ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති හඩ්සන් සමරසිංහ සහ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් සමන්ත වැලිවේරියගේ සමයේදී එම සංස්ථාව තුළ සිදුවූ බව කියන මහජන අරමුදල් හා දේපළ අයථා පරිහරණයට සම්බන්ධ ලියකියැවිලි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට බාර දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය එහි වත්මන් අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට නියෝග කළේය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවකයන් පිරිසක් පොලිස්පතිවරයා හමුවේ එම ආයතනය තුළ සිදු වූ දූෂණ වංචා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර තිබූ අතර ඒ අනුව විමර්ශන සිදු වෙයි.
පරීක්ෂණ කඩිනමින් අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හඩ්සන් සහ එයාගේ කට්ටිය යන්න පෙර ෆයිල් ඔක්කොම අරගෙන ගියාද දන්නෙ නැහැනේ (නි)
හඩ්සන් ගුවන් විදුලියෙන් ඒ කාලේ කළ සේවය අපිට අද වගේ මතකයි (නි)
ඇත්ත කියන්න ඕනෑනේ. මෙයාගේ හොඳ වගේම නරකත් තිබුනා. හැබැයි මෙයා ගුවන් විදුලියට වැටෙන්න දුන්නේ නැහැ. යම් ප්‍රමිතියක් ඇතුව වැඩසටහන් ඉදරිපත් කළා. නමුත් උදේ පාන්දර මෙයා අකමැති අයට බැනවැදීම නම් අනුමත කරන්න බැහැ. හැබැයි වැරදි වැඩත් කරලා තියනවා නම් අනිවාර්යයෙන්ම දඬුවම් කරන්න ඕනෑ (නි)
විපුල සහ ජයාත් කියන එක ඇත්ත. නිතර ගුවන් විදුලිය අහපු අය නං මේක දන්නවා . මෙයා ගොඩාක් හැකියාවන් තිබූ දක්ෂ ගීත රචකයෙක්. එහෙත් ප්‍රේමදාස මහතාගේ කාලේ සිට බලයට එන දේශපාලඥයා පස්සෙන් වැටී, රාජපක්ෂ යුගය වන විට දුගද හමන කට නිසා විහින්ම වැනසී ගියා. (කෞ)