හබරණ අලි සෆාරි යන්නට ගිය විදේශීය සංචාරකයෝ හතර දෙනෙක් අලියාගේ පිටේ යද්දී ඇද වැටී දඹුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
අලියා මත බැඳ තැබූ යකඩ රඳවනය ගැලවී යාම හේතුවෙන් අලියා කුලප්පු වී සංචාරකයන් ඇද වැටී ඇත.
දඹුල්ල රෝහලේ ප්‍රකාශකයකු පැවසුවේ එක් අයකුගේ පාදයක් කැඩී ඇති බවයි. තුන් දෙනකු ප්‍රතිකාර ලබා පටවී ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි දඬුවමක්ද? (රේ)
අහිංසක සතුන්ව හිංසාවට පත්කරමින් මුදල් හොයන සහ සතුට ලබා ගන්නන්ට ස්වභාධර්මයෙන්ම දඬුවම් !! (අ)
සිරිපාලලා හරිම අහිංසාවාදී අයනේ. ඉඳලා හිටලා කුකුල් මස් ටිකක් ඩෙවල් කරලා නම් කනවා තමා ඉතින් (නි)
සිරිපාල සිල්වා ගැන කියන්න වචන නැහැ (නි)
පවු අහිංසක සත්තු (නි)
විනෝදයක් වගේ පෙනුනට මේක මේ සතුන්ට ලොකු වදයක් (නි)
හබරණ අලි සෆාරි ගමන ඉතා අනතුරු සහිතයි. ගයිඩ්ලට ගතමනාව ලැබෙන නිසා කොහොම හරි අලි පිටේ යවනව. බොහෝ සංචරකයො, අනතුර වටහගෙන ඔය ගමන යන්නෙ නෑ.(රේ්)
මෙවැනි අනතුරු යලි නොවීමට ලංකා සංචාරක මණ්ඩලය ගන්න පියවර කුමක්ද? මණ්ඩලය අන්ධද මෙවැන්නක් වෙන්න කලින් නොදැක්කේ ඇයි අනතුරු දායක තත්වයක් තිබුන බව? (රේ)
සිරිපාල හතර පෝයටම සිල් ගන්නවා වගේ (රේ)
සමහර ඇත් ගොවුවන්ට සන්තෝසම් ලැබුනේ නැත්නම් සංචාරකයින්ට සළකන හැටි හරිම නරකයි. මේ කාර්යය මීට වඩා ක්‍රමවත්ව කළයුතුයි (නි)
අලියා කුලප්පුවෙලා ඔහොම බේරුනා ඇති (නි)