ඉතාලියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ශාඛා සමීති පිලිබඳව සොයා බලා එහි නිලධාරින් මුණගෑසිම සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ මුලස්ථාන පාලක ලේකම් එස් එච් ආරියසේන මහතා සමග ජනාධිපති සම්බන්ධීකරන අධ්‍යක්ෂ හා රජයේ නියෝජ්‍ය ප්‍රවෘති අධ්‍යක්ෂ චන්ද්‍රපාල ලියනගේ, ජනාධිපති ජේෂ්ඨ සම්බන්ධීකරන ලේකම් හේම මාදිවල, ජනාධිපති සම්බන්ධිකරන ලේකම්වරුන් වන සම්පත් තෙන්නකෝන්, රංජිත් කිරිඈල්ල , රසංග ගුණරත්න, හා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිශාන්ත හා ජගත් ඉතාලියට පෑමිණ සිටිති.
මිලානෝ නුවර ජිවත්වන තම පාක්ෂිකයින් මුන ගෑසුණු මොහොතේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථාන ලේකම් එස් එච් ආරියසේන මහතා ලංකාදීප එසෑණ සමග එක් විය.
ප්‍රශ්නය- ඉතාලියේ ඔබ පක්ෂයට සම්බන්ධ කොපමන ශාඛා සමිති ප්‍රමාණයක් තියෙනවද?
පිළිතුර- ලියාපදිංචි සමිති ප්‍රමාණය 13යි. ලියාපදිංචිය බලාපොරොත්තුවෙන් තවත් සමිති තුනක් ඉල්ලීම් ඉදිරිපත් කර තියෙනවා.
ප්‍රශ්නය - රණවිරුවන් ජිවිත පරිත්‍යාගයෙන් ලද යුද ජයග්‍රහණයෙන් පසුව බෝහෝ සමිති බිහි වූ බව ඇත්තද?
පිළිතුර - ඔව් ඉන් පසු විශාල සමිති ප්‍රමාණයක් ලියාපදිංචිය සදහා යොමු කළා.
ප්‍රශ්නය - ඈතෑම් නගරවල පිහිටැවූ ශාඛා සමිති නමට පමණයි කියලා එහි සාමාජිකයින්ම චෝදනා කරනවා. අවස්තාවාදින් මුල් වී පිහිටැවූ එවෑනි සමිති මගින් සාමාජිකයින් අතරමං කර පත්වුනු නිළධාරින් මෑති ඇමතිවරුන් මුණ ගැහී නොයෙක් වරප්‍රසාද ලබාගන්නවා කියලයි සමිති සාමාජිකයින් කියන්නේ.
පිළිතුර - ඈත්තෙන්ම මෙවෑනි දේ වෙන්න පුලුවන්. ශාඛා සමිති පිහිටවීමේ නියම ක්‍රමවේදයක් තිබුනේ නෑහෑ. ඈමතිවරුන් ඈවිත් තමන්ට ඕනා ඕනා අයට සමිති දාලා දුන්නා.මින් ඉදිරියට එවෑනි දේ සිදුවෙන්න දෙන්නේ නෑහෑ. අපි ඒ සදහා පාලකයෙක් පත් කරනවා. ඔහු හරහා පමනයි සමිති ක්‍රියා කාරිත්වය සිදු වෙන්නේ. වෑරදි කරන පුද්ගලයි ගෑනත් ඔහු සොයා බලයි.
ප්‍රශ්නය - ඔබලා ඈවිත් පක්ෂ කාර්යාල පිහිටනවා යුරෝපයේ හා මෑදපෙරදිග ලක්ෂ ගනනක් ශ්‍රි ලාංකිකයෝ සේවය කරනවා. නමුත් මේ අයට ඡන්ද අයිතිය ලබා දෙන්න මෑදිහත් වෙන්නේ නෑහෑ නේද? ඒ ඒ රටවල තිබෙන තානාපති කාර්යාල හරහා මෑතිවරනයකදී ශ්‍රි ලාංකිකයින්ට චන්දය ප්‍රකාශ කිරිමේ ක්‍රමවේදයක් සකස් කරන්න පුලුවන් නේද? යුරෝපා වෑසියන්ට ඒ පහසුකම තියෙනවා.
