එතෙර සිටින දෙමළ ජාතිකයන්ගේ සංවිධාන කිහිපයක තහනම ඉවත් කළේත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් දෙමළ සැකකරුවන් ඇප මත මුදා හැරීමට තීරණය කළේත් බුද්ධි තොරතුරු සොයාබැලීමෙන් පසුව විශේෂ කමිටුවක නිර්දේශ මත යැයි සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් ඇමැති කීවේ එය රජය හිතුමතේට ගත් තීරණයක් නොමැති බවයි.
මෙම සැකකරුවන් මුදා හරින බව විදේශ ඇමති මංගල සමරවීර මහතා 2015 මැයි 15 වැනි දා ප්‍රකාශ කර ඇතැයි ද අලහප්පෙරුම මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හ්ම් නැතුව නැතුව... (ර)
ජයරත්න තමන්ගේ නොදන්නාකම පෙන්නන්න එපා. මේ අය සැකකරුවන් විතරයි. අනික නිදහස් කරන්නේ අධිකරණයෙන්..දෙමල උනාට මේ අයටත් සමාන අයිතිවාසිකම් තියෙනවා. (ර)
නාමල් ඔයා වගෙ කතා කරන අපි වගේ නොවන එයාලගේ කෙනෙක් මට පෙන්වල දෙනවාද? එහෙම හිටියා නම් ඔහු මළවුන් අතර නැතිනම් ඔහු තවම ඉපදීලා නැත, එහෙමත් නැතිනම් ඔහු ඉන්නේ ඡායාරූපයක පමණයි. ඒවගේම එහෙම කතා කළත් ඒ මුහුණට පමණයි. ඕකයි තත්වය. සමානාත්මතාව බොහොම හොද දෙයක් වුනත් එයාලට ඇගිල්ල දාන්න දුන්නා (බ)
ජයරත්න මහතා, ඔබේ කථාව නම් අලංකාරය. මේක "අභය රාමය" පැත්තේ ඉන්න අයටත් පොදු වෙනවාද? (බ)
ඈටිකෙහෙල් කාපු උගුඩුවත් ඔහොම කතාවක් කිව්වලු. මුලින් ම කියන්නෙ ගහ ළගින් වත් යන්නෙ නෑ කියල. ඊට පස්සෙ කියනව ගහ ළගින් ගියාට ගහට නගින්නෙ නෑ කියල. ඊටත් පස්සෙ කියනව ගහට නැග්ගට ඈටිකෙහෙල් කන්නෙ නෑ කියල. අන්තිමට කියනව අදනම් තියෙන්නෙ හොද බඩු කෑවට කමක් නෑ කියල .(බ)
හොදින් හොයා බලා කටයුතු කරනවානම් හොඳයි. (ර)