අහංගම කතලුවේ සංචාරක හෝටලයක නාන තටාකයට කිඹුලෙකු සිටිනු දුටු බව හෝටල සේවකයෝ කියති.
ඒ සමගම හෝටලයේ නවාතැන්ගෙන සිටි සංචාරකයෝද කිඹුලා දුර සිට නැරඹුහ. වැඩි වේලාවක් ගතවන්නට පෙර උදේ අටයි පහළොවට පමණ එක්වරම නාන තටාකයෙන් එළියට පැන්න කිඹුලා මහ මුහුදට දෙසට බඩ ගා ගිය බව හෝටලයේ සේවකයෝ පැවසූහ. කිසිවෙකුටත් කිඹුලාගෙන් අනතුරක් සිදුනොවීය.
කොග්ගල කලපුව මෝයකට ආසන්නයේ මුහුදට යාබදව මෙම හෝටලය පිහිටා තිබේ. කොග්ගල කලපුවේ සිටින කිඹුලෙකු මෝයකටෙන් පැමිණ බඩ ගා යද්දි නාන තටාකයට වැටෙන්නට ඇතැයි හෝටලයේ සේවකයෝ කියති. මෙම හෝටලය දකුණු පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහතාට අයත් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බමුණු මල්ලි මොකද්ද ටික ටික එලියට එන්නේ.(නදී)
මොකක්ද මේ කුරුඳු පොල්ලේ කතාව? විදේශයක ඉන්න අපි ඒක දැක්කේ නැහැ. කරුණාකර පල කරන්න. (නදී)
තටාකයේ ජලයත් එතරම් පිරිසිදු නැහැ නේද?(අ)
මේක තෙකඩයක් වෙන්න ඇති මොකද අපේ මැති ඇමතින්ට හෝටල් දන්නා සල්ලි නැහැනේ ටෙන්ඩර් කොමිස් පගාව පෙර්මිට් ගන්නෙම නැහැනේ ...(අ)
හොඳ වෙලාවට තටාකයෙන් ඇතිලියට නොගියේ.(නදී)
කුරුඳු පොලු තිබිල නෑද්ද ගහල පන්නල දාන්න (අ)
මෙම හෝටලයේ කළමණාකරණයේ සහ පිහිනුම් තටාක භාරකරුගේ නොසැළකිලිමත් භාවය මැනවින් පිලිබිඹුවෙනවා.බැරිවෙලාවත් සංචාරකයෙකු සපා කැවානම් මොකද ? වෙන්නේ ... මීට වඩා සැලකිලිමත් වීම නුවණට හුරුයි ....කාර්ය මණ්ඩලය සැලකිලි මත් වීම ඉතාමත් කාර්යක්ෂම වියයුතුයි (දිල්)
ඔයාලට උවමන වෙලා තිබුනේ , කිබුලා ගැන කියන්නද ? කිබුලා හිටපු තැන අයිතිකාරයා ගැන කියන්නද ?(නදී)
කිඹුල කුරුදු පොල්ලක් එහෙම අරගෙන ඇවිල්ලද කියල හොයල බැලුවොත් හොදයි.(නදී)
සහෝදරකමට බලලා යන්න එන්න ඇති.(නදී)
මෙයාව එවන්න ඇත්තෙ නායකත්ව මංඩලයෙන්.(නදී)
හොද වෙලාවට කව්රුවත් පූල් එකට බැස්සේ නැත්තේ නැත්නම් අනිවාර්‍යෙයන් අනතුරක් වෙලා..මේ ගැන හෝටල් අයිති කෙනා ටිකක් සංචාරකයන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් උනා නම් හොදයි. ආහ් මේ අර සතාගේ ලකුණ තියන පක්ෂයේ ගොරි දාපු මහත්තයානේ හා හා ඔහොම යං .(නදී)
කාටවත් කරදරයක් නොකර ආපු විදිහටම ගිය එක හොදයි (දී)
මන්ත්රී තුමා පක්ෂේ මාරු කරවද කියල බලනවා වෙන්න ඇති (දී)
ඔය එන්නේ ටික ටික එලියට (දී)
මෛත්‍රීට අපලයි මේ දවස් වල.. (දී)
ගඟේ බැහැලා නාන්න බයයි කිබුල්ලු ඇති කියලා දැන් තටාකයේ නාන්නත් බයයිනේ (දී)
කිඹුල්ලු තටාකෙට පැන්නේ වේලාව හොද නෑ වගේ (දිල්)
දන්නේ නැතුව බැස්සනම් කිබුලා බනිස් තමා!!!!! (දී)
තව මොනවා මොනවා ඇතිද මේ ඇත්තන්ට කිබුලෙක්ම පනින්න ඕන මේවා දනගන්න (දී)
මර බියක් ඇති වෙනවානේ මේවා දැක්කාම (දී)
කිඹුලවත් ඇත්ත එලි කරන්න ඕනැනේ.(නදී)
සුද්දෝ මුන්ව කනවනේ.(නදී)