නව සමසමාජ පක්ෂයේ නායක හා වාමාංශික ව්‍යාපාරයේ දැනට සිටින දැවැන්තයෙක් වන වික්‍රමබාහු කරුණාරත්න පසුගියදා හෝටලයක පැවැති සාදයකදී අපූරු නර්තනයක නිරතවන අයුරු සමාජ ජාල වෙබ් අඩවි හරහා ප්‍රචාරය විය.
වත්මන් තරුණ පරපුර අතර අතිශය ජනප්‍රියවූ වේග රිද්මයේ ගීයකට ඔහු සිය නර්තනය සිදුකරන ආකාරය එහි සටහන්වී තිබිණි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගණිතය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වූ වික්‍රමබාහු කරුණාරත්න මේ වන විට 73 හැවිරිදි වියේ පසුවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර හොඳද? (නි)
මෙයාගේ නැටුම වගේම දේශපාලන ප්‍රතිපත්තිත් අපි අගය කළයුතුයි. විශිෂ්ට දේශපාලකයෙක්... (නි)
මෙයා හැමදාම කලේ ඩොලර් වලට නටපු එක තමයි (අ)
නියමයිනේ! (නි)
ලංකාවේ මිනිසුන් අවුරුදු 50 පැන්නම ඉතින් හිතාගෙන ඉන්නේ වළ පයයි ගොඩ පයයි කියලා. ඒත් පිටරටවල අපි දකිනවා සාමාන්‍ය සාදයක් වගේ මේ දේවල් අවුරුදු එකසිය ගණන් වල වයසේ. මිනිසුන් සතුටු වෙනවා, ඩාන්ස් කරනවා. මිනිසෙකුගේ සතුටත් නිදහසත් ගස්බැඳපු එකම රට ලංකාවයි (නි)
මෙතුමාගෙන් රටට හෝ ජනතාවට සේවයක් වුණාද කියලා මම දන්නේ නැහැ . නමුත් මුදලට, බලයට, වරදාන වලට තම ප්‍රතිපත්ති පාවා නොදුන් උගත් දේශපාලකයෙක් හැටියට මෙතුමාව මම දකිනවා. (නි)
දැන් ලොකු ලොකු හෝටල් ගානේ රොක් ඇන්ඩ් රෝල් ඩාන්ස් කරනවාද? ප්‍රතිපත්තියට අනුකූලද? (නි)
නියමයි. ජයශ්‍රී! (නි)
එය හැමදාම නැටුවේ කොහොම නැටුම්ද කියලා අපි දන්නවා (නි)
මෙතුමාගේ දේශපාලනය කොහොම උනත් ඔහුත් සාමාන්‍ය මනුෂ්‍යයෙක් ඉතින් ඔහුට ඕනනම් නටන්න අයිතිය තියෙනවා. (ර)
මෙයාගේ ප්‍රතිපත්ති වලට මම එකඟ නැහැ. නමුත් ඔහු තමන්ගේ හිතට එකඟව ප්‍රතිපත්තිගරුකව වැඩකළ කෙනෙක්. අපේ මිනිස්සු කළේ ඔහුට බොරුවට අපහාස කරන එක. (නි)
හැමදාම එකම මතයක හිටපු, එකම දෙය කියපු එක වචනයේ ශ්‍රේෂ්ට මොලයක්, දීර්ගායු! (කෞ)
මරුනේ.(හේ)
සමහරු නම් හැමදාම කළේ අනුන්ගේ පදයට නටන එකනේ (නි)
කුමන දේශපාලනයක සිටියත් අප කවුරුත් අගය කළයුතු පුද්ගලයෙක්. (නි)
දේශපාලන මොනවා වුණත් ,, යමෙකුට සන්තෝෂෙන් ඉන්න පුළුවන් නම් අපි එක අගය කරන්න ඕනි.. නීරෝගී වේවා.. (අ)
මෙයා කළේ රටට හොඳක් නෙමෙයි (බ)
වයසට ගියත් නියම ඩාන්ස් එක (ම)
කෝටි ප්‍රකෝටි ඉදිරියේ දණ නොගැසූ වර්තමානයේ සිටින ශ්‍රේෂ්ඨ සමාජවාදියෙක් .මුදලට, බලයට, වරදාන වලට තම ප්‍රතිපත්ති පාවානොදුන් උගත් දේශපාලකයෙක්. (නි)
සතුට දරාගන්න බැහැ වගෙයි (නි)
ඔවුන්ගේ අරමුණු ගොඩක් ඉටුවෙමින් පවතිනවා. සතුට වැඩිකමට නටනවා. (නි)
කුමුදිනි එතකොට අර පැත්තෙන් පැත්තට යන පත්කළ එක්කෙනා මෙයාට වැඩිය හොඳයිද ? (බ)
මෙන්න මෙහෙම තමයි ඉන්න ඕනෑ (නි)
කව්ද කියල තියෙන්නේ සමාජවාදීන්ට නටන්න බැහැ කියල?(අ)
මෙයා නටන වෙන නාඩගම් වලට වඩා මේක හොඳයි (ම)
කකුළුවත් නටනවා වතුර රත්වෙනතුරු හැළියේ. මෙයා ජාතියේ සහ රටේ අභිවෘද්ධියට මොනවද කරලා තියෙන්නේ? (නි)
මෙතුමාට ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ට රුචි ඕනෑම දේශපාලන මතිමතාන්තරයක එළඹ සිටීමට පුර්ණ නිදහස ඇත. මෙතුමාගේ උගත්කමට හා ඒ ආශ්‍රයෙන් ලබාගෙන ඇති පරිණතබවට ගරුකරමි. (නි)
ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා! (නි)
අවංක දේශපාලකයෙක්. පාර්ලිමේන්තුවේ සිටිය යුත්තෙක්. ඔබට දීර්ඝායුෂ! (නි)
මෙතුමාගේ ගණිත අංශ දැනුමින් කිසිවෙකු ප්‍රයෝජන නොගත්තේ ඇයි? (නි)
60 පැන්නත් සුපිරි නැටුම! (නි)
මොහු වටිනා පුද්ගලයෙක්. රටේ මිනිස්සු ඔහුගෙන් වැඩක් ගත්තේ නැත්තේ රටේ අවාසනාවට. (නි)
කාගෙ කාගෙත් නැටුම් ගැන අපි නොදන්නවැයි? (නි)