‘‘ශ්‍රීලංකන් එකෙන් සංගීතයක් තිබ්බා. මමත් සිංදු කියන්න ගියා. ඊට කෑම දුන්නු කේටරිං එකක් ගැන මගෙන් ප්‍රශ්න කළා. මං ඒ ගැන දන්නේ නෑ. ඒ ගැන දන්නේ සංවිධානය කළ අයනේ. මගේ රාජකාරිය ආරාධනාවක් ආ විට ගිහින් සිංදු කියන එකයි. මට කියන්න තියෙන්නේ ‘හත්වලාමෙ වෙච්ච දේට මක්කරන්නද?‘ කියලයි.‘‘ යි ප්‍රවීන ගායන සහ රංගන ශිල්පී බන්දුල විජේවීර මහතා කීවේය.
ඔහු මේ බව කීයේ ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය වෙත ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුභූත කොමිසම් නැතුව වංචාවක් වෙලා තිබෙනවා නම් පිළිගත හැකි සාක්ෂි තිබෙනවා නම් අධිකරණයේ නඩු පවරන්න , නැත්නම් රනිල්ට වෙන්නේ ලබන ඡන්දෙන් පස්සේ නැවතත් විපක්ෂේ ඉඳගෙන බයිල කියා කියා ඉන්න (බ)
කන්න දීපුවා ගැන අහන්න ඇති ....සමහරවිට රත්රන් මුතුමැණික් ඔබ්බපු කේක් කන්න දුන්නද දන්නේ නැහැනේ ......... (ම)
වාසි වෙලාවට මාමලට නොම ආරාධනා (බ)
යන්නේ කොහෙද මල්ලේ පොල් ප්‍රශ්න කරන්න ඕනේ කෙනාගෙන් නොවෙයි ප්‍රශ්න කරන්නේ මේ සේරම කරන්නේ බොරුව (බ)
මේ පක්‌ෂ විපක්‌ෂ හැමදෙනා තුළම ඇති සබඳතා නිසා අවාසිය වෙන්නෙ මහජනතාවට. මේ නිසා මහජනතාවට කවදාවත් මේ ප්‍රභූ දේශපාලන තානාත්තරවල ඇත්ත තොරතුරු ලබාගැනීමට ලැබෙන්නෙ නැහැ. (නි)
පුල්ලි ගොනා රට පැනලා චතුරි සොයන්නට සිරි ලන්කන් එයා ලයින් ඔක්කොම කාලා ගොඩ ගන්නට විදියක් දැන් නැතැයි කියාලා මටයි දෝස කියන්නෙ මං මක් කොරන්නද? (බ)
කමල්ගේ සින්දුව නියමයි (නි)
එක පාරක් චෝගම් වල අාපු රාජ්‍ය අමුත්තන්ගේ ආහාර වේල්වලට මේවගේ ..ගොන් ..පරීක්ෂාවක් කරන්න හැදුව නේද?..කාපු බීපු මිනිස්සු නොවේද මෙහෙම ලා බාල වැඩ කරවන්නේ ..හොඳ වෙලාවට කාපු බීපුව කොමඩ් වලින්, නල මාර්ගවලින් ඈතට ගිහින් දාල සුද්ද පවිත්‍ර කරන්නේ ....වලවල් තිබුන නම් තවමත් වලවල් කුරුගාන්නත් කට්ටිය යොදවනවා සාක්කි හොයන්න....අනිත් ගුවන් සේවා සමග බැලීමේදී ..මෙයාල මොනවද ගුවන් යානා වලදිවත් කන්න දෙන්නේ.... (බ)
හත්වලාමේ! මේ ඔක්කොම හොඳට කාලා තිබෙන හැඩ තමයි අපිට නම් පෙනෙන්න තියෙන්නේ. (නි)
හත්වලාමයි! (නි)
මහින්ද රාජපක්ෂ යුගයේදී කලා කරුවන්, ගායකයන් හට හොඳට කන්න හා බොන්න දීල ඔටුන්න බිම වැටෙන්න නොදී බේර ගත්ත. දැන් ඔටුන්නත් බිම, රජත් බිම. රජාගෙන් කාපු බීපු අයට දැන් වෙලා තියෙන්නේ වමාරන්න. දුන්න පළියට කන්න නරකයි කියන්නේ ඕකට තමා....(රේ)
ගෙදර තිබෙන මුව හමට තලන්නේ ඇයි හත්වලාමේ.(ම)
"එකෙක් රයිගම පැත්තේ, අනික ගම්පොල නොවෙයි අලව්ව පැත්තේ. " කාපු බීපු දේවල් ගැන අහන්න ලජ්ජා නැද්ද,?(ම)
ඇයි එතකොට පෙරලුනොතින්.. පෙරලුනු පිට හොඳයි කියනවා..(ම)