ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපති හඩ්සන් සමරසිංහට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකු යැයි කියමින් රුපියල් ලක්ෂ දෙක හමාරක අල්ලස් ඉල්ලූ පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.
හඩ්සන් සමරසිංහට එරෙහි පොලිස් පරීක්ෂණ දේශපාලන පළිගැනීම් බව කියමින් ඒවා විසඳාගැනීමට උදව් උපකාර කරන බවට පොරොන්දු වෙමින් රුපියල් ලක්ෂ දෙක හමාරක් තම ගිණුමට බැර කරන ලෙස එම පුද්ගලයා දුරකථනයෙන් දැනුම් දුන් බව හඩ්සන් සමරසිංහ කුරුඳුවත්ත පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මේ අනුව පොලිසිය අද කොළඹ මහේස්ත්‍රාත් උසාවියට මේ පිළිබඳ දැනුම් දීමෙන් පසු ඔහුගේ දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට අවසර ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා සභාපති වුණු හැටි රටම දනී (බ)
ලංකාවේ ඉන්න ගරුකටයුතු මාධ්‍යවේදියෙක් ...... (නි)
මේ ගැන නම් මට සැකයි (නි)
අනේ අපේ හඩ්සන් මහත්තයට කරදර කරන්න නම් එපා. (නි)
බලන්න කෝල් එක ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද කියලා (නි)
කටට එන ඕනෑ එකක් කියන්න පුළුවන් කෙනෙක් හැටියටයි මම නම් මෙයාව දකින්නේ (නි)
එයාගෙන් සල්ලි ඉල්ලන අයත් ඉන්නවද? (නි)
ඔහොම යමුකෝ! (නි)
මිනිසුන්ට අපහාස කළ අයට පසුව හෝ විපාක විඳින්න සිදුවෙනවා. (නි)
ඔය නොම්මරය අනිවාර්යයෙන්ම දුරකථන කුටියකින් ගත් නොම්මරයක් වෙන්න ඕනෑ. (නි)
වරදකරු අල්ලාගැනීමට සත්‍ය ලෙස අවශ්‍ය වුණා නම්, ඔත්තුව ලබාදී මුදල් ගෙවනවිට අල්ලගන්න තිබුනනේ (නි)
ඔන්න බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි (නි)
මිනිසුන්ට මඩ ගහන්න ඔයතරම් ජගතෙක් ලංකාවේම නැහැ (නි)
මොනාද මේ වෙන්නේ.... (ර)
ඔය වගේ අයගෙන් අල්ලස් ඉල්ලන අයත් මේ ලංකාවෙ ඉන්නවද? (නි)
ප්‍රසිද්ධියට හරිම කැමතියි වාගේ. (ර)
මම නම් මෙයාට කැමති නැහැ (නි)