කුරුණෑගල ප‍්‍රදේශයේ ලංකා සතොස වෙළඳ සල්වලින් මුදල් නොගෙවා භාණ්ඩ ලබා ගෙන රජයට රුපියල් ලකෂ 52 කට අධික පාඩුවක් කළ බවට හිටපු වෙළඳ ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට කුරුණෑගල මහාධිකරණය හමුවේ අද (22) නඩු පැවැරිණි.
ඔහුගේ පෞද්ගලික ලේකම් රාජ් මොහිදින් මොහොමඞ් සාකීර් සහ ලංකා සතොස හිටපු සභාපති කේ.එම්.ආර්. ප‍්‍රනාන්දු ද 2013 සැප්තැම්බර් මාසයේ පැවති මැතිවරණ සමයේ මුදල් නොගෙවා රුපියල් 52,75.000/-ක භාණ්ඩ ලබා ගෙන සාපරාධි සාවද්‍ය පරිහරණය කරන ලදැයිද නීතිපති මේ නඩුව පැවැරීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හොඳයි, හොරා හොරා කිය කියා දිගටම ඉන්නෙ නැතුව නඩුදාපු එක හොඳයි. වංචාවක් කලේ නැත්නම් ඒ බව ඔප්පු කරල නිදහස් වෙන්න පුළුවන්. (ර)
ගුරා හිටගෙන කරන දේ ගෝලයෝ දුව දුව කරනවා කියන්නේ නිකන්ද? (නි)
බුදු අම්මෝ මේක දේශපාලන පළිගැනීමක් මහින්දත් එක්ක සිටි කිසිවෙක් සොරකම් නොකරති. දේශ ප්‍රේමය වඩවනවා පමණකි. (බ)
පිස්සුද මන්දා? (හේ)
නීතියට වැඩ පටන් අරගෙන වගේ. (නි)
එතනෝල් ගෙනපුවම ඇති බදු වංචාවලට නඩු දාන්න (කෞ)
ලකෂ 52 ක්ද මෙයාට විරුද්ධව තිබෙන චෝදනාව? මීටවැඩිය ලොකු වරදක් කරලා නැද්ද ? පව් අප්පා! සුළු දෙයක්නේ. (නි)
අනේ අපේ මහජන නියෝජිතයෝ? (නි)