IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හිතුවොත් මොනවද කරන්න බැරි?

  SAN_8363     

 

 

මේ ශ්‍රීමාලි ෆොන්සේකා ගැන බොහෝ දෙනා කතා කරන්න පටන් ගත්තේ, 2012 ආසියානු විවාහක රූ රැුජිණ වීමත් සමගයි. නමුත් ඊට පෙර සිටම ඇය වෙළඳ දැන්වීම්වලට පෙනීසිටි බව කියන්න පුළුවනි. ඇත්තම කිව්වොත් ශ්‍රීමාලි ගැන බොහෝ දෙනා කතා වෙන්නේ එයා මේ දක්වා පෙනී සිටි දැන්වීම් නිසයි. 

”ඊසියි-ලේසියි” වොෂින් මැෂින් දැන්වීම වගේම ලක්ෂපාන දැන්වීමේ විල්සන් අංකල්ගේ නෝනා වූ ශ්‍රීමාලි ගැන මේ දිනවල නම් බොහෝ අය කතා වන්නේ සෙව්වන්දි ටීචර් නිසයි. ඒ සියල්ලට අමතරව රූපලාවන්‍ය ශිල්පිනියක ලෙසත් අද ඇය අතිශයින්ම කාර්්‍යබහුලයි. දැන්වීම්, ටෙලිනාට්‍ය, රූපාලවන්‍ය වගේම නිරූපණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රකටව සිටින ශ්‍රීමාලි සඳැල්ල හැඩ කළ මොහොතකි මේ. 

SAN_8403


button ශ්‍රීමාලි, ඊසියි-ලේසියි කියන්නද? සෙව්වන්දි ටීචර් කියන්නද?
මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ රාත‍්‍රී 8ට විකාශය කෙරෙන, ශාන්ත සොයිසාගේ මේඝා නාට්‍යයේ සෙව්වන්දි ටීචර්ට ලැබෙන ප‍්‍රතිචාර ඉහළයි. මේ දක්වා මා ගැන බොහෝ දෙනා කතා කළේ දැන්වීම් නිසයි. ඒත් දැන් මේ ටෙලිනාට්‍යයේ චරිතය නිසා බොහෝ දෙනාගෙන් ඊට ලැබෙන්නෙ හොඳ ප‍්‍රතිචාර. එහි රණා (බිමල්) නමැති දඩබ්බර ගති ඇති තරුණයා හොඳමගට ගැනීමට වෙහෙසන චරිතයක්. එයා මට විතරයි මෙල්ල වෙන්නෙ. 

 


button ඔබ ක්ෂේත‍්‍රයට පැමිණියේ රූපලාවන්‍ය ශිල්පිනියක ලෙසයි. දැන් ඒ කටයුතුවලට මුල්තැන දෙන්නෙ නැද්ද?
මේ මොනදේ කළත් ශ්‍රීමාලි වැඩියෙන් තැන දෙන්නෙ රූපලාවන්‍ය වැඩවලටයි. රඟපෑමේ අංශයට මම ආසයි. විකාශය වූ ”ඉස්සර හට යන්න” ටෙලි නාට්‍යයෙන් තමයි පටන් ගත්තෙ. ඒ නාට්‍ය වගේම එහි රඟපෑ චරිතයත් ජනප‍්‍රිය වුණා. ඉතා හොඳින් මේ සියලූ කටයුතු කරගෙන යනවා.

 


button ”සෙව්වන්දි” චරිතය ලැබුණෙ කොහොමද? 
සෙව්වන්දි අහිසංක තරුණියක්. එයා බැ?රුම් වෙන්නෙ රණා නිසයි. මෙහි ප‍්‍රධාන චරිතයට මාව තෝරා ගැනීම ගැන ශාන්ත සොයිසා මහතාට ස්තූතිවන්ත වෙනවා.

 


button ආසියානු විවාහක රූ රැුජින වීමෙන් පසු වෙනත් රූ රැජින තරගවලට නොගියේ ඇයි? 
ආසියානු කලාපයේ විවාහක රූ රැජින තරගයෙන් ජයග‍්‍රහණය කළ පසු, තවත් තරඟ සඳහා අවස්ථා ලැබුණා. නමුත් රූපලාවන්‍ය වැඩ නිසා ඒවා අතරමග නතර වුණා. ඉන්පසු රූපලාවන්‍ය කටයුතු සහ දැන්වීම් නිරූපණයට නිරන්තරයෙන් දායක වුණා. 

 


button මේ දිනවල දැන්වීම් කීයක් විතර ප‍්‍රචාරය වෙනවද?
කලකට පෙරදී මම දායක වූ මැලිබන් නයිස්, ගුඞ් නයිට් මදුරු කොයිල්, ලක්ෂපාන සහ ඊසියි-ලේසියි (සිංගර්) නිතර ප‍්‍රචාරය වෙනවා.

 

SAN_8358

 

 


button රඟපෑම, දැන්වීම් නිරූපණය, රූපලාවන්‍ය කටයුතුවලට අමතරව රූපවාහිනී නිවේදනයට එක්වෙනවා නේද?
ස්වර්ණවාහිනී ආයතනයේ ”වෙඩින්” ප්‍රෝග‍්‍රෑම් එක සහ බ‍්‍රහස්පතින්දා දෙකයි-දෙක ප්‍රෝග‍්‍රෑම් එක ඉදිරිපත් කරන්න ලැබුණා.

 


button මේ ඔක්කොම කරන්න කාලය තියෙනවද?
හිතුවොත් මොනවද කරන්න බැරි? කාලයෙන් උපරිම ප‍්‍රයෝජන ගන්න  ඕනෑ. අවස්ථා ලැබුණාම ඊට ගරුකරන්න  ඕනෑ. ඒ අතින් මම හරි වාසනාවන්තයි. මේ ලැබුණු අවස්ථාවලට ගරු කරනවා. 

 


button යාළුවෝ ඔබට කතා කරන්න ශ්‍රී කියලා නේද?
හැමෝම කියන්නෙ ‘ශ්‍රී’ කියලයි.

 


button ‘ශ්‍රී’ කොහොම කෙනෙක්ද?
දඟකාරයි. ඒ වගේම කටකාරයි කියලත් හිතෙනවා.

 

SAN_8330

SAN_8328

 


button එහෙම වීම හොඳද?
වැරදි දේ නොකර හරි දේ වෙනුවෙන් එහෙම වීම වරදක් නෙවෙයි. හරි දේ කරලා ජීවිතය සැහැල්ලූවෙන් ගෙවන්න ආසයි.

 


button මොකද නිතරම සිංගප්පූරුවට යන්නෙ?
මේ මගේ ලස්සන ශ්‍රී ලංකාව හැර මම ආසම අනෙක් රට සිංගප්පූරුවයි. නිවාඩුව එහි ගතකරන්න හරිම ආසයි. නමුත් වැඩිපුරම එහි යන්නෙ වෙඩින් එකට පෙර කෙරෙන ෆ‍්‍රී-ෂූට් නිසයි.

 


button ඔබ බොලිවුඞ් නිළි ‘රාණි මුඛර්ජි’ වගේ කියලත් කියනවා නේද?
යාළුවෝ නම් කියන්නෙ එහෙමයි.

 


button ඇය හමු වී තිබෙනවාද? 
කතා කරලා නැහැ. දැකලා තියෙනවා.

 


button බොලිවුඩයේ ප‍්‍රකට නිළියකට රූපලාවන්‍ය කටයුතු කිරීමට අවස්ථාවක් ලැබී තිබෙන බවටත් ආරංචියි. ඒක ඇත්තද? 
ඒක දැනට රහසක්. පසුව කියන්නම්.

SAN_8310

sadun-gamage



අදහස් (0)

හිතුවොත් මොනවද කරන්න බැරි?

නිම්මි Wednesday, 18 November 2015 11:39 PM

කවුරු මොනවා කිවුවත් මගෙන් ඔබට සුභ පැතුම්!!! (නි)

:       0       0

ඉමේෂ් Thursday, 19 November 2015 09:45 AM

මේ නිළියක් ද? මම නම් දැකලාත් නෑ (ම)

:       0       0

වනමලී Tuesday, 17 November 2015 06:46 AM

වෙඩින් එකට පෙර ප්‍රී ෂූට් කී පාරක් කරනවද ? (ම)

:       0       0

අශෝක ‍ Saturday, 21 November 2015 05:32 PM

සුබ පැතුම්! (නි)

:       0       0

ප්‍රියදර්ශන Tuesday, 17 November 2015 12:30 PM

ඔබගේ පැතුම් ඉටුවේවා! (නි)

:       0       0

හසිත් Monday, 16 November 2015 11:00 AM

මොන ප්‍රධාන චරිතයක්ද? ප්‍රධාන ගැහැණු චරිතය කරන්නේ වෙනත් තරුණ නිලියක්. මෙයා මේ මොනවාද කියවන්නේ ? (බ)

:       0       0

නුවන් Wednesday, 18 November 2015 07:02 AM

කරගෙන යන බව නම් පේනවා කල්කිරියාවෙන්! (බ)

:       0       0

අතුල Tuesday, 17 November 2015 05:15 AM

සුබ පැතුම් ඔබට! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site