“අවුරුදු 40ක් තිස්සේ ජනතාව ඉල්ලූ දේශපාලන ප්‍රතිසංස්කරණ අපි මාස 10න් දුන්නා. 19වන ව්‍යවස්ථා සංශෝධනය ඉක්මනින්ම කළා. ස්වාධීන කොමිෂන් සභා නවයක් දැන් පත් කරලා තියෙනවා“යැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අද ඉමදුව නව නගර සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීවෙන් අනතුරුව කියා සිටියේය.
“මේ යටතේ ස්වාධීන මැතිවරණ කොමිසම, ස්වාධීන පොළිස් කොමිසම ඇතුළු කොමිෂන් සභා ඇති කළා. ඒ මගින් රාජ්‍ය පාලනය වඩාත් ප්‍රජාතාන්ත්‍රීය ක්‍රමයකට ගෙන ඒමට හැකි වනවා. කළින් ස්වාධීන පත්කිරීම් තිබුණේ නැහැ. ඒවා කලේ පෞද්ගලික හිතවත්කම් වලට හා බලපෑම් වලට අනුව. නමුත් අපි පාර්ලිමේන්තුවේ ඇති කරපු ව්‍යවස්ථා සභාව මගින් මෙම පත්කිරීම් කලා. දැනට තියෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වෙලා පවත්වාගෙන යන රජයක්. පසුගිය මැතිවරණයෙන් වැඩි බලයක් පක්ෂ දෙකටම ලැබුණේ නැහැ. ඒකෙන් මේ රටේ ජනතාව පෙන්නුවෙ ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා මේ රට ගොඩනැගීමේ අවශ්‍යතාවය. මේ අනුව දියුණු සංවර්ධිත රටවල ගති ලක්ෂණ මැතිවරණ සංස්කෘතිය තුළ ඇති කිරීමට අපට හැකි වුණා. දේශපාලන පළිගැනීම් නැතිකර විනය ගරුක බව ඇති කළා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපි මෝඩ නැහැ. ඒගොල්ලොයි මේගොල්ලොයි කියන්නේ එකම කාසියක දෙපැත්තක් කියලා දැන් අපි තේරුම්ගෙන අවසානයි (නි)
තේරුණේ දැන් තමයි. (නි)
ඒක අපිට පෙනෙනවා ... (නි)
ඒක ඇත්ත. දැන් සියල්ල අංගසම්පූර්ණයි. ඒක හැමෝටම දැන් තේරිලා තියෙන්නේ (නි)
තව අටුවා ටීකා මොකටද? දන්නෝ හොඳටම දනිති. අවශ්‍ය වෙලාවට මිනිස්සු අවශ්‍ය දේ කරාවි (නි)
නැතුව නැතුව... ඒ කතාව සහතික ඇත්ත (නි)
ඔබතුමාට ජාතියේ ප්‍රණාමය පිදිය යුතුය. පෙර ජනපතිතුමාගේ අමිල සේවය බොහෝවිට මහජනයාට අමතකවුයේ එතුමා වටා සිටි අයගේ අනුවණකම් නිසා බැවින් අවස්ථාවාදින්ගේ යෝජනා ගැන සාවධානයෙන් සිටිය යුතුය (නි)
හේරත්, වාහන දුම් පරීක්ෂාව මම නම් අනුමත කරන්නේ නැහැ (නි)
හොරු අල්ලන එක පළිගැනීමක්ද? ඇල්ලුවත් වැරදියි. නොඇල්ලුවත් වැරදියි. පුදුම කතාවක්නේ. අනික රටක් පාලනය වෙන්නේ බදු වලින් (නි)
මහත්මයාණෙනි, ඔබතුමාට මම ලක්වැසියෙකු වශයෙන් ගෞරව කරනවා. ඔබ අපේ රටේ ජනාධිපතිවරයා. නමුත් අප හදවත් තුළ විශ්වාසය ඇතිකිරීම ඔබ විසින් කළයුතුයි (නි)
ජයවේවා! (නි)
ජනතාව බලාපොරොත්තු තැබූ තරමට යමක් ජනතාවට නොලැබුනත්, නිවැරදි මඟක යාමට එතුමා ගන්නා උත්සාහයක් පෙනෙන්නට ඇත. ඒ සඳහා යම් ප්‍රසාදයක් එතුමාට හිමිවිය යුතුය. විරුද්ධ දේශපාලන මත දරන්නන් සමඟ හෝ අවශ්‍ය දේශපාලන අරමුණ වෙත යාමට ගන්නා උත්සාහයක් එතුමාගෙන් මම දකිමි. (නි)
හොඳ කතාවක් (නි)
මොහාන්, රජ කාලේ රුහුණු, මායා, පිහිටි කියලා තුනක් තිබුනා නේද? ඒත් මිනිස්සු ජීවත්වුණා. (නි)
වෙන මොනවායෙන් බදු අයකළත් කමක් නැහැ, කන බොන දේවල් වලින් බදු අයකරන එක සම්පුර්ණයෙන් නවත්වන්න (නි)
හතළිස් වසරක් කියන්නේ 1975 ඉඳලා අද වෙනතුරු කාලය. එයින් අවුරුදු තිහක්ම රට හිරවුණේ ත්‍රස්තවාදයක් නිසයි. (නි)
කමක් නැහැ. මොන අඩුපාඩු වුණත් පවුල් පාලනය පැරදුවනේ. ඒ හොඳටම ඇති. (නි)
අපි කැමති නැහැ මේවා ගැන කතාකරන්නවත් (නි)
රොක්සි, අතපය නැතුව කවුරුහරි ජීවත්වුණා කියලා හොඳට තිබෙන අතපය අනෙක් අය කපලා දානවද? මොළේ කළඳක් නැති රොක්සිලා වගේ අය ටික දෙනෙක් ඉන්නවා කියලා රටේ වෙන දේවල් දැනෙන ඔලුව තිබෙන අයගේ මොළ ගළවලා දාන්නද කියන්නේ? බෙදුන රටක් එකතු කරනවා මිසක් රටක් බෙදලා හැමදාම යුද්ධ කරමින් ඉන්නද කියන්නේ? (නි)
අපිත් දැන් රටේ ලොකු වෙනසක් දකිනවා (නි)
ඔබතුමා අපිට විශ්වාසයි (නි)
වින්සන්ට් සමග එකඟවෙමි. අඩුපාඩු ගණනාවක් මැද වුවද රට යහමඟට ගැනීමට, රටේ නීතියට ගරුත්වය ඇතිකිරීමට යම් උත්සාහයක්වත් දරනු පෙනේ. සෙමින් සෙමින් හෝ යමක් සිදුවීම රට දිගින් දිගටම සාමාජයීය, දේශපාලන සහ සංස්කෘතික වශයෙන් ශීඝ්‍රයෙන් පිරිහෙනවාට වඩා හොඳය. (නි)
ඒක නම් අපිට හොඳට පෙනෙන්න තිබෙනවා (නි)
ජනතාව ගෙදර යවපු අයත් අරගෙන මොනවද මේ කරන්නේ? (නි)
දස මාසෙන් කළ හරිය හොඳටම ඇති (නි)
ඒක නම් අපිත් පිළිගන්නවා (නි)
සහතික ඇත්ත (නි)
ජනාදිපතිතුමනි බොහොම හොඳයි. දැන් අධිකරණය සුද්ද කරලා ස්වාධීන කරන්න, තොරතුරු දැන ගැනීමේ පනත ගෙනවිත් නීතිපති අංශයත් එයට ඇතුලත් කරන්න. (ස)
කියල වැඩක් නැහැ ,හොඳටම තෙරෙනේවා දැන් නම්. (ස)
කෑම බීමවලින් බදු ඉවත් කරගන්න නම් තාමත් බැරි උනා. (ස)
ඇමති මණ්ඩලය 20 ට අඩු කරලා, රජයේ වියදම් අඩු කරලා ඒ ඉතුරුවෙන් බඩු අඩු කරන පොරොන්දුවට මොකද වෙන්නේ ? (ස)
බොහොම හොඳයි. පැරදුන අයත් පාර්ලිමේන්තුවේ. එහෙම කරපු ලෝකයේම පළමු රට මේක. (ස)
මේ වගේ දේසපාලන පලිගැනීම් කිසිමදාක අපේ රටේ සිදුවෙලා නැහැ. (ස)
කටින් බතල හිටවනවා විතරයි. කරපු දෙයක් නැහැ. (ස)
ගරු ජනාධිපතිතුමනි , ලංකාවේ දැනට පවතින දේශපාලනික හිතවත්කම් මත විවිදාකාරයේ පර්මිට් ලබා දීම සම්පුර්ණයෙන් නතර කරන්න. වසරෙන් වසර මේ පර්මිට් ප්‍රසිද්ද වෙන්දේසියේ දමා වැඩිම ඉල්ලුම් කරුට ලබා දී රජයට ආදායමක් ලබා ගන්න. උදාහරණ විදිහට වාහන දුම් පරීක්ෂාව සිදු කරන ආයතන, පෙට්රෝල් ෂෙඩ්, බාර්, මෙකි නොකී සියල්ල. (ස)
ඇයි එක රට දෙකක් කරන එක. (ස)
ඔබට ජය වේවා මැතිඳුනි! (නි)
ජය වේවා! (නි)
රටේ වාසනාවටයි ඔබ පහළවුණේ (නි)
අපේ රට ටිකෙන් ටික දියුණුවෙනවා නම් අපිත් කැමතියි (නි)
ඔබතුමා ගැන අපිට විශ්වාසයි (නි)