අම්පාරේ දැයට කිරුළ ප්‍රදර්ශනයේ හිටපු ප්‍රධාන විධායක කාන්ති ගුණවර්ධනගේ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ඉවත දැමිණි.
රජයට රුපියල් තුන් කෝටි අනූ ලක්ෂයක් වංචා කළැයි රහස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
ඇගේ ඥාතියකුට අයත් සමාගමකට වැසිකිළි ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව හා රුපියල් ලක්ෂ පනහක් දී ඇත්තේ ගිවිසුම අත්සන් කිරීමට කළින් යැයි ද අධිකරණයේදී කියැවිණි.
ඇගේ පුතා ද එම සමාගමේ අධ්‍යක්ෂවරයකු බවත්, එකම වැසිකිළියක්වත් හදා නැති බවත් පොලීසිය අධිකරණයට කියා සිටියේය.
මහේස්ත්‍රාත් ගමගේ මහතා කියා සිටියේ මේ සමාගම නෑ සමාගමක් බව පෙනෙන බවයි.
ජාතික කාර්තව්‍යයකදී මීට වඩා වගකීමක් තිබිය යුතු යැයි මහේස්ත්‍රාත් අයට අපේක්ෂිත ඇප ප්‍රතික්ෂේප කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුල් හා නෑදෑ සම්බන්ධකම් ඇති හැම රටක්ම විනාශ වුණා. ළගම උදාහරණය උතුරු කොරියාව. ඊලගට? (නි)
ලංකාවේ මේක විතරද නෑ සමාගමකට තියෙන්නේ? අනේ කාලේ වනේ වාසේ කීවලු ! (නි)
ඔය කොයි සමාගමත් නෑදෑ සමාගමක් තමයිනේ (නි)
ඔය හැම උත්සවයකදීම කලා උළෙල සංවිධානය කරලා කෝටි ගණන් ගරන, අර ඉතිහාසය ද විකෘති කරපු අපකීර්තිමත් නළුවත් අත්අඩංගුවට ගත යුතුයි. (නි)
කෝටිගානක් වංචා කරනකල් ලොකු නිලදාරීන් මොකද කළේ? ඔය පිටුපස කව්රුහරි බලවතෙක් ඇති. මැයට උපරීම දඩුවම් දියයුතුය. (නි)
මහජන සල්ලි හොරා කාපු අයට කුඩුවම තමයි දෙන්න ඕනෑ. (නි)
මෙපමණ විශාල මුදලක් දීම තනිව කරන්න බැහැ.තවත් උසස් නිලධාරීන්ගේ අනුමැතිය ලබාගෙන ඇති.ඒ අය ගැනත් ටිකක් විපරම් කලොත් හොදයි. (නි)
නිතිය හරියටම හරි! (නි)
මෙවැනි වංචනිකයින්ට ෂරියා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි (නි)
ඔය වංචාකරුවන්ගේ දේපල රාජ සන්තක කළා නම් අනික් හොරුන්ටත් පාඩමක් ඉබේම ඉගැන්වෙනවා නේද ? හරියට කිරි අපුච්චාගේ දේපල වගේනේ,මිනිස්සුන්ගේ ඒවා ගසාකන්නේ (නි)
අරහෙ එගොඩට යන්න පාලමක් නෑතුව මිනිස්සු ඒ දන්ඩෙන් ගඟට වැටිලා මැරෙනවා. මෙහේ වැසිකිළියෙනුත් වංචා කරනව. (නි)
දැන් ඔය දේශපාලකයන්ගේ පුත්තු ලැම්බගිනි ගන්නේ තාත්තලාගේ පඩියෙන් ඉතුරුවෙච්ච සල්ලිවලට වෙන්න ඇති නේද? (නි)
මේවා දෙස අපි බලා සිටිමු (නි)
මෙයා පුංචි හාල් මැස්සියක් විතරයි.තෝරු මෝරු එළියේ වගේ. (නි)
දැයට කිරුලක් ජාතික අපරාධයක්. මෙවැනි අඅයට හිටවලා පස් ගහන්න ඕනේ.(නදී)
ඔය පවුල් හා නෑදෑයන්ගේ ප්‍රශ්න කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ (නි)
එතකොට කවුද මෙයා මේ තැනට දැම්මේ ? මේ පිටිපස්සෙන් ඉන්න මෝරු කවුද? ඕවා එළිවෙනවා බොරු. මොකද දැනටමත් ලොකු පුටු රත්වෙලා ඇත්තේ. (නි)
නිකන් අහිංසක ාකන්තාවට බණින්න එපා. දැනට එයා සැකකරුවෙක් පමණි (නි)
බෙදාගෙන කන්න ඉගෙනගෙන නැතිව වගේ. (ස)
හාල්මැස්සියෙක් හින්දද තුන්කෝටි අනූලක්ෂයක් ගහලා තියෙන්නේ? (නි)
මෙවැනි අයට හැකිතරම් සොයා බලා දරුණු දඩුවම් පමුණුවන්නේ නම් එය ලංකාවට විශාල උන්නතියකි (නි)
සල්ලි ගත් පුද්ගලයා දැන් ඉන්නේ පිට රට කියලා ආරංචියක් තිබෙනවා.හොයලා බැලුවොත් නේද හොද? මම දන්නා දෙයක් නිසා කිවුවේ (නි)