එංගලන්තයේ ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානයක් මඟින් ප්‍රථම වතාවට සංවිධානය කළ දස පාරමිතා පුජා පින්කමක් පසුගිය දින ලන්ඩන් නුවර ලැම්ප්ටන් විද්‍යාල ශාලාවේදී පැවැත්විණි.
විහාරාධිපති වඳුරඹ කස්සප හිමියන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කළ මෙම පිංකම මෙහෙයවීම සඳහා බොරැල්ලේ අතුල දස්සන විහාරස්ථානාධිපති අතුල නායක හිමියෝ ශ්‍රී ලංකාවේ සිට වැඩම කළහ.
සම්මා සම්බුද්ධත්වය පතා දාන, සීල,නෙක්ඛම්ම, ප්‍රඥා,විරිය, ශාන්ති, සච්චා, අධිෂ්ඨාන, මෙත්තා සහ උපේඛා යන පාරමී ධර්මයන් පිරීම පිළිබඳව අතුල හිමියෝ සිය අනුශාසනාවේදී විස්තර කළහ.
මෙම විශේෂ පුණ්‍ය කර්මය උදෙසා හීත්රෝ අතුල දස්සන විහාරස්ථානය බුදුපිළිම වහන්සේලාගෙන් ද බෞද්ධ කොඩි සහ මල් පහන් වලින් ද අලංකාර අන්දමට සුදානම් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd