ලන්ඩන් නුවර හීත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුජෝත්සවය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදින හවුන්ස්ලෝ ලැම්ප්ටන් විද්‍යාලයීය ශාලාවේදී පැවැත්විණි.
මෙම පිංකම සඳහා සහභාගීවීමට කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන විහාරස්ථානාධිපති, කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක ත්‍රිපිටකාචාර්ය බොරැල්ලේ අතුල හිමියෝ ද වැඩමකර සිටියහ.
මෙවර කඨින පිංකමෙහි ප්‍රධාන දායකත්වය දරන ලද්දේ වෛද්‍ය නිශානී බජ්රමොවිච් ඇතුළු පවුලේ සැමදෙනා විසිනි.
විහාරස්ත දායක දායිකාවන් සැමදෙනාගේ නොමසුරු සහාය සියලුම වැඩකටයුතු සාර්ථකව පැවැත්වීම සඳහා නොමදව ලැබුණ බව විහාරාධිපති වඳුරඹ කස්සප හිමි පැවසුහ.
කඨින පුජෝත්සවය පැවති දිනයට පෙර දිනයේ පුජ්‍ය බොරැල්ලේ අතුල හිමියන් මෙහෙයවූ අටවිසි බුද්ධ පුජා වක් සහ ධර්ම දේශනයක් පැවැත්විණි.
පසුදින අලුයම 5 ට පිංකමෙහි ප්‍රධාන දායකත්වය දැරූ වෛද්‍ය නිශානි බජ්රමොවිච් ගේ නිවසේ සිට අලංකාර පෙරහරකින් කටින වස්ත්‍රය සහ අනෙකුත් පුජා භාණ්ඩ විහාරස්ථානය වෙත රැගෙන විත් අතුල හිමියන්වෙත පිරිනමනු ලැබීය.
මෙවර පිංකම සඳහා ලේච්වර්ත් බෞද්ධ විහාරය, බර්මින්හැම් ජේතවන බෞද්ධ විහාරය, නොටින්හැම් ශාන්ති බෞද්ධ විහාරය, එඩ්මන්ටන් සමාධි භාවනා මධ්‍යස්ථානය, බ්‍රිස්ටල් බෞද්ධ විහාරය සහ එන්ෆිල්ඩ් බෞද්ධ විහාරය නියෝජනය කරමින් මහා සංඝරත්නය 11 නමක් වැඩම කර සිටියහ.
දහවල දානය පුජාකරනු ලැබුවේ වැඩසිටි භික්ෂුන් වහන්සේ සංකේතාත්මකව පිණ්ඩපාතයෙහි වැඩමකරවීමෙනි.
අතුල දස්සන බෞද්ධ විහාරයේ දහම් පාසලේ දැරු දැරියන් සහ දෙමාපියන් මෙන්ම අනෙකුත් දායක දායිකාවන්ද මේ සඳහා සහභාගී වුහ.
පිංකම සඳහා සහභාගිවූ සියලුම ගිහි සැදැහැවතුන් සඳහාද දහවල ආහාරය පිරිනැමුණු ලැබිය.
අනතුරුව කඨින චීවරය ශාලාවවෙත වැඩමවන ලද්දේද අලංකාර පෙරහැරකිනි.
කඨින පිංකමෙහි වැදගත්කම විස්තරකරමින් බෙරගම පියරතන හිමියන් විසින් ඉංග්‍රීසි භාෂාවෙන් අනුශාසනාව පවත්වනු ලැබීය.
සැදැහැවතුන් 500 කට වඩා වැඩි පිරිසක් සහභාගීවූ මෙවර කඨින පුජෝත්සවයේ ප්‍රධාන දායකත්වය දැරූ සැමටත් පිංකම ඉතාමත් උත්කර්ෂවත් අන්දමට පැවැත්වීම සඳහා සහායවූ සියලුම දෙනාටත් පුණ්‍යානුමෝදනා කරන බව විහාරාධිපති කස්සප හිමියෝ පැවසුහ.
පිංකමෙහි වැඩකටයුතු සඳහා විහාර මන්දිරය සහ උත්සව ශාලාව අලංකාර අන්දමට සකස්කර තිබුණේ ලන්ඩන් නුවර සුප්‍රකට ශ්‍රී ලාංකික කලාකරුවකු වන ජයරත්න බණ්ඩාර සහ අනෙකුත් තරුණ සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වර්ණ අක්කේ, ඔය එංගලන්තය කියන රටේ ඉස්සර සුද්දෝ හිටියලු.දැන් නම් පේන්න එක්කෙනෙක් වත් නෑ. අනිත් එක මේ සිවුරු අමුතු පාටක්. සීතල හින්ද වෙන්න ඇති. (ස)
ලෝකයේ කොහේ හිටියත් මොන තරම් භෞතික සැප සම්පත් වින්දත් ආත්මීය සැනසුම ඇත්තේ බුදුන් ගිය මග ඔස්සේ යාමෙන් පමණයි යන්න මෙනෙහි කරගත් සැදැහැවතුන් මේ කර්තව්‍ය සාක්ෂාත් කරගැනීමට එක්වීම කොතරම් අපුරු දසුනක්ද? (නි)
වැඩේ හරිම ලස්සනයි (නි)
ඇත්තටම දැන් එංගලන්තේ යුරෝපිය ජාතිකයෝ නැත්තටම නැද්ද? හරියට ලංකාවේ වගේමයි (නි)
හරිම ලස්සනයි. එංගලන්තේ මේ වගේ පිංකම් සංවිධානය කිරීම හරිම අමාරුයි. සහය දුන් සැමට පින් ලැබෙයි. පන්සල් වලටයි, හමුදුවරුන්ටයි බැන බැන යන හවුන්ස් ලෝව් වල මනුස්සයට මොනවද දන්නේ නැහැ හිතෙන්නේ මේවා දැක්කහම? (නදී)
එංගලන්තෙට බුදු දහම රැගෙන ගිහින් වසර 50කට වැඩියි. තවමත් ලංකාවෙන් වඩින්නෙ නැතුව පිංකමක් කරගන්න බැහැ, එතකොට ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරය කියන්නේ මේකටද? චතුරාර්ය සත්‍ය කෙසේ වෙතත් මෙම සත්‍ය බුදු දහමේ යහපත පිණිසම වේ. ස්වරණ ඇටබගේ මහත්මිය ලියා ඇති දේහි ගැඹුර දැකීමෙන් මෙය ලිවීමට සිත් විය (නි)
බුදු ගුණ අනන්තයි ! මේ පින් කම සිදු කල ඔබ සැමට තෙරුවන් සරණයි ! (ස)