පිළිතුර - ඈත්තෙන්ම හොද යෝජනාවක්. අපි ලංකාවට ගිය ගමන් ජනාධිපති තුමා මුණ ගෑහිලා එතුමාගේ අවධානයට මෙය යොමු කරනවා.
ප්‍රශ්නය - විදෙස් ගත ශ්‍රි ලාංකිකයන් දහඩිය මහන්සියෙන් උපයන මුදලින් රටෙ ආර්ථිකයට මහත් ශක්තියක් සපයනවා. එහෙත් ඔවුන් වෙනුවෙන් රජය ඉටු කරන සේවය ප්‍රමාණවත් නැති බවයි බොහෝ දෙනා කියන්නේ. කාලසිමාවකට යටත්ව තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා දෙන්න කියලා කලක පටන් ඉල්ලී ඉදිරිපත් වෙනවා. ඒ ගෑන මෙවන තුරුත් පිලිතුරක් නෑහෑ. ඒත් ඒ වෙනුවට තමන්ගේ දු දරුවන්ට කන්න දෙන්න ඉතාලියෙන් ගෙන ගිය දොඩම් ගෙඩි ටිකත් බණ්ඩාරනායක ගුවන්තොටුපලේදී විසි කරා කියලා ඉතාලියේ ජිවත්වන ශ්‍රි ලාංකිකයෙක් අපට පැවසුවා. මෙකද රටට රට සල්ලි ගෙනෙන විදෙස්ගත ස්‍රමිකයින්ට රජය සලකන විදිය.
පිලිතුර - ඈත්තෙන්ම බොහොම කනගාටු දායක සිදුවීමක්. නිළාධාරින්ගේ මෙවෑනි ක්‍රියා ඉහලට වර්තා වෙන්නේ නැහැ. මාධය වේදියෙකු වශයෙන් ඔබට මෙවෑනි දේ වර්ථා උනත් ජනාධිපතිතුමාට මේවා වර්ථාවෙන්නේ නෑහෑ. නෑත්නම් මෙවෑනි කනගාටුදායක සිදුවීම් සිදුවෙන්න එතුමා කොහෙත්ම ඉඩ ඩෙන්නේ නෑහෑ. විදෙස්ගත ශ්‍රි ලාංකිකයින්ගේ සියලු ගෑටලු අපි අපේ ශාඛා සමිති නියොජිතයින් හරහා ඉදිරියේදී ජනාධිපතිතුමාට දන්වනවා. ඒ සදහා එතුමා මුණ ගෑහෙන්න අවස්ථාවක් අපි ඔවුන්ට දෙනවා.
ප්‍රශ්නය - ශ්‍රි ලංකා. නිදහස් පක්ෂ ශාඛා සමිති නියොජිතයින් පමනක් ජනධිපතිතුමා මුණ ගෑහිමෙන් සමස්ත ශ්‍රි ලාංකිකයිගේම ගෑටලු ඔවුන් හරහා ඉදිරිපත් වෙයි කියලා ඔබ හිතනවද?
පිළිතුර - නෑහැ. අපි ඔවුන්ට කියනව අනෙක් නියොජිතයොත් මේ සදහා එක් කර ගන්න කියලා.
විශෙෂ ස්තුතිය මිහිර පුංචිහේවා මහතාට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාන්ත මිලානෝ සිට... විශේෂ ඉල්ලීමක්- ලේක්කෝ ගලබඩ, අප හොදින් දන්නා අයයි. මේ අය විසින් නෙමෙයි ඉහත ලියා ඇත්තේ.එය අප දන්නා දෙයකි. අනුන්ගේ නම් වලින් ලියා අමාරුවේ නොවැටෙන මෙන් කියමි. මා කඩේ යනවා කියා නොසිතන්න.*ලියන කෙනාගේ අවධානයට යොමු වේවා.* (නි)
පිස්සුද?(නදී)
අනේ ඇත්තටම , ඉතාලියේ ඉන්න අපේ මිනිසුන්ට පිස්සුද මන්දා ? මේ තරම දියුනු රටකට ගිහිනුත් තාම දේශපාලකයන්ට කඩේ යනවා.(නදී)
ලේක්කෝ ගලබඩ, ඔයාට අයිති නැති දේවල් වලට කට දාන්නේ නැතුව ඉන්නවද? (නි)
ජ.හේරත්, ඉතාලිය දියුණු රටක් උනාට එහෙ ගිහින් ඉන්න සමහර අය ගැනනම් එහමයි කියල කියන්න බැහැ.(නදී)
ලන්ඩන් නුවර ඔය වගේ සමිතියක් දාගෙන වැඩකළ අයෙකුට ඉතාලියේ ලොකු රස්සාවක් මේ ලඟදි දීලා තියෙනවා කියලත් වාර්තාවී තිබුනා මතකයි. (නි)
අපිට චන්දෙ දෙන්න ඊට පස්සේ අපි ඔබලාගේ ප්‍රශ්න ගැන සලකා බලන්නම්.(නදී)
තීරුබදු රහිත වාහන බල පත්‍රයක් අඩුමගානේ අවුරුදු 10ක් වැඩ කළ කෙනෙකුටවත් දෙන්න පුලුවන් නම් හොඳයි. දැන් ලංකාවේ පළත් සබාවේ අවුරුදු 2ක් හිටියත් මොන්ටෙරෝ ගෙන්වන්න පුළුවන්. අපිට මොන්ටෙරෝ එපා , ගෙදරට පොඩි හෝ සංචාරක කර්මාන්තයට වාහනයක් ගන්න පර්මිට් එකක් දෙන්න. ඔබතුමන්ලාට හැමදාම ජයවේවා. (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නම විකුණගෙන කන මිනිස්සු මෙහි බොහෝ සිටිනවා. ඔවුන් කරන වැඩ මෙහි සිටින පාතාලයන්ට වඩා අන්තයි. කරුණාකර මෙම 'ඒක පුද්ගල සමිති සභාපති' හොරුන්ට නිසි දඬුවම් දෙන්න. (නි)
හැම ආණ්ඩුවම බොරු පොරොන්දු කප්පරක් දෙනවා. අඩුමගානෙ තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා දෙන්න බැහැ. ඒත් අපි පිටරට දුක් විදලා එවන සල්ලි කිසි ලැජ්ජාවක් නැතුව පාර්ලිමේන්තුවට, මන්ත්‍රීලට, ඇමතිලට, පලාත් සභා මන්ත්‍රීලට, ප්‍රාදේශීය මන්ත්‍රීලට... යන්න කාර් ගන්න වියදම් කරනවා. එකපාරක් නම් බැරියැ, අවුරුදු 5න් 5ට. අපි අවුරුදු 25ක් පිටරටක හිටියත් පාරෙ බස් එක තමයි. කථාව නම් රට විරුවා කියලා. මේ දේශපාලන පක්ෂ පස්සෙන් යන අය තමා මෝඩ. තව වියදම් කරගෙන ගිහින් ඡන්දෙත් දීපල්ලා. (නි)
ඇත්තට ඉතාලියේ පක්ස කාර්යාල වලට පත්වුන නිලදහරින් ලංකාවේදී දේශපාලනය කරපු අය නෙවේ (අ)
ගියපාර ජිනීවා ගමනේදී බස් වලට මුදල් අයකිරීමේදී සිදුවුන අක්‍රමිකතා ගැනද සොයා බලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (අ)
මේක හොඳ අදහසක්. හතු පිපෙනවා වගේ අද විදේශ රටවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා. සමහරු මෙයින් බලපොරොත්තු වන්නේ, ලංකාවට ගිය පසු මැති ඇමතිවරු ජනාධිපතිතුමා සමග ෆොටෝ ගසා , එයින් පල ප්‍රයෝජන ගැනිමටයි.මම දැකලා තියෙනවා මෙහෙ පැරිස් වලත් කීප දෙනෙක් මේ වගේ. නම ගම සඳහන් නොකරමි. ෆේස් බුක් වල මේ පින්තුර පුරවාගෙන පුරාජේරු කතා කියන අය එමටය. මේවා සත්‍ය සිද්ධීන්ය (නි)