අනූනව අවුරුදු බද්දකට හිටපු යුද හමුදා ලුතිනන් වරයකු ගත් අක්කර 07ක රජයේ ඉඩමක, පරිභෝජනයට නුසුදුසු ලෙස මහා පරිමාණයෙන් කරගෙන ගිය කෘත්‍රිම රා නිෂ්පාදන මධ්‍යස්ථානයක් වටලා රා ලීටර 5000ක් සහ නිෂ්පාදනයට යොදා ගත් උපකරණ හා ව්‍යාජ බලපත්‍රයක් ද සමග හිටපු ලුතිනන් අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි.
ඔහුට ප්‍රබල දේශපාලනඥයකුගේ සහාය ඇතැයි කියති.
ලීටර 2000 ටැංකි දෙකක්, ලීටර 250 බැරල් 4ක්, රා ලීටර 5000ක් සහ ආවරණය කරන ලද ලොරියක් ද අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර වේ.
කෘත්‍රිම රා නිෂ්පාදනය කරන විශාල ටැංකියක තිබී මීකුණක් හමුවූ බව ද පොලිසිය සඳහන් කරයි.
ස්වභාවිකව රා නිපදවන බව පෙන්වීමට පොල්ගස් 200ක පමණ ලනු හා කඹ බැඳ අතුරු සකස් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල පෙරේරාට මේ වගේ දේවල් පෙනෙන්නේ නැත (නි)
මරු ලුතිනන්! මතට තිත තියන්න උදව් දෙන හැටිද මේ? (නි)
"ඔහුට ප්‍රබල දේශපාලනඥයකුගේ සහාය ඇතැයි කියති"- මෙන්න මෙතැනයි වැරැද්දේ මුල.(ස)
මහා පරිමාණයෙන් සිදුවන සියලු අපරාධවලට දේශපාලකොයෝ සම්බන්ධ බව මෙයින් පෙන්වන සත්‍යයයි. (ස)
හෙට වෙන කොට වැටලීම කල පොලිස් නිලදාරීන් යාපනයට මාරු කරලා තියේවි. ඊට පසු නඩුව එතැනින්ම ඉවර වේවි. (ස)
ඉදිරියටත් ඔහුට ප්‍රබල දේශපාලනඥයා ගේ සහාය ලැබෙනු ඇත . අද අපේ රටේ පවතින ක්‍රමය එයයි. (ස)
කොතන බැලුවත් හොරවැඩ, කවද්ද මේක හරියන්නේ?.......(ස)