දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිපල අනුව හිටපු මහ ඇමැති ශාන් විජයලාල් සිල්වා මහතා මනාප 95860ක් ලබාගෙන ඉදිරියෙන් සිටී. සන්ධානයේ දෙවැනි තැන යූ ඩී ජී ආරියතිලක (48289)ත්, තෙවැනි තැන එස් අතුකෝරල (42532)ත් හිමිව ඇත.
මැතිවරණය සමයේ වැඩි කතාබහකට ලක්වූ ගීතා කුමාරසිංහ මනාප 26932ක් බලාගෙන අට වැනි තැන පසුවන්නීය.
එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට ගිය ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) මනාප 23643ක් ලබාගෙන 10 වැනි ස්ථානයට පත්ව ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයේ සන්ධාන පළාත් මන්ත්‍රී සංඛ්‍යාව 13කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොටම සුබ පැතුම්. මම දැනගෙන හිටියා අපේ ශාන් මහා ඇමති තුමා මේ පාරත් උඩින්ම දිනන බව. ඔබට මගේ උණුසුම් සුබපැතුම්.(නදී)
කොළඹ ,ගම්පහ නැද්ද තවම ? (නදී)
ගියපාරත් මහා ඇමති නම් ඇත්තටම නියම මනුස්සයෙක් (දී)
වැඩකරනවා නම් මිනිස්සු චන්දෙ දෙනවා (දී)
සුදුස්සාට සුදුසු තැන (දී)
බඩ තිබුනට වැඩකාරය (දී)
ඇඟේ හැටියට පේනවා සැහෙන්න වැඩ කරපු කෙනෙක් කියලා. (නදී)
එතකොට ලංකාවේ ජයලලිතා කෝ දැන්. රත්තරන් ලාබවෙලා ඒ අස්සේ! පිස්සු හැදෙන සඳ! (නදී)
ඇත්තෙන්ම ඔහු අවංක පුද්ගලයෙක් (නි)
අනේ! ගීත අක්කාට මොකද වුණේ? (නි)
මේකෙ වැටෙන අදහස් දැක්කම ඡන්ද ප්‍රතිඵලය කොච්චර සාධාරණද කියලා හිතෙනවා (නි)
ධීවරයන්ට උදලු තල දුන් අයට මොකද වුණේ? එයත් මාතරින් ඡන්දෙ ඉල්ලන්න තිබුනේ. (නි)
ඔහු වැඩකාරයා.... (නි)
මෙතුමා මොන පක්ෂෙන් ඉල්ලුවත්, ඡන්දේ දෙන්න වටිනා කෙනෙක්. එහෙම වෙලා තියෙනවා.. හැබැයි මහ ඇමති කම නම් දෙයි කියලා කියන්න බෑ.. ඒක තමයි දුක.(නදී)
ඒ වුණාට එක්කෙනෙක් පසුගිය දිනවල හැසිරුනේ, එයා ඡන්දෙටත් කලින් මහා ඇමතිකම අරගෙන වගේ. දැන් බැලුවම එයාට නිසි ප්‍රතිචාරය ඡන්දදායකයන් ලබා දීලා වගේ (නි)
අනේ! එයා යන්න ගියා... අපිව දමා යන්න ගියා... (නි)
අනුනට කපන වලේ තමන් වැටෙන බව සිතා ගන්න අජිත් මහත්තයෝ.(නදී)
අයියෝ! අපේ ගීතා අක්කාට මොකද වෙන්නේ එතකොට? (නි)
ඔහු ආදර්ශවත් චරිතයක්. (නි)
රන්දිමට වඩා සම්පත් මනප ගත්ත එක වටිනවා. සම්පත් පරාද කරන්න අරයා නොකරපු දෙයක් නැහැ. අඩුගනෙ හිනිදුම එක මැතිවරන කාර්යාලකවත් පොස්ටරයක් වත් ගහන්න දුන්නෙ නැහනෙ. අසාදාරනයට විරුද්දව මිනිස්සු පෙල ගහුනා. ගාලු ජනතව ගැන අඩම්බරයි.(නදී)