මොරටු විශ්ව විද්‍යාලය අසල හෙරොයින් විකිණූ බව කියන එහි හිටපු සේවකයෙක් කුඩු පැකට් 3600ක් සමග අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලීසියෙන් lකියයි.
කුඩු ගැනීමට ආ බව කියන හයිබ්‍රිඩ් මෝටර් රථ හිමිකරුවෙක් කොට්ටාව ගල්කිස්ස 255 බස් රථයක කොන්දොස්තරවරයෙක්ද රියදුරෙක්ද බස්රථය සහ මෝටර් රියද අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔහු මොරටුව සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයන්හී හිටපු සේවකයකු බවද පොලිසිය කියයි.
ජාවාරමේ නියැලුණ බව කියන මහ මොලකරැ කටුබැද්ද සිරිබර මැණිකේපුර පදිංචිකරුවෙක් බව සඳහන් කරන පොලීසිය රියදුරු,කොන්දොස්තර සහ හයිබ්‍රිඩ් රථයේ හිමිකරු බණ්ඩාරගම,සුවාරිපොළ, කැස්බෑව යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බව පවසයි
ඔහුට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුද ඇති බව පවසන පොලීසිය මොහු වරින් වර බන්ධනාගාරගතවී ඇති බවද පවසයි
ඔහු ජංගම දුරකතන ඇනවුම් වලට අනුව ජංගම සේවයක්ද පවත්වාගෙන ගොස් ඇති බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය කුඩු අල්ලනවා හැබැයි අල්ලන් ආවට කුඩු වලට මොකද කරන්නේ අැත්තටම මේවට මොකද වෙන්නේ...(රේ)
මත් කුඩු මත් ද්‍රව්‍ය අල්ලනවා අල්ලනවා ප්‍රවෘත්තිවලටත් දානවා නමුත් මෙපන අල්ල කුඩුවලට මොදක කරන්න කියලා පුච්චනවාද වෙනත් විධියකට විනාශ කරනවාද කියලා පෙන්නන්නෙ නැහැ මේවාට මොකද කරන්නේ (අ)
සිරිබර මැණිකේ පුර...(බ)