හම්බන්තොට මිරිජ්ජවිල හෝටල් ඉඳිකිරීමේ ව්‍යපෘතියක ඇද තිබූ අධි බලැති විශේෂ විදුලි රැහැන් පද්ධතියක් හොරෙන් කපා පරණ යකඩ කඩ දෙකකට අලෙවි කර තිබිය දී විදුලි රැහැන් තොගය සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලීසිය කියයි.
සිංගප්පූරුවෙන් ආනනයනය කළ මෙම අධි බලැති රැහැන් කපා දැමීමෙන් පසු යළි එකට ඇමීණීමට කිසිම හැකියාවක් නොමැතිකම නිසා සියල්ල ප්‍රයෝජනයට ගත නොහැකි වීමෙන් සිදු වී ඇති පාඩුව රැපියල් හාර ලක්ෂ ඉක්මවා වන බව හෝටල් සමාගම පවසයි.
මෙම රැහැන විශ්කම්බයෙන් අඟල් 3 ක් පමණ වන අතර එහි තඹ කම්බි පොට 36 ක් තිබේ. පිට ආවරණය ඉවත් කර තඹ කම්බි අලෙවි කිරීමට මෙම ජාවාරම සිදුකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd