සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධිය වසර තුන දක්වා කප්පාදු කිරීමට එරෙහිව වෘත්තීය සමිති සාමාජිකයෝ හා විශ්ව විද්‍යාල සිසුහු අද කොළඹ ජාතික රෝහල අසළ සිට මරදාන හරහා කොටුව දුම්රිය නැවතුම්පොළ දක්වා පෙළපාළියක් ගියහ.
සෞඛ්‍ය සේවයේ වෘත්තිය සිමිත රැසක් ද, සෞඛ්‍ය නොවන වෘත්තීය සමිති ද, විශ්ව විද්‍යාල සිසුහු සහ දෙමාපියෝ ද ඊට එක්වූහ.
කොටුව දුම්රිය නැවතුම්පොළ අසළ සම සෞඛ්‍ය සිසුන් සත්‍යග්‍රහය කරන මණ්ඩපය අසල දී වෘත්තීය සමිති නායකයෝ පිරිස ඇමතූහ.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සමන් රත්නප්‍රිය මහතා-
‘කප්පාදු කළ සම සෞඛ්‍ය පාඨමාලාව වසර හතර දක්වා දිගු නොකළොත් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට යන්න ලෑස්තියි. හෙද සේවාවේ පුරප්පාඩු 15,000ක් තියෙනවා. උපාධිගත්ත ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තැන් තැන්වල ඉන්නවා. ඔවුන් මේ පුරප්පාඩුවලට බඳවාගත්තේ නැහැ තාම.‘
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා -
‘මේ ශිෂ්‍යයන් දින 155ක් පාරේ වාඩි වෙළා ඉන්නවා. ඒත් මේ ළමයින්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පාලකයන් අසමත් වෙලා.
තරුණ සමුළු තියන ආණ්ඩුව තරුණයන්ට සලකන්නේ මෙහෙමයි. මේක සිසුන්ගේ සාධාරණ ප්‍රශ්නයක්. මේකට සෞඛ්‍ය නොවන වෘත්තීය සමිතිත් සම්පූර්ණ සහාය දෙන්න තීරණය කළා.‘
අන්තරයේ කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා -
‘මීට දින 155කට සිසුන් සත්‍යග්‍රහය පටන් ගනිද්දී බලධාරීන් හිතන්න නැතිව ඇති මේක මෙච්චර දුර දිග යයි කියලා. මෙහෙම ගැටළුවක් තියෙද්දී සම සෞඛ්‍ය සිසුන්ට විභාගය ලියන්න එන්න කියා දන්වා තිබෙනවා. කප්පාදු වුණු පාඨමාලවක විභාග වැඩක් නැති නිසා අපේ සිසුන් ඒ විභාග ලියන්නේ නැහැ.
මේ සටන ජයග්‍රහණය කරනතුරු අපි අරගල කරනවා කියන පණිවිඩය අපි ආණ්ඩුවට දෙනවා. ශිෂ්‍යයන්ට බැටන් ප්‍රහාර දුන්නා. ඔළු පැළුවා. දැන් ශිෂ්‍යයන් විතරක් නෙමෙයි, ශිෂ්‍යන් එක්ක අත්වැල් බැඳගෙන වැඩ කරන ජනතාවත් ඉන්නවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරවරුනි කුහක වෙන්න එපා. ලෝකය හිනස්සවන්නේ නැතිව රට ඉහලින් ඔසවා තබන්නට ඔබලාගේ දයකයත්වය ලබා දෙන්න. පාර්ලිමේන්තුව දොස්තර වරුනට බයයිද ? (ස)
වරින්වර පරණ ක්‍රමවේද වෙනස් කළ යුතුය. ලංකාවේ ඒවා කරන විට පෙළපාලි යනවා. ඉතින් කොහොමද ලංකාව දියුණු වෙන්නේ? (නි)
කාගෙද මේ කඹ ඇදිල්ල?මේ ශිෂ්‍යයින් ඉල්ලන්නෙ අවුරුදු හතර විතරයිනේ. ඒ අයගෙ අයිතිවාසිකම් නොදෙන්න හේතුව හෙළි කළා නම් ජනතාවගෙ පැත්තෙනුත් මේ සැකය දුරු වෙනවා. (නි)
ජී එම් ඕ ඒ එක කැමති නැහැ උගත් වෘතිකයෝ සෞඛ්‍ය සේවයට එනවාට ඒ යට ඕන පරණ වැඩ වසම් යුගයේ වගේ එයාලාට විතරක් වැජබෙන්න එතයිනේ ප්‍රශ්නය තියෙන්නේ. (අ)
එක පැත්තකින් මේ දවස් ගණනක් තිස්සේ තරුණ ළමයි පාරේ උද්ඝෝෂණය කරන්නේ මොකක් හරි ඇත්ත හේතුවකට කියලත් හිතෙනවා.අධ්‍යාපනය කියන්නේ හැමෝගෙම අයිතියක්. (නි)
ගාමිණී ඒක තමයි කියන්නේ විරුද්ධ පක්ෂය පොදු ජනතාවගෙන් ඇත් වෙලා කියලා. (අ)
දැන් මේ ළමයින්ට එදා ගැහුවේ දොස්තර මහත්තුරුද? දැන් මේක මාතෘකාවෙන් පිට පැනලා. ව්ර්තිය සමිති ඒ අස්සේ තමන්ගේ න්‍යාපත්‍ර ක්‍රියාත්මක කරනවා වගේ. (අ)
මේක ජාතික ගැටලුවක්. වහාම විසඳුමක් දිය යුතුයි. නැතහොත් ඊළඟ වසර වල සිසුන්ටද තම උපාධි ලබා ගැනීමට සහ සරසවි වලට පිවිසීමට බොහෝ කාලයක් බලා සිටීමට සිදුවනු ඇත. (නි)
අනේ මන්ද..කට්ටිය ඉස්සරනම් ගියේ මැරුණු කොල්ලන්ගේ පින්තුර අරගෙන..දැන් පණපිටින් ඉන්න කොල්ලන්ගේ පින්තුර අරන් යනවා.මම මේ හොයන්නේ අර එලියට පැන්නා කියපු ඇහැ...එහෙම එකක් නැහැනේ.රතු වෙච්ච ඇහැක් තියෙනවා ටිකක් ලේ බැහැපු. ඕක දවස් දෙක තුනට ඉබේම බැහැල යන එකක් නේ. (ස)
ඇයි මේ බලධාරීන්ට මේක 4 කරල ප්‍රශ්නෙ විසඳන්න බැරි? මෙයාලට ඕන රටේ ප්‍රශ්න වැඩි කරන්නද? (ස)
සම සෞක්‍ය පාඨමාලාව යනු කුමක්දැයි දන්නා කෙනෙක් කරුණාකර පැහැදිලි කරන්න. වසර තුනකින් උපාධිය ලබා ගත හැකි නම් ඉක්මනින් රැකියාවක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා නේද? (නදී)
දැන් තමයි හිතෙන්නේ අධ්‍යාපන ඇමති කෙනෙක් අපට උන්න නම් කොච්චර හොඳද කියල? එහෙම නම් මේ ප්‍රශ්න මෙතරම් දුර දිග යන්නේ නැහැ නේ.(නදී)
මේ ළමයි ඉල්ලන්නේ ඉගෙන ගන්න. ඇයි මේක දෙන්න බැරි. (ස)
දොස්තලාගේ චැනල් ගාස්තුව රුපියල් 200 ක් කල යුතුයි. දොස්තරලාගේ පඩියෙන් ආදායම් බදු අය කල යුතුයි. (ස)
බලාගෙන යනකොට මෙතනත් ඉන්නවා අවම බලය පාවිච්චි කළාට කැමති උදවිය.(දිල්)
ඇයි විරුද්ද පක්ෂවලට මේවට සහබාගි වෙනද බැරි. (නදී)
නිදහස් අධ්‍යාපනයට වැට කඩොලු දාන එක , පාඨමාලා වල කාල සීමාව අඩු කරලා බාගෙට උගන්වන එක හරි කියල කවදාවත් පාසලකට යන්තම් හරි ගිහින් තියන හෝ උගත්කමක් තියන මිනිසෙක් කියන්නේ නැහැ , නමුත් මෙහි අදහස් දක්වන මිනිසුන්ගේ කුහක කම ගැන පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ, පොලිසියෙන් ගුටිකාගෙන මේ ළමයි ඉල්ලන්නේ මැති ඇමතිකම් නොවේ. (ස)