මෙවර උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය සැකසීමේ පරීක්ෂණ මණ්ඩලයෙන් ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය ඩැනී අතපත්තු මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ආර්ථික විද්‍යාව ප්‍රධාන පරීක්ෂකවරුන් ලෙස මීට පෙර කටයුතු කළ ආචාර්ය මාහාචාර්යවරුන් 39 දෙනකු විභාග කොමසාරිස් ජනරාල් වෙත ලිපියක් යවා ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචිමාර්ග කියයි.
ප්‍රධාන පාලක පරීක්ෂක විශ්‍රාම ගන්නා විට හෝ ඉවත් වන විට පරීක්ෂක මණ්ඩලයෙන් දෙවන, තුන්වන සාමාජිකයටන්ගෙන් අයකු ප්‍රධාන පාලක පරීක්ෂක ලෙස පත් කර එවිට ඇතිවන පුරප්පාඩුවට ඔවුන්ගේ නිර්දේශ මත නව පරීක්ෂකවරයකු පත් කර ගැනීම මෙතෙක් කල් පැවැති සම්ප්‍රදාය බවත්, මෙවර පරීක්ෂක මණ්ඩලයේ සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් තිදෙනාම එකවර ඉවත් කර විභාග සම්ප්‍රදාය උල්ලංඝනය කර ඇති බවත් ආචාර්ය මාහාචාර්යවරුන් විසින් විභාග කොමසාරිස්ට යැවුණු ලිපියේ සඳහන්ය.
විෂය නිර්දේශ සකස් කිරීම, ගුරු අත්පොත් සැකසීම, ගුරුවරුන් පුහුණු කිරීම සහ උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කළ වසර 20-25 අත්දැකීම් ඇති ආචාර්ය මහාචාර්යවරුන් සැළකිය යුතු ප්‍රමාණයක් සිටිය දී මෙවර උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය සැකසීමේ පරීක්ෂක මණ්ඩලය පත් කිරීමේ දී ඔවුන් නොසලකා හැර ඇතැයි ද එම ආචාර්ය මහාචාර්යවරු කියති.
ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයක දී දේශපාලන මැදිහත්වීම් ආවත් ඒවා සියල්ල පෙර සිටි පරීක්ෂක මණ්ඩලය ප්‍රතික්ෂේප කළ බව ද ආචාර්යවරුන් විභාග කොමසාරිස්ට දැනුම් දී ඇත.
මෙවර පත් කර ඇති පරීක්ෂක මණ්ඩලයේ වෙනසක් සිදු නොවුනහොත් 2014 උසස් පෙළ විභාග ඇගැයීම් කටයුතු වලට ප්‍රධාන පරීක්ෂකවරුන් ලෙස සහභාගී වීම පිළිබඳ නැවත සලකා බැලීමට සිදු වන බව ද ආචාර්ය මහාචාර්යවරුන් විභාග කොමසාරිස්ට දන්වා ඇත.
මේ බව දැනුම් දීමේ අරමුණ උසස් පෙළ දරුවන්ට අහිතකර බලපෑමක් ඇති වන සේ විභාග කටුයුතු අඩපන කිරීම නොව දේශපාලකයන් විභාග කටුයුතුවලට අත්තනෝමතිකව මැදිහත්වීම හෙළා දැකීම හා විභාග දෙපාර්තමේන්තුවෙන් සිදු කරන ලද වරද නිවැරදි කිරීමීමට සහාය වීම බවත් එම ලිපියේ සඳහන්ය.
2013 වසර දක්වා ආර්ථික විද්‍යාව ප්‍රධාන පරීක්ෂකවරු ලෙස කටයුතු කළ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 50කට ආසන්න ප්‍රමාණයකින් 39 දෙනකු එම ලිපියේ අත්සන් තබා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පුළුවන් ඔය තැනට ටියුෂන් ගුරුතුමකු දාන්න. පන්තියේ හැමෝම ඒ සාමාර්ථ ගෙන පාස් වේවි. (නදී)
ආයේ දෙකක් නැහැ. කාගේ හරි බලවතෙකුගේ ළමයෙක් ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයට ඉදිරියේදී මුහුණ දෙන්න නියමිත ඇති. දැන් ඉතින් තමන්ට ඕන කෙනෙක් එතනට දමා ගත්තම වැඩේ හරිනේ. (අ)
සමහරවිට ලංකාවට ආර්ථික විද්‍යාව වැඩක් නැහැ කියලා හිතෙන්න ඇති. කොච්චර ඉගැන්නුවත් ප්‍රායෝගිකව භාවිතාවක් ඉහල මට්ටමේ නැතිනම් පහල මට්ටම ට මොකට උගන්නනවද නේද ? (අ)
අනේ හොඳයි ලෙඩා මලත් බඩ සුද්දයි කිව්වලු. l (අ)
මේ වනවිට බැලු පිරිස 1156.අදහස් ප්‍රකාශ කර තිබෙන්නේ 4 දෙනෙක් පමණි .රටේ අනාගතයට වැදගත් මෙවැනි දේවලදී රටට ආදරය කරන පුරවැසියෝ පෙරමුණ ගන්න ඕන නේද ? (නදී)
ලංකා ආර්ථිකය විද්‍යාත්මක නොවන බව පසක් වී ඇත්තේ අද ඊයේ නෙවෙියි. එබැවින් මිල න්‍යාය හෝ සර්ව හෝ සාර්ව ආර්ථික විද්‍යාවද නැත. ඇත්තේ එකම එක බලල් අතකි. එය ප්‍රෝඩාකාරී දේශපාලූ හස්තයකි.(නදී)
මේ පුරප්පාඩුවටත් යන්තම් අට පාස් භවතෙක් දැම්මොත් එහෙම ආර්ථික අවපාතයක් කරාම අනාගත පරපුර ගෙන යාවි. (නදී)
ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය ඩැනී අතපත්තු මහතා කියන්නේ ඉහළම ගනයේ මහාචාර්ය වරයෙක්. එතුමාගෙන් දවසක් පුද්ගලික පංති කාරයෙක් සල්ලි වලට ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය ඉල්ලුව.. එතුමා කියලා තිබුනා මගේ දරැවොයි බිරිදයි අරගෙන යන්න ඒ ප්‍රශ්න පත්‍රය නම් දෙන්න බැ..කියලා.. අනිවාර්යෙන්ම මෙතුමාගෙන ඇමැති කෙනෙක් හරි මොකෙක් හරි ප්‍රශ්න පත්‍රය ඉල්ලන්න ඇති. (අ)
තව කලයකක් යනකොට දුම්රිය දෙපර්තම්නේතුව බඳවා ගන්නා ක්‍රමයට යාවි. සුබ අනාගතයක් (නදී)
මට තේරුම් ගන්න බැහැ මොකටද මේ මිනිස්සු අධ්‍යාපනයම කන්න බලාගෙන ඉන්නේ කියලා? (නදී)
මහාචාර්ය ඩෑනි අතපත්තු යනු ආරථික විද්‍යා විෂය සංවර්ධනයට ශ්‍රී ලංකාව තුළ අතිවිසාල දායකත්වයක් සැපයු දෙස් විදේස පතල දැනට ආර්ථික විද්‍යාව පිළිබද ලංකාවේ සිටින ජ්‍යෙෂ්ටතම මහාචාර්ය වරයෙකි ඔහුගේ වටිනාකම දෙශපලයකන් විසින් තීරණය කිරීම අතිශය කණගාටුවට කරුණකි (අ)
මේ වගේ දෙවල් නිසා තමයි මම ලංකාවෙන් පිට වුනේ (අ)
සුභ අනාගතයක් , මේකට තමා මහත්වරුනි ආශ්චර්ය කියන්නේ.(අ)
මහාචාර්ය අතපත්තු විදේශයන්ගෙන් පවා පිදුම් ලැබූ උගතෙක් .එසේම තම කාර්ය නිවැරිදිව ඉටු කරන වැදගත් මහත්මයෙක් .එවැනි අයට ඇයි මේ කෙනෙහිලි කම් ? වැදගත් උගතුන් රට හැර යාමේ පාඩුව අනාගත පරපුරටයි . (ස)
මම ටික දිනකට කලින් කියාපු කොමෙන්ට් එකම නැවත ලියනවා. මුළු අධ්‍යාපන කටයුතු සියල්ලටම එකම එක ඇමති කෙනක් හිටපු කන්නන්ගර යුගය අධ්‍යාපනයේ ස්වර්ණමය යුගයයි. දැන් ඩෙස් වලට එක්කෙනයි පුටු වලට තව කෙනෙකුයි කළු ලාල්ලට, ඩස්ටර් එකට හිටන් ඇමතිලා හිටියාට මේ ගෙවන්නේ ලංකාවේ අධ්‍යාපනයේ අඳුරුතම යුගයයි. (නදී)
මහාචාර්ය වරුන්ගේ ඒකාධිකාරය කඩා දැමීමටත්, දේශපාපනය කරන්නා වූ ටියුශන් ගුරුවරුන්ගේ අත පෙවීම් අවම කිරීමටත් හැකිවනුයේ ස්වාධීන කොමසාරිස් වරයෙකු යටතේ පාලනයවන ප්‍රශ්න බැංකුවකට පමණී.(අ)
මේ ලංකාවේ බහුතරයගේ කැමැත්ත නේ ඔයාලට හොදනම් අපට මොකද ?ලංකාවේ නොසිටීම ගැන මම නැවත නැවතත් සතුටු වෙමි. කෝ අර විශ්වවිද්‍යල ළමයි දැකපු ගමන් කෑගහන මහත්වරු නෝනලා ටික ? (අ)
ඕකෙන් වෙන්නේ, තව තවත් ලංකාවෙන් බුද්දිමතුන් එලියට යන එකයි, හැබැයි අපේ පාලකයන්ටත් ඕනේ එකම තමයි, අපේ රටේ මිනිස්සු කවදා ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගනියිද මන්ද ? (අ)
මමත් අතපත්තු සර්ගෙන් ඉගෙනගෙන තියෙනවා. සර් පැහැදිළි ලෙසම ඍජු තීරණ ගන්න, නීති ගරුක මහාචාර්ය වරයෙක්. එනිසාම වෙන්න ඇති ඉවත් කරන්න හේතුවෙන්න ඇත්තේ. ළගදීම විශ්ව විද්‍යාලවලිනුත් ආචාර්ය මහාචාර්යවරු ඉවත් කරලා රූකඩ ටිකක් එවාවිද දන්නේ නැහැ.(නදී)
මම මුලින්ම අදහස් දැක්වූ නිමල්ට එකග වෙමි. ඉදිරියට රට ගොඩ ගන්න එන දරුවන්ගේ අනාගතේ ඉවරයි නේද මෙහෙම ගියොත්.(නදී).
සියල්ල ම දේශපලඥයො කරනව නම් අනික් මිනිස්සු මොන කෙහෙල් මලක් කරන්න ද ? මහාචාර්යතුමනි ඹය ප්‍රශ්න පත්‍ර හදන එකත් පාර්ළිමේන්තුවටම දීල අයින් වෙන්නකෝ. අහේතු කාලේන කජ්ජේන පුහුලන් කිව්වලු. ඒ කියන්නේ අහේතු කාලයේ දී කජ්ජ ගහේ තියෙද්දි පුහුලම බිමට වැටෙනවලු. (දී)
මමත් කියන්නේ කවුරු හරි බලවතෙකුගේ ළමයෙක් ඉදිරියේදී උසස් පෙළ ආර්ථික විද්‍යාව ට මුහුණ දෙනවා ඇති. මගේ මව විශ්ව විද්‍යාලයට ගියේ 196l වර්ෂයේ ඉන් පසු වර්ෂයේ ඒ කාලයේ එක්තරා ඉහලම දේශපාලන බලවතෙකුගේ පුත්‍රයෙකු නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශ ලකුණු පහල දැම්මලු . (නදී)
ඔහොම යන් ඔහොම යන්.මේ වැනසෙන්නේ රටේ අනාගතයයි. (ස)