චීන අවන්හල් ඇතුළු හෝටල් වල ආහාර පිසීමේදී භාවිතා කරන රසකාරකවල සාම්පල් පරීක්ෂා කිරීමට පාරිභෝගික අධිකාරිය අද පියවර ගත්තේය.
රස කාරක නිසා ආසාද්මිකතා හා අපහසුතා ඇතිවන බවටත් සහතික ලත් රසකාරකයන් වෙනුවට බාල රසකාරකයන් මිශ්‍රකර ආහාර පිසීමට යොදා ගන්නා බවත් මහජන පැමිණිලි රැසක් ලැබීම මීට හේතුව බවත් පාරිභෝගික අධිකාරිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන අවන්හල් විතරක් නෙවේ, හැම මාතර බත් කඩයකම, හැම හෝටලයකම අජින මොටෝ දානවා. කරපිංචා වගේ රසකාරක මොනවාවත් මේ අය දාන්නේ නැහැ. කඩෙන් කනවා නම් ඉතින් රසකාරක තමයි කන්නේ. මෙය නවත්වන්න.(නදී)
සහතික ලත් රසකාරක මොනවාද කියලා මහජනතාව දැනුවත් කරවන්ඩ. නරක දේ පත්තරවල පල කරනවා වගේ හොඳ දේත් නොදන්නා අපිට කියා දෙන්න.(නදී)
ජපානය,වියට්නාමය,පිලිපිනය,වැනි නැගෙනහිර ආසියානු රටවල් ඉතා අදික ලෙස කෘතිම රසකාරක භාවිතා කරනවා(දිල්)
පී.එච්.අයි මහත්තුරු කඩේට එන දවස කඩ හිමියා හොදටම දන්නවා. ඒ දවසට හොදට ඒ මහත්තයට සලකන හැටිත් දන්නවා. වැඩේ ගොඩ එතකොට.(නදී)
අවංකව මේ පර්යේෂණ කරන්න. නැත්නම් හරි පවු. ඒවා පලදෙන කොට රස නැහැ.(නදී)
අල්විස් ඔබ හරි, හොඳ දේවල් ගැන ලංකාදීපයේ පළකරනවා නන් වටිනවා.(නදී)
අල්ලසට යට නොවී අවංකවම ඒ රාජකාරිය හරි හැටි ඉටුකරලා හොරුන් ගෙන් පරිභෝගිකයාව බේරලා දෙන්න. මිනිස්සුන්ට වස විස කවනවට ඔය නිලදාරිනුත් හවුල්.(නදී)
චීන අවන් හල හැම එකකම අජිනමොටෝ දානවා.මේවාගේ කෑම විශේෂයෙන් දරුවන්ට දෙන්න එපා.(දිල්)
පුදුමයි අපේ "වී" මලයා මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් යයි නොකීම. සමහර විට තමන් සේවය කරන ස්වාමියා ඉතාමත් ආදරය කරන රටේ මිනිස්සුන්ගේ අහාර මේවා නිසා, ඊට හරස් නොවනවා විය හැකියි. අපේ පාලකයින්ට චීනයෙන් ණයට කන්න පුළුවන් නම් රටේ වැසියෝ අජිනමොටෝ කෑවහම මොකද? (නදී)
බොහෝ කෑම වලට , මොනෝ සෝඩියම් ග්ලුකොමෙට්එම්.එස්.ජී යොදනවා එමනිසා බොහොම පරිස්සම් වන්න එම්.එස්.ජී ගැන අන්තර්ජාලයට ගොස් කිය වන්න. (අ)
ජපානය වැනි රටවලත් රස කාරක ශාවිතා කරනවා. අධිකවද කියන්න දන්නේ නැහැ. කෘතිමත් නෙමෙයි මම හිතන්නේ. ලෝකේ වැඩිපුරම ජීවත් වෙන ජාතියක් ජපන්නු. ලංකාවේ බාල බඩු දාන එකයි ප්‍රශ්නේ.(නදී)