ඡඑක දිගට පැය 12කට වඩා අධික වූ වැසි නිසා දඹුල්ලේ ගම්මාන 12ක්ද ගලේවෙල ගම් 8ක් ද සීගිරියේ ගම් 4ක්ද යටවී ඇත.
දඹුලු ඔය පිටාර ගැලීමෙන් දඹුල්ල, කළුන්දෑවේ සංචාරක හෝටලයක් පිහිටි බිම අඩි 8ක් උසට ගංවතුර ගලා ඇත. මිරිස්ගෝනියාව ඔය පිටාර මට්ටමේ පවතින අතර කණ්ඩලම වැවද පිටාර ගැලීමට ආසන්න බව කියති.
අවතැන්වූවන් පිළිබඳ විස්තර ක්ෂණිකව සොයාගත නොහැකි විය. ගලේවෙල පුවක්පිටිය නගරය හා මාළු වෙළඳපොළ ගංවතුරින් යටවිය.
මේ අතර පැය ගණනාවක අඛණ්ඩ වැසි හේතුවෙන් බොරැල්ල, මරදාන, දිවුලපිටිය ආදී පෙදෙස්ද වතුරින් යටවී ඇත.
ඡායාරූප - කාංචන කුමාර ආරියදාස
ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd