(අංජුල මහික වීරරත්න)
මෙරට රාජ්‍ය ආයතන පද්ධතිය ශක්තිමත් කිරීමට සහ ජනතාවට වඩාත් සුහදශීලී සේවාවක් ලබාදීම අරමුණු කරගෙන මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන බව විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.
මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කිරීම සඳහා ජනතාවගේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ සහ විද්වතුන්ගේ අදහස් ලබා ගැනීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජගත් කුමාර මහතා මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
සියලු සේවාවන් සපයන රාජ්‍ය ආයතන වගවීම පිළිබඳව නිසි අවබෝධයකින් යුක්තව කටයුතු කළ යුතු බවද ජනතාවට වැඩි සේවාවක් ලබා දෙන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ස්වාධීන කොමිෂන් සභා, මුදල් කොමිෂන් සභාව, මැතිවරණ කොමිසම වැනි ආයතන සමඟත් මේ පිළිබඳව කාරක සභාව සාකච්ඡා කර තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දේශපාලනේ කරන එවුන්ට කතා කරන විදිය උගන්නපන් ඉස්සල්ලාම . අර නාවලපිටියෙ එකා කතා කරන විදිය දැකලා තියනවා නේ. උගේ ගොබ්බ කතා වලින් කාටද ප්ප්රයෝජනයක් තියෙන්නේ ?
මෙයාල දන්නවද දන්නෙ නැහැ පාර්ලිමේන්තු මන්ත්රිවර්න්ට විතරයි එහෙම එකක් නැත්තෙ කියල. රාජ්‍ය සේවකයන්ට තියෙන නීති සහ මාර්ගේපදේශ හොඳටම ඇති. දැනට සමස්ත රාජ්‍ය පද්ධතියම පිරිහෙමින් තියෙන එකේ මනස්ගාත කතා කරල වැඩක් නැහැ. පාර්ලිමේන්තුවෙන්ම ආදර්ශ දෙන්න ඔ්න.ඉහළ සිට පහලට ගලාගෙන යන නිෂ්චිත විනයක් තියෙනවනම් එච්චරයි.
ඇත්තටම හොඳ අදහසක් තමයි... ඔතැනදී මුලින්ම කියන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හදන්න ඕන... එතැනට තිලකරත්න මැතිතුමා වගේ මානුෂික හැඟීමක් තියෙන ප්‍රධානියෙක් මෙන්ම ගුණ යහපත් හඟීම් තියෙන නිලධාරි මණ්ඩලයක් පත්කිරීම කරන්න ඕනෑ. වර්තමානයේ එම දෙපාර්තමේන්තු නිළධාරින්, විශ්‍රාමිකයින් අතිශයින්ම පීඩාවට පත්කරනවා. ඔවුන් කරන දේවල් සඳහා ආත්ම ගණනක් ඔවුන්ට පඩිසන් දේවි. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මේතරම් නින්දිතම වුනේ ඒකාබද්ධ සේවයේ නිලධාරින් ඉවත්කර දෙපාර්තමේන්තු ගත නිලධාරි පත්කිරීම නිසා කියලා කියන්න පුළුවන්... එයින් වුනේ අශ්වයාට අං ආවා වගේම දෙයක් තමයි.. උදාහරණයක් හැටියට විශ්‍රාමිකයින් සඳහා ප්රතිලාභ ලැබෙන සංගම් සඳහා සාමාජිකයින් බඳවා ගැනීමට අවශ්‍ය තොරතුරු පවා නොදීම පෙන්වා දෙන්න පුළුවන්... විශේෂයෙන් විශ්‍රාම වැටුප් අධ්යක්ෂතුමා අනිවාර්යයෙන් සභාපති හෝ ප්‍රධාන අනුශාසක වන විශ්‍රාම භාර අරමුදලේ සාමාජිකයන් බඳවා ගැනීමට පවා වර්තමානයේ අවහිර කර තියෙනවා.
මේ ගොල්ලෝ දැන් දැන් මරුවිකල්ලෙන් කෑගහනවද? අර කාරක සභාව මේ කාරක සභාව කියලා පත්කරගෙන කොහේහරි කාර්යාලයකට වෙලා කකාබිබී ඉඳගෙන ඉන්නද මේ ගොල්ලන්ව මහජනයා පත්කළේ...? නැතිනම් ඒ ඒ ඡන්ද කොට්ඨායට වැඩකරවා ගන්නද? ඇයි ගමට ගිහිල්ලා වැඩ කරන්න බයද?
ඔක්කොටම කලින් දූෂිත දේසපාලුවෝ හැදියල්ලා.මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ බොරුව කපට්කම් මැරකම් ජඩකම් ඔක්කොම උන්ට අඩුවක් නැතුව තියෙනවා .
ජගත් කුමරගෙ චුටි මොලයට මෙ දාල තියෙන අදහස් වැටහෙවි කියල හිතනව.
ඉස්සෙල්ලා හදමු දේශපාලකයන්ට මාර්ගෝපදේශ මාලාවක්. රැකල පෙන්නන්න කියමු ඒවා. ආයෝජකයන්ගෙන් අල්ලස් ගෙන උසාවියේ වැරදිකරු උණ එකා ආයෝජන ඇමති. සුදු ලූණු හොරු, පොල්තෙල් හොාරු, වම්බටු කාරයෝ, කුපාඩියෝ ඔක්කෝම එකතු වෙලා රාජ්‍ය සේවකයන්ට විනය මාලාවක් හැදීම විහිළුවක් වගේ නැද්ද?
පළමුව විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කරන්න එවිට රාජ්‍ය සේවක මාන්‍යය නැතිවෙයි. එතකොට නිකම්ම සිම්පල් සයිමන්ලාගේ තත්වයට වැටෙයි.