කොළඹ කොල්ලුපිටියේ ඇල්ෆ්‍රඩ් ප්ලේස්හි රුපියල් හැත්තෑ කෝටියකට වඩා වටිනා මන්දිරයක්, එහි මුල් අයිතිකාරිය වන ඉන්දියා ජාතික කචා හුසේන්ට බාර දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
බටහිර බෙංගාලයේ පදිංචි පැමිණිලිකාරිය කියා සිටියේ සහීඩ් සබ්රි නම් තම සැමියා 2014දී මිය ගිය පසු නාලන්ද ෆොන්සේකා නම් කළමනාකරුට එම දේපොළ බලා ගැනීමට බාර දී තමා ඉන්දියාවට ගිය බවයි.
නාලන්ද ෆොන්සේකා ව්‍යාජ ඔප්පුවකින් චන්ද්‍රසිරි නමැත්තකුට එම දේපොළ පවරා අවසානයේ දී කඩුවෙල කොතලාවල ගලඋඩ පාරේ නුවන් රජීවට පවරා ඇති බව උසාවියේදී කියැවිණි.
මේ අතර එම නඩුවේ සැකකරුවන්ට එරෙහිව රහස් පොලිසිය තව නඩුවක් පවරා ඇත. ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර එම දේපොළ අත්කරගත්තැයි ඔවුන්ට එරෙහිව ඇති චෝදනාවයි.
එසේ අත්කරගත් දේපොළ ව්‍යාජ ලියැවිලි මත ලීසිං සමාගමට උකස් තබා ඇතැයි ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. එම ඔප්පුවල ඇත්තේ ව්‍යාජ අත්සන් බව ද රහස් පොලිසිය කියා සිටියේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්මන්පිලට තිබෙන නීතිය මොවුන්ට නැද්ද? මරු යහපාලනය. (නි)
වසන්ජය, ඔයා තමුන්ගේ දේපල වෙනුවෙන් සටන් කරලා ආපහු ඒවා ලබාගන්න. හොරුන්ට ඉඩ තියන්න එපා. ඔයා ඕක නොසළකා හරිනවා කියන්නේ හොරකමට ඉඩදෙනවා කියන එක. සල්ලි වැඩි නම් හොරුන්ගෙන් අරගෙන දුප්පත් මිනිහෙකුට දෙන්න. ලංකාවේ නොමිලේ කතාකරන නීතිවේදීන්ගේ ආයතනයක් තියෙනවා. ඒගොල්ලන්ගෙන් සේවය ලබා ගන්න. ඊ මේල් වලින් ඒගොල්ලෝ එක්ක සම්බන්ධතා තියාගන්න. ඔයාට ලොකු වියදමක් නැහැ. කිසිම හොරෙකුට ඉඩ දෙන්න එපා. (නි)
83 වකවානුවේදී මේ විදියට රට හැර ගිය අයගේ ඉඩම් කඩම් ගෙවල් දොරවල් තව කීදෙනෙක් හොර ලියකිවිලි අදහාගෙන තමුන්ගේ වගේ බුක්ති විදිනවා ඇද්ද (බ)
ඔය එන්නේ පහුගිය කාලේ සිද්ධි එකින් එක. (නි)
රාජපක්ෂ දරුවෝ ,සහෝදරයින් මේ හැමකෙනෙක්ම රජයේ. දේපල අඩු තක්සේරුවට අරගෙන රජයේ මුදල් වලින්. මාලිගා හදනවා ඒවත් රාජ සන්තක කරන්න (බ)
අද කාලේ ඉන්නේ පුදුමාකාර ‘ගේම්‘ දෙන මිනිස්සු (නි)
මට මීට සමාන දෙයක් වී තිබෙනවා. අවුරුදු 17 පිටරටක ජීවත්වන මට ශ්‍රී ලංකාවේ තිබුන නිවස දැන් අන්සතුවී තිබෙනවා. කවර කලෙකවත් කිසිලෙස වෙනස් නොකළ හැකි තෑගි ඔප්පුවක් ලෙස ලියා තිබුනත් එය වෙනස් වී තිබෙනවා (නි)
තමන්ගේ ගෙවල් දොරවල් විශ්වාසවන්ත කියලා කිසිම කෙනෙකුට පවරන්න නරකයි (නි)