ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති හඩ්සන් සමරසිංහ සහ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් සමන්ත වැලිවේරියගේ සමයේදී එම සංස්ථාව තුළ සිදුවූ බව කියන මහජන අරමුදල් හා දේපළ අයථා පරිහරණයට සම්බන්ධ ලියකියැවිලි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට බාර දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය එහි වත්මන් අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට නියෝග කළේය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවකයන් පිරිසක් පොලිස්පතිවරයා හමුවේ එම ආයතනය තුළ සිදු වූ දූෂණ වංචා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර තිබූ අතර ඒ අනුව විමර්ශන සිදු වෙයි.
පරීක්ෂණ කඩිනමින් අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘හඩ්සන්ගේ කාලේ ලේඛන පොලිසියට දෙන්න‘
නන්දලාල්-ප්‍රංශය Friday, 01 January 2016 03:37 PM
හඩ්සන් සහ එයාගේ කට්ටිය යන්න පෙර ෆයිල් ඔක්කොම අරගෙන ගියාද දන්නෙ නැහැනේ (නි)
විපුල Saturday, 02 January 2016 01:47 AM
හඩ්සන් ගුවන් විදුලියෙන් ඒ කාලේ කළ සේවය අපිට අද වගේ මතකයි (නි)
ජයාත් Saturday, 02 January 2016 01:55 AM
ඇත්ත කියන්න ඕනෑනේ. මෙයාගේ හොඳ වගේම නරකත් තිබුනා. හැබැයි මෙයා ගුවන් විදුලියට වැටෙන්න දුන්නේ නැහැ. යම් ප්‍රමිතියක් ඇතුව වැඩසටහන් ඉදරිපත් කළා. නමුත් උදේ පාන්දර මෙයා අකමැති අයට බැනවැදීම නම් අනුමත කරන්න බැහැ. හැබැයි වැරදි වැඩත් කරලා තියනවා නම් අනිවාර්යයෙන්ම දඬුවම් කරන්න ඕනෑ (නි)
කමනි Saturday, 02 January 2016 08:12 AM
විපුල සහ ජයාත් කියන එක ඇත්ත. නිතර ගුවන් විදුලිය අහපු අය නං මේක දන්නවා . මෙයා ගොඩාක් හැකියාවන් තිබූ දක්ෂ ගීත රචකයෙක්. එහෙත් ප්‍රේමදාස මහතාගේ කාලේ සිට බලයට එන දේශපාලඥයා පස්සෙන් වැටී, රාජපක්ෂ යුගය වන විට දුගද හමන කට නිසා විහින්ම වැනසී ගියා. (කෞ)