලිපි ලේඛන සකස් කර ඒවා දරුවන්ටත් ඉගැන්වීමෙන් බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ පැවැති ළමා දින උත්සවයේදී පැවැසීය.
දෙමාපියන් එසේ කිරීමෙන් දරුවන් කුඩා කාලයේදීම භයානක අපරාධකරුවකු තත්වයට නොදැනීම පත්වන බවත් කී ඇය දෙමාපියන්ගේ එකිනෙකා පරයා යෑමේ තරගකාරීත්වය මත කොතරම් දරුවන් අධ්‍යාපනයෙන් ඉහළට ගියත් පලක් නොවන බවත් අධ්‍යාපනය සේම අනිකුත් ගුණාංගද දරුවන්ට ලබා දිය යුතු බවත් කීවාය.
රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩී.ආර්.කේ හේරත් මහතාගේ උපදෙස් මත ලෝක ළමා දිනය සැමරුම වෙනුවෙන් සංස්කෘතිකමය හා අධ්‍යාපනික වශයෙන් වටිනා පැරණි ක්‍රිඩා, ගොවිකම් භාණ්ඩ ආදිය ඇතුළත් ප්‍රදර්ශයක් ද දරුවන්ගේ විවිධ ප්‍රසංගයක්ද පැවැත්විණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවා පාසලට දැමිමට දෙමාපියන් බොරු ලිපින, බොරු ස්ථාන දමා ලිපි ලේඛන සකස් කර ඒවා දරුවන්ටත් ඉගැන්වීමට සිදුවී ඇත්තේ මක් නිසාදැයි පලමුව සොයා බැලිය යුතුයි .ආණ්ඩුව පාසැල වලට සම්පත් ලබාදීමේදී ජනප්‍රිය පාසැල් වලට විශේෂයක් කිරීම නිසා ඇතිවී ඇති අධ්‍යාපනයේ විෂමතාවය නිසා තමයි මේ ප්‍රශ්නයට මුල .එය අවම කිරීම තමයි කළ යුත්තේ (බ)
මේ පාලකයින්ට තේරෙන්නේ නැත්තේ ඇයි ගම්බද පාසල් දියුණු නොකිරීම නිසා තමයි මේ දේ වෙන්නේ කියල. ඉස්සර වගේ නොවෙයි දැන් හැම දෙමාපියෙක්ම තම දරුවාගේ අනාගතය යහපත් කිරීමට හුගක් කැපකිරීම් කරනවා. (බ)
ඔය නෝනගේ දුල පුතාල , මුණුපුරු මිණිපිරියෝ එහෙම බොරුවට ඇඩ්‍රස් හදල ඉස්කෝල වලට දාලම නැතුව ඇති . ගේ ළඟ ඉස්කෝලේ නේ ගියේ නේ.....ද ? අපි නම් බොරුවට ඇඩ්‍රස් හදන් නෑ. ජනප්‍රිය ඉස්කෝලේ ළඟින් ගෙයක්ම ගන්නවා. මොකද අපිට සල්ලි නැතුව නෙවේනේ. (බ)
ඒ උදාර විශ්ලේෂණය සත්‍යක්. (බ)
එතකොට දේශපාලඥයෝ කියන්නෙත් ඇත්තද?(හේ